Wednesday, October 26, 2016

 

සමාජ සංවර්ධනයෙහි ලා ආගමික සන්නිවේදනයෙහි වැදගත්කම

 

 

 


බොදුනුවන්ට අනුව වැසි සහිත මාස හතරෙන් අවසාන මාසය චීවරදාන සමයයි. වස් කාලය ශික්ෂාපද ආරක්ෂා කරමින් වැඩ වසන හිමිපාණන් වහන්සේලාට වස් පවාරණ විනය කර්මයෙන් ඉක්බිති කඨිනස්ථාරය නම් විනය කර්මයට අවස්ථාව උදාවෙයි. එය ආගමික කාරණා සන්නිවේදනයේ එක්තරා කෘත්‍යයකි. බුදුන් වහන්සේ මෙලොව පහල වූ විශිෂ්ඨතම සන්නිවේදකයා වශයෙන් සැලකෙයි. බුදු හිමියන් දේශනා කළ සන්නිවේදනයෙහි බලය අදටත් පවතින බවට කඨින පූජාව උදාහර

ණයකි. බුදුන් ජීවමානව විසූ සමයේ වැසි කාලයේ දී පිණ්ඩපාතයෙහි ඇතුළු අවශ්‍යතා සඳහා චාරිකාවේ හැසිරෙන භික්ෂූන් වහන්සේ නොදැනුවත්ව තණ පැලෑටි නසමින්, කුඩා සතුන් පාගමින් තෙත බත්ව ඇවිදින විට දෝෂාරෝපණයට ලක්ව තිබේ. ඒ බව සලකා වස් කාලසීමාව සහ කඨින සිවුරු පූජාව බුදු රජාණන් වහන්සේ අනුදැන වදාල බව බෞද්ධ පොත පතෙහි ස`දහන්ය. එය බලවත් සන්නිවේදනයක් වශයෙන් අදටත් පවතියි.

බුදු හිමියන් ප‍්‍රකාශ කළ වදන ව්‍යවහාරයක් වශයෙන් මුලින් පවතින්නේය. පසුව එය පුස්කොල පොතෙහි ලියැවෙයි. ධර්ම පොත් වශයෙන් මුද්‍රණය වෙයි. ගුවන් විදුලිය මගින් ඇහෙන්නට සලස්වයි. ආරම්භයේ දී ගුවන් විදුලිය සීමිත විකාශයකි. දැන් අන්තර් ජාල විකාශයක් වශයෙන ලෝකය පුරා විහිදෙන ප‍්‍රචාරයකි. රූපවාහිනිය, අන්තර් ජාලය එම අන්තර් ජාලය ඔස්සේ ෆේස්බුක්, ටිවිටර් වැනි සමාජ සන්නිවේදන ක‍්‍රම බහුලව උපයෝගී වෙයි. බුදු රජාණන් වහන්සේ ගේ දේශනා වසර දෙදහස් හයසියයක් පවතින්නේය. එසේ පවතින මුල් කාලය අද වැනි ඉතාමත් දියුණු සංකීර්ණ සන්නිවේදන භාවිතාවක් නොතිබුණි. එවැනි පසුබිමක් තුළ පවා ධර්මය පරම්පරාගතව ආරක්ෂාවිම බලවත් සන්නිවේදන ව්‍යුහයක ලක්ෂණ පෙන්වයි.

බුදු දහම පමණක් නොවේ. කිතුනු, හින්දු, ඉස්ලාම් හින්දු සැම ආගමකම සන්නිවේදන ආකෘතියක් තිබේ. මෙම ආගමික දර්ශනය තුළ ගැබ්ව ඇත්තේ සන්නිවේදනයේ ප‍්‍රබලත්වයයි. ජනතාව අතරට ගොස් කරන දේශනාව තුළින් ජනතාව දිනාගෙන ඔවුන් එහි අනුගාමිකයන් සරණ ගිය බැතිමතුන් බවට පත්කරන්නේ සන්නිවේදනයෙහි දක්ෂතා පෙන්වූ ආගමික සාස්තෘන්ගේ අනන්‍යතාවයයි. එයින් කියැවෙන සත්‍ය, සත්‍ය කෙරෙහි ඇතිකරගන්නා විශ්වාසය සහ එය තුළින් ලබන ජීවිත සරණ ජනතාවගේ පරමාධ්‍යාශය බව පෙනේ.

අද වන විට ආගමික සන්නිවේදනය කෙබඳුද? අපට ප‍්‍රශ්න කරන්නට අවස්ථාවක් තිබේ. ආගමි නායකයන් ස්වකිය දර්ශනය ජනතාව අතර බෙදා දුන් කාලයට වඩා දියුණු සන්නිවේදනයක් අද තිබේ. මේ අතරවාරයේ පෙන්වන්නේ සන්නිවේදන මෙවලම්වල දියුණුවයි. ක්ෂණයකින් ලෝකය ආමන්ත‍්‍රණය කරන්නට සන්නිවේදනයට ඇති හැකියාවයි. නමුත් ඒ සියලූ දියුණු පැතිවලට ආගමික සන්නිවේදනය සාර්ථක එකක් කරගන්නට ඉඩ දී තිබේද? ආගමික සංන්නිවේදනය එකිනෙකට වෙනස් තරගකාරි ව්‍යුහයකට ගමන් කර ඇති නමුත් ජනතාව අපේක්ෂා කරන සැනසිල්ල ඇති කරන්නට එය අනුබලයක් වන්නේ නැත. සලකා බැලිය යුතු වැදගත්ම කාරණය එයයි.

