ලා රත් පැහැය අත් හැර
දවල හිරු හා හැප්පෙන
නිල්ල වැදි තුරු පත්වල
අතු රිකිලි ඇද සිඳ බිඳ
සෙවනැලි මකා කුමට ද
දුරින් හිඳගෙන ළඟින් බැලූවම
පත් මැවූ සිත්තම්වල
අවමාන ඇද පළුදු
හිරු වැදුණු එළි ලකුණු
පෙනෙණු ඇත නුඹට
පහර කෑ පුන් සඳ මත

වගක් නැති පැහැයක් ගෙන
ඉසිනු ඇත තරු එදින ම
අඳුර අත්හළ දහවලක වුව
තුරුහිසින් බැස සෙවනැලි
රැුයක පැහැයට හැරුණු අන්දම
තවම කවුරුත් දන්නැතී
- තාරිකා තත්සරිණි -
ලස්සනයි අනේ
ReplyDeleteතවම කවුරුත් දන්නැතී
ReplyDeleteපුන් සඳ මත සිත්තම්
ලා රත් පැහැ ඔබ
දුරින් හිඳ බැලූවම
ලස්සනයි