මණ්ඩපය ගිනි ගත්ත සයනේ
කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ
බන්ධනය වැදි රජක සරණේ
ගනු කඩුව ඇන මරනු සැණෙකින
පංච ශීලය රකින වැදි රජ
මන්ද උදුරා ගත්ත අසිපත
බැන්ද සුහදා හද දෙපළු කර
පුෂ්පයෙන් වන වැදුණු අරණේ
දාහයෙන් හිරු මැඩුණු ගුවනේ
ආලයෙන් කිම සබඳ වෙළුණේ
පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ
වෘක්ෂයෙන් පත කණ්ඩණය වෙද
පද්මයෙන් බිඟු බන්ධනය වෙද
පේ‍්‍රමයෙන් මන රංජනය වෙද
- තාරිකා තත්සරිණි -
This comment has been removed by the author.
ReplyDeleteසූවඳ විදහල සැමට සමසේ
ReplyDeleteදෛවයයි සැම මලක උරුමේ…
ලබා ගන්නට බැරිවු මනමේ…
කුමරි පින් මඳ බවයි දැනුනේ……
සෙනෙහසයි ඒ තරුණ මනමෙ කුමරුගෙ
ReplyDeleteවසවාසයයි තිබුනෙ ගැන කුමරිය
නෙක දනන් අවලාද නැගු මුත් ඈ හට
විස්වාසයයි තිබුණෙ ඈ හට තම පති ගැන
එ නිසයි අසි දුන්නෙ වැද්දට
පුලුවන් ද බල සටනින් දිනන්නට පති
මනමෙ තම පති සුවිරු සටනෙහි
ඇයිද මනමෙට නැතිව පතිනිගෙ
හද හැඳින ගන්නට නිනව්වක්...
වැදි රජුන් ඒ විරාමය ගෙන
මනමෙ හිස සිඳලීය සැනෙකින්
කුමරි අසරණ වීය සැනෙකින්
පැතුවෙ එනිසයි හිමගිර පතිනි බව....