Thursday, July 13, 2017

අමතක කරයි නම් ඔබ මාව- If you forget me by Pablo Neruda

අවැසි වේ
ඔබට දන්වන්න
යමක්

කෙසේද යත් ඔබ දනී
මම බලයි නම්
මගේ කවුලුවෙන්
රත් පැහැ මන්ද සරා කලෙහි
සුපැහැදිලි සඳු දෙස.

මම ස්පර්ෂ කරමි නම්
ගින්දර අභියස
අස්පෘෂ්ඨ භෂ්මාව
නැතිනම් දර කොටෙහි
රැළි ගැසුණු දේහය
පවතින හැම දෙයක් මෙන්
මා ඔබට ගෙන යන
සුගන්ධය, එළිය, ලෝහය
මා එනතුරු බලා සිටින ඔබේ දූපත් දෙසට
යාත්රාු කරන
පුංචි ඔරුවල තිබිණි

දැන් කදිමය
ටිකෙන් ටික ඔබ මට
පෙම් කිරීම නතර කරයි නම්
මමත් ඔබට පෙම් කරීම
හෙම්හිට නතර කරන්නම්

එකෙනෙහිම
මාව ඔබ
අමතක කරයි නම්
මාව නොසොයන්න
එවිටත් මම ඔබව අමතක කොට තිබේවි
ඔබ උමතුවෙන් මෙන් බොහෝ කල්
හිතයි නම්
ලියූ වදන් සුළඟ
මගේ ජීවිතය තුලින් හමා යයි
එවිට ඔබ තිරණය කරයි
මගේ මුල් ඇති හදෙහි
වෙරළේ දී මාව හැරයන්න

මතක් කරන්න
එදින
එපැය
මගේ අත් ඔසවාවි
මගේ මුල් පලායාවි
සොයාගෙන වෙන බිමක්

එනමුත්
හැම දිනකම
හැම පැයකම
ඔබව මට උරුමව ඇති බව
බද්ධ ක්‍රෝධ  මිහිර ඇතිව
ඔබට හැඟේ නම්
හැම දිනකම මලක්
මාව සොයා
ඔබේ තොල් මත නගී නම්
අහා.. මට හිමි අහා... මගේ ප්‍රේමය
මා තුලැති ගිනි
යලි මෝදු වේවි
නිවන්නට හෝ අමතක කරන්නට
කිසිත් නැත මා තුල
මගේ ප්‍රේමය
ඔබේ ප්‍රේමය පෝෂණය කරයි පෙම්බරව
ඔබේ තුරුලෙහි රැඳේවි
ඔබ ජීවත්වන තුරාවට
මගේ ප්‍රේමය හැර නොයා




PABLO NERUDA









(පරි) උදය ආර්. තෙන්නකෝන් - UDAYA R. TENNAKOON

No comments:

Post a Comment

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...