Saturday, May 20, 2017

සම්ප්‍රදායෙන් නොගිලිහුණ ඓතිහාසික පානම් පත්තුව


නැගෙනහිර පළාතේ ඓතිහාසික දිගාමඩුල්ල දිස්තික්කයට අයත් ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති පානම්පත්තුව සුන්දර ගම්මානයකි. මුල් කාලයේ දී පානම් පත්තුවණි ලාහුගලණි හුලංනුගේණි පොතුවිල්ණි කෝමාරිණි බක්මිටියාව දක්වා ම පානම නමින් හඳුන්වයි. නමුත් පසු කලෙක ඉන් මුස්ලිම් ජනාවාසයක් වෙන් කර පානම ණි ලාහුගල ණි හුලංනුගෙ යන සීමාවෙ වෙන ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් බවට පත් කරන ලදී. එක් පැත්තකින් කළපුවකින් ද අනෙක් පැත්තකින් මුහුදින් ද තවත් පැත්තකින් කතරගම දක්වා ද දිවෙන රක්ෂිතය ට දිවෙන මහා වනාන්තරයෙන් ද වට වූ පානම ගොඩබිමට සම්බන්ධ වන්නේ එක් පැත්තකින් පමණයි. ඉන් පානම විශේෂ වන්නෙ නැගෙනහිර වෙරළ තීරයේ ඇති ඓතිහාසික ග්‍රාමයක් වීම නිසා ම ය.

1818 ඌව වෙල්ලස්ස කැරැල්ලේ දී විනාශ වූ වැවු අමුණු හැරදා පසුබසින ලද සිංහල සේනාව කැලෑ වැදී ය. එසේ වැදී සැඟවුණේ නැගෙනහිර පළාතේ පානම් පත්තුවේ ඒ එක් මතයකි.1818 ඌව වෙල්ලස්ස කැරැල්ලේ දී ඉංග්‍රිසි හමුදාව ට බඳවා ගත් සිංහල තරුණ පිරිස් මෙම ප්‍රදේශයට පැන ආ බව දෙවනි මතය යි. මෙසේ පැන ආ සිංහල පිරිස් දමිළ කාන්තාවන් හා විවාපත් වූ අතර පානම ගම්මානයේ සිංහල- දමිළ සංස්කෘතියේ සම්මිශ්‍රණය එතැන් පටන් මුහු වූ බව කියවේ.

පානම යනු ස්වයංපෝෂිත ගම්මානය කි. එසේ වීම ට හේතුව ඔවුන් තමන්ට අවශ්‍ය දෑ තම ප්‍රදේශය තුළ ම වගා කිරීම ට හුරු වී තිබීම යි.16ූ12 දී පානම් පත්තුවේ එක් රජ කෙනෙක් රජකම් කර ඇත. ඔහු නුවර රජුගේ සේනාව ට මසක් සඳහා අවශ්‍යවන ආහාර පාන මෙම ප්‍රදේශයෙන් ම සපයන ලදී. පානම සිට කතරගමට යන තෙක් ම අදටත් දක්නට ලැබෙන වෙල්යාය ඒ සඳහා සහල් සැපයීම ට වගා කළ බව කියැවේ.

1930 දී මාර්කණ්ඩි නම් වූ මුදලාලි කෙනෙක් විසින් මෙම ප්‍රදේශයේ අක්කර 35 ක් පමණ ප්‍රමාණයක් මිලට ගෙන තිබේ. එය වැපිරීම සඳහා ඔහුට හීනටි වී ලැබී ඇත මේ නිසා ණය වීම ට සිදු වූ ඔහු තම ඉඩම් විකුණා දමා ඇත නමුත් මෙම ගනුදෙනුව මුදල් මත සිදු වූවක් නොවේ. තමන් වෙත හරකාබාන ලබා දෙන්නන් හා ඔහු එම ඉඩකඩම් හුවමාරු කර ගන්නා ලදී. එසේ ලැබූ ඉඩම්වල හීනටි වී වගා කර ඇති හෙයින් එම ප්‍රදේශයන් හීනටි පෝඩියාර ලෙස ව්‍යවහාර මෙහි දී හරක් බලා ගැනීම සඳහා අවට ප්‍රදේශයන්ගෙන් ගෙන්වාගෙන ඇත්තේ දමිළ ජනතාව ය.මේ නිසා සිංහල-දමිළ සම්මිශ්‍රණය සිදු වූ බව ද කිය වෙයි. කෙසේ වෙතත් උහන, දිගන, වීරකැටිය, කල්මුනේ යන ප්‍රදේශවල ජීවත් වූයේ දමිළ ජනතාවයි. ඔවුන් හා සිදු වූ අවාහ විවාහ හේතුවෙන් ප්‍රතිශතයක් වශයෙන් පනහට පනහ සිංහල - දෙමළ ජනතාව පානම තුළ අදටත් ජීවත් වෙති.

