ලා රත් පැහැය අත් හැර
දවල හිරු හා හැප්පෙන
නිල්ල වැදි තුරු පත්වල
අතු රිකිලි ඇද සිඳ බිඳ
සෙවනැලි මකා කුමට ද
දුරින් හිඳගෙන ළඟින් බැලූවම
පත් මැවූ සිත්තම්වල
අවමාන ඇද පළුදු
හිරු වැදුණු එළි ලකුණු
පෙනෙණු ඇත නුඹට
පහර කෑ පුන් සඳ මත
ආවාට සිත්තම්වලවගක් නැති පැහැයක් ගෙන
ඉසිනු ඇත තරු එදින ම
අඳුර අත්හළ දහවලක වුව
තුරුහිසින් බැස සෙවනැලි
රැුයක පැහැයට හැරුණු අන්දම
තවම කවුරුත් දන්නැතී
- තාරිකා තත්සරිණි -
ලස්සනයි අනේ
ReplyDeleteතවම කවුරුත් දන්නැතී
ReplyDeleteපුන් සඳ මත සිත්තම්
ලා රත් පැහැ ඔබ
දුරින් හිඳ බැලූවම
ලස්සනයි