Sunday, July 30, 2017

ෆූජියාමා පේ‍්‍රමයක් ළඟ සකුරා මල් ඇවිලෙන හැටී



වසාගෙන ගිනි දල්ල අහසට   හිනා වෙන ගිනි කන්දක් 
මකාගෙන දුක බලා උන්නම   උඹ දකියි හිම කන්දක් 
සකුරා මල් හිතවතිය තවමත් දුරය නුඹ ගවු ගණනක් 
නැවත එන වග කියූ සුළඟත්  මුසාවක් කියු ඇත්තක් 

දුරින් ඉඳගෙන හොරෙන් බැලූවම  හිම තුහින මහ වැස්සක් 
ඇසින් ඇස දැක ඔහේ උන්නම  උඹ දකියි එක පැත්තක් 
හිතෙන් හිත බැඳ ළඟින් උන් දින හීනයත් මල් වත්තක් 
සිතෙන් විඳගෙන විතෙන් පෙවුනම ජීවිතේ මහ තිත්තක් 

ඉරත් උන්නේ දවා ගිරි හිස    ගෙවෙනකන් තුන් වරුවක් 
දිනක් එන්නෙනම් හිමෙන් ගිනි 
  නිවනු හැකිවන දවසක් 
වසන් වෙන්නේ දිනක් ඉල්ලූ    හිතවතියකගේ කඳුළක්
මමත් ඉන්නේ උදාවන තුරු  
 මළවුන්ට අවුරුද්දක්  

3 comments:

  1. ලස්සනයි අක්කා.....

    ReplyDelete
  2. හිතට වැදුන කවියක් .... සුබ පැතුම් මරියා

    ReplyDelete

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...