මූලික අවශ්‍යතාවයන් පමණක් ඉටු කර ගනිමින් සරල දිවි පෙවෙතකට හුරු වූ පානම ජනතාව ට උප්පැන්න සහතික, හැඳුනුම්පත් ආදියෙහි අවශ්‍යතාවයක් නොවී නමුත් තමුන්ගේ ළමයින් හට උප්පැන්න ලබා ගැනීම ට ඔවුන් ට මඩකළපුවේ කච්චේරිය ට යාම ට සිදු විය.බොහෝ විට එහි කාර්ය මණ්ඩලය මෙන්ම නිළධාරි මණ්ඩලය ද දමිළ සහ මුස්ලිම් ජාතිකයන්ගෙන් සමන්විත එබැවින් එහි බොහෝ දෙනා භාවිත කළේ දමිළ භාෂාව යි. ඒ අනුව සිංහල නම් වුවත් දෙමළ උච්චාරණයන් ට අනුවඋප්පැන්න සහතිකවල ලියැවිණි. නිදසුනක් ලෙස කුරුවිට බණ්ඩාර යන නම ගුරුවිට පණ්ඩාර හෝ වණ්ඩාර ආදි ලෙස ලේඛනය මෙම සම්මිශ්‍රණය නම්වලට පමණක් නොව ගම්වලට ද සංස්කෘතියට ද බලපාන ලද්දකි. පානම් පත්තුවේ දැකිය හැකි සංස්කෘතික ම ය විශේෂත්වය ට හේතුවක් ලෙස එය හැඳින්විය හැකිය.පානම සිටින සිංහලුන් අතරින් බොහෝ දෙනෙක් උඩරට ගොවිගම යන කුලයට අයත් වූවෝ වෙතනමුත් මේ මුහුන් සංස්කෘතිය තුළ ඒ ඒ පුද්ගලයාගේ මුල් ජාතිකත්වය හඳුනා ගැනීමට හැකියාවක් නොමැත .එබැවින් පානමට ආවේණික වූ භාෂාවක් මෙන්ම සිරිත්-විරිත් සහ චාරිත්‍ර - වාරිත්‍ර ද පවති යි.

ඇදහිලි සහ විශ්වාසයන් ද ඔවුන් තමන් ට ආවේණික ලෙස සිදු කරන්නකි. පානම ජනතාව පත්තිනි ඇදහිල්ල ප්‍රධාන වශයෙන් සිදු කරන අතර කතරගම දෙවියන් සහ අලුත් බණ්ඩාර දෙවියන් ද අදහනු ලබති. ශ්‍රී ලංකාව තුළ එකම නගරයක හෝ එක ම ග්‍රාමයක් තුළ විවිධ ආගම් හෝ ජාතින් පදනම් කරගනිමින් විවිධ උත්සව පවත්වනු ඇත . නමුත් පානම් පත්තුවේ දක්නට ලැබෙන ප්‍රධාන උත්සවය නම් අංකෙළිය යි. අංකෙළිය වූ කලී පත්තිනි මෑණියන් මුල් කරගෙන පවත්වනු ලබන පූජෝත්සවය කි. එය සිංහලෙන් අං ඇදීම ලෙසත් දෙමළෙන් කොම්බු විලෙයාඩු ලෙසත් හඳුන්වනු ලබයි.
පත්තිනි සහ පාළඟ යන දෙපළ අතර වූ එක් සිදුවීමක් මේ සඳහා පදනම් වී ඇත. දිනක් ඔවුන් දෙදෙනා ගමනක් යන අතරමග සපුමලින් පිරි වෘක්ෂයක් දුටුවෝ ය. ඉන් මල් නෙලා ගැනීම ට පත්තිනි ට අවශ්‍ය විය. එනිසා කෝවලන් එනම් පාළඟ ගසට නැග්ගේ නමුත් සුළඟට අතු සෙලවීම හේතුවෙන් එය අපහසු විය. මේ දුටු පත්තිනි තම පතිවෘත්තා බලයෙන් කෙකි දෙකක් මවන්නී එකක් පාළඟ කුමරුටත් අනෙක තමා වෙතත් තබා ගනිමින් මල් නෙළීමට සූදානම් විය. මෙහි දී ගස මත්තේ උන් ලෝවලන්ගේ කෙක්කත් ගස යට උන් පත්තිනියගේ කෙක්කත් පැටලෙන්න ට විය. ඉන් පසු ඔවුන් දෙදෙනා එය දෙපැත්ත ට අදින ලදී. මින් ජයග්‍රහණය ලැබූ කන්නකී හෙවත් පත්තිනි තම සේවිකාවන් සමඟ අත්පොළසන් දෙමින් නටන්න ට විය. මෙම සිදුවීම් දාමය අනුව පානම් පත්තුවේ පුරුෂ පාර්ශවයන් දෙකක් අතර අං ඇදීම සිදු කිරීම අං කෙළිය නමින් හැඳින්වේ .

