Saturday, July 1, 2017

කෝකියා



තරු වඩින හින්දා ම
පොළොවට ම  බර වුණා
තරු නිතර වඩින සඳ
දෙව් ලොවක සිරි ගෙනා
රති විරති පස ඉඳුර
සැනසුමෙන් සැනසෙනා
බලධාරි අවන්හල
මොනරුන් ට හිනැහුණා
පැනි රසට මිරිස් කන
තනි කමට පිරිස් එන
කකා කී කතා මැද
උසස් කුස් පුරවනා

තරු නොමැති කතාවක
චරිත අමතක වුණා

දැලි නොදුටු ගිනි අසල
සුදු වතින් සැරසුණා
යනෙන සඳ තරු අසල
රස නහර පිනවනා
ඇසුවේද කවුරුවත්
කෝකියා කෝ කියා ???

-තාරිකා තත්සරිණි -

3 comments:

  1. සාරයි බස ලතෙත්.... අත්දැකීම සුලභ වූවත් පැවසීම අපූරුයි.... 💐

    ReplyDelete

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...