Sunday, July 30, 2017

ගිනියමට අතවනන - මැදියමකි හිතවත්කම



ලා රත් පැහැය අත් හැර
දවල හිරු හා හැප්පෙන
නිල්ල වැදි තුරු පත්වල
අතු රිකිලි ඇද සිඳ බිඳ
සෙවනැලි මකා කුමට ද

දුරින් හිඳගෙන ළඟින් බැලූවම
පත් මැවූ සිත්තම්වල
අවමාන ඇද පළුදු
හිරු වැදුණු එළි ලකුණු
පෙනෙණු ඇත නුඹට

පහර කෑ පුන් සඳ මත
ආවාට සිත්තම්වල
වගක් නැති පැහැයක් ගෙන
ඉසිනු ඇත තරු එදින ම

අඳුර අත්හළ දහවලක වුව
තුරුහිසින් බැස සෙවනැලි
රැුයක පැහැයට හැරුණු අන්දම
තවම කවුරුත් දන්නැතී

- තාරිකා තත්සරිණි   -




2 comments:

  1. ලස්සනයි අනේ

    ReplyDelete
  2. තවම කවුරුත් දන්නැතී
    පුන් සඳ මත සිත්තම්
    ලා රත් පැහැ ඔබ
    දුරින් හිඳ බැලූවම
    ලස්සනයි

    ReplyDelete

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...