අං කෙළියේ දී කෝවලන්ගේ කණ්ඩායම උඩුපිල ලෙසත් කන්නකීගේ කණ්ඩායම යටි පෙළ ලෙසත් හැඳින්වේ. මෙහි සම්බන්ධතා පීතෘවංශිකව ගොඩ නැගෙන්නකි. කොම්බු විලයාඩු හීදි උඩුපිළ“වඩ සේරී” ලෙසත් යටි පෙළ “තෙන් සේරි” ලෙසත් හැඳින්වේ.
අං කෙළිය ලෙස හැඳින්වූව ද පානම් පත්තුවේ මේ සඳහා යොදා ගන්නේ එල් හැඩය ( L ) හැඩය සහිත වෘක්ෂ මුල් දෙකකි. මෙහි දී යටිපෙළ ජයග්‍රහණය කිරීම වඩාත් සුබදායී ලෙස සැලකේ. කෙසේ වෙතත් අං කෙළිය පිළිබඳව මුල් ලේකනයක් ලෙස අපට හමු වන්නේ රොබට් නොක්ස් විසින් ලියන ලද

An Historical relation of the island of Ceylon in the east indies (1681)” කෘතියෙනි. මේ වන විට විවිධ ප්‍රදේශයන්ගෙන් ගිලිහී ගිය අංකෙළිය අදටත් පානම් පත්තුවේ නොනැසී පැවැත්වීම විශේෂ කාන්තාවක් මුල් කරගත් පදනමකින් මෙම ක්‍රීඩාව මෙන් ම පූජෝත්සවය පැවතිය ද ඊට පානම් පත්තුවේ කාන්තාවන් මෙන් ම වෙනත් කාන්තාවන් ට ද සහාභාගී වීමට නොහැකි වීම එක්තරා අයුරකින් අසාධාරණයක් ලෙස දකින්නෝ ද වෙති. මීට එක් හේතුවක් ලෙස පානමේ දී අපට අදහස් දැක් වූ වැඩිහිටි පිරිස කියා සිටින්නේ මෙම ක්‍රීඩාවේ දී පුරුෂ පාර්ශව දෙක විසින් ඒ ඒ කණ්ඩාවම් වෙත කියා ගන්නා අසභ්‍ය ප්‍රකාශන හේතුවෙන් බවයි.

යාතුකර්ම ක්‍රීඩාවක් වුව ද සිංහල - දෙමළ සහයෝගයේ අපූර්වත්වය මෙන්ම ජාතික සංහිඳියාවේ යථාර්ථය අදටත් දක්නට ලැබෙන ග්‍රාමයක් ලෙස පානම් පත්තුව හැඳින්විය හැකි ය. අනන්‍ය වූ සංස්කෘතියක් වටා සමාජානුයෝජනය ලැබූ පානම්වාසින්ගේ සුහද ශීලීත්වය මෙන් ම සංග්‍රහශීලීත්වය ද නිර්ව්‍යාජ වූවකි. සම්ප්‍රදායෙන් නොගිළිහුණු පානම් පත්තුවේ ආශ්චර්ය නම් එය නොවේ ද?

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...