Sunday, July 30, 2017

ආයෙමත් එනවාද දුයිෂෙන්



අළු පාට හීනයක
විනිවිඳින මතකයන් සඟවමි
පැටලැවුණු කවි අතර
ජීවිතේ රස තැන් විමසමි
අපැහැදිලි  සිත්තමක්
පැහැදිලි කඳුළකින් බොඳ වුණි
නුඹ විඳිමිදුර හිඳිමිමතක සැමරුම් දකිමිසැනසෙමි

නිල්ල සුණු කළ තැනෙක
තැල්ලකට හීනයක් කැඳවපූ
රැල්ල ඇවිදින් හැපුණු
වැල්ල මත සටහනකි ඉතිරි වූ
බැන්ද සෙනෙහස තවම
බින්දකුත් අඩු නැතිව ඉතිරි වූ
මෙල්ල කළ වස්සානේ
පුංචි ගමනක් මග නැවතුණු

වින්ද රිදුමක් වුණත් කන්ද තරමින් නුඹය ඉහිලුව
බැන්ද වචනෙක වුණත් නැද්ද දැනුනේ විසල් ප්රේමය
කැන්දගෙන යනු බැරුව සින්ද මල් බිම හෙළා වැළපුණ
මන්ද දුයිෂෙන් සබඳ,
බින්ද හදවත මැදම නැවතුම ?


- තාරිකා තත්සරිණි -

No comments:

Post a Comment

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...