Monday, June 26, 2017

වස්සානයේ අගිස්ස




දෑත් පටලා හීන අසපුවේ
පිය නගන පෙම් සරසවි
කියා යනවා මගෙ ම වී
මගෙ නොවුණු පෙම් හීනෙක හැටී..
නුඹත් හිටියානම් මෙහි
තුරු හිසින් දැරූ මල් පෙති
වසන්තය ගෙන බිමින් නොතිය යි
රෝබෝරෝසියා
මල් ඉතී....................



-තාරිකා තත්සරිණි -

Saturday, June 24, 2017

පුරමි පාරමී




පිටකොටුවේ මහ බෝ රද 
බුදු වන්නට සිත් නැතුව ට 
දාන පාරමිතා පුරන
විරිය පාරමිතා වඩන 
ශීල පාරමී බිඳගත් 
මතු බුදු වන මෑණියන් ට
පිං නොතකා සෙවන සදන
රන්වන් පාටින් දළුලන
නුඹ සෙවනේ හිඳ රෑයම 
දන් දෙති මල් මොනරු නමට 
කිරිපිඬු දුන් සුජාතාවෝ 
පිටුපාගෙන  යන අරුමය
තපස්සු බල්ලුක නැතුවට 
කුස තණ අතුරන්න නුඹට
දුක වෙනුවට මොනරු පුදන .....
දෙව්දත් බුදුවන උදයක
රත් සඳ පායන් එනකොට
සිල් රැකපන් පුතුගේ නම ට ..

-තාරිකා තත්සරිණි-

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...