Saturday, August 12, 2017

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ 
මණ්ඩපය ගිනි ගත්ත සයනේ 
කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ 
බන්ධනය වැදි රජක සරණේ 

ගනු කඩුව ඇන මරනු සැණෙකින 
පංච ශීලය රකින වැදි රජ 
මන්ද උදුරා ගත්ත අසිපත
බැන්ද සුහදා හද දෙපළු කර 

පුෂ්පයෙන් වන වැදුණු අරණේ 
දාහයෙන් හිරු මැඩුණු ගුවනේ 
ආලයෙන් කිම සබඳ වෙළුණේ 
පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ 

වෘක්ෂයෙන් පත කණ්ඩණය වෙද 
පද්මයෙන් බිඟු බන්ධනය වෙද 
පේ‍්‍රමයෙන් මන රංජනය වෙද 

- තාරිකා තත්සරිණි -

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...