බුදු දහම සන්නිවේදනය කිරීමේ දී මුද්‍රණය වන පොත පත ගැන නොයෙක් විවේචන තිබේ. මෑතක දී පරිවර්තනය වූ ත‍්‍රපිටකය දෝෂ සහිත බව කියන්නේ වියත් හිමිපාණන් වහන්සේලාය. වෙබ් අඩවි, ෆේස් බුක් සහ ට්විටර් වැනි දේ මගින් අප‍්‍රමාණ දහම් පණිවුඩ හුවමාරු වෙයි. යූ ටියුබ් මගින් දේශනා විකාශය වෙයි. ගුවන්විදුලියෙන් බණ අසා පුරුදු ව සිටි සමාජයට රූපවාහිනයෙන් පමණක් නොව අන්තර් ජාලයෙන් ද දහම් පණිවුඩ නිවසටම ඒ මොහොතේ ම ලබා ගත හැකිය. නමුත් සමාජ පරිවර්තයකට හේතුවක් වි තිබේද? අනෙකුත් ආගම් වල පැවැත්මට ද අත්පත් වී ඇත්තේ මෙම ස්වභාවයම බව පැහැදිලිව පෙනේ. ආගමික සන්නිවේදනය තුළ අධ්‍යයනය කළ යුතු පැති තිබේ.

ඕනැම පුද්ගලයෙකුට දහම් කාරණා එකතු කර එළි දක්වන්නට බාධාවක් නැත. දහම බව කියමින් එකිනෙකට වෙනස් දේශනා මතුවෙන්නේය. බුදු දහම, කිතුනු, හින්දු පමණක් නොව ඉස්ලාම් ඇතුළු ලෝකයේ සියලූම ආගම් දෙස බලන විට පැහැදිලිව පෙනෙන්නේ එයයි. මෙම තත්ත්වය දෙස ගැඹුරු ආකායකට බලන්නට සන්නිවේදකයන්ට වගකීමක් තිබේ. විකාශ්‍ය කරන්නේ ධර්මයට එකඟ කරුණුද? පුවත්පතක, ගුවන් විදුලියක හෝ රූපවාහිනී නාලිකාවක විකාශය කරන වැඩසටහනක සම්පාදනය කරන ආගමික වැඩසටහන් දැනුම පෝෂණය කරන අන්තර්ගතයකින් යුක්ත ද යන්න විමසා බලන්නට අප සියලූ දෙනාටම සුවිශේෂී වගකීමක් ඇත.

අද මාධ්‍ය භාවිතාව අනුව ආගමික අන්තවාදය දෙසට යොමුවන ආකාරය දැක ගත හැකිය. පොදු භාවිතාව වෙනුවට පුද්ගල කේන්ද්‍රිය කරගත් සන්නිවේදනය හැසිරෙන්නේ තරගකාරී ආකාරයටය. තරගකාරී මාධ්‍ය කතා කරන්නේ තමන්ට හිමි වෙළඳ පොළට විනා අනෙක් පාර්ශව වලට නොවේ. නිරායාසයෙන්ම පටු අන්තවාදී අදහස් වලට නැඹුරුවක් සකස් වෙයි.

සමාජය තුළ ආගමට ඇති තැන උසස් එකකි. ආගමික නායකයන්ට ලැබෙනපිළිගැනීඹ සුවිශේෂීය. නමුත් මාධ්‍ය භාවිතාවේ දී ආගමික දර්ශනයට ඉඩ සීමිතය. ආගමික පණිවුඩය පුවත් පතක පළමු පිටුවට ගැනෙන්නේ නැති තරම්ය. දේශපාලනයට වැඩි ඉඩක් ලැබේ. දේශපාලනඥයන් කරන කියන දේ ඉහලින් වාර්තාකරයි. නමුත් දේශපාලනඥයන් ගැන සමාජයේ විශ්වාසයක් නැත. මෑතකදී කරන ලද පර්යේෂණක් පෙන්වා දෙන්නේ ආගමික නායකයන් සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති බවය. දේශපාලනඥයන් මේ රට තුළ ගැටුම් ඇති කරන ලද බවට චෝදනාවක් තිබේ. ත‍්‍රස්තවාදය දක්වා රට තුළ බලවත් ගැටුම් ඇතිවූයේ දේශපාලනඥයන් බලය උදෙසා ගත් පටු තීන්දු හෙයින් බව නොයෙක් පැතිවලින් කියැවෙයි.

එම ප‍්‍රශ්නය මානව හිමිකම් කොමිසම දක්වා දිග හැරෙන විට එම කොමිසමට යෝජනා කරන්නේ ආගමික නායකයන්ගෙන් සැදුම් ලත් කොමිසමක් මගින් රට තුළ කරුණා සහගත ආයතනයක් පිහිටුවා සත්‍ය අනාවරණය කරගන්නා ලෙසය. ජාත්‍යන්තර ප‍්‍රජාව නිකුත් කරන පණිවුඩයෙන් පෙනෙන්නේ ආගමික නායකයන් වෙත යම් ප‍්‍රශ්නයක් දෙස සාවධානව බලන්නට හැකියාවක් ඇති බවට ඇති විශ්වාසයයි. රට තුළ මාධ්‍ය භාවිතාවේ දී මෙම විශ්වාසය භාවිතාකර ආගමික නායකයෙකු ගේ අදහසක් පුලූල්ව සාකච්ඡා නොකරන්නේ මන්ද? ආගමික නායකයන් වශයෙන් සලකා බලන්නට අවශ්‍ය අන්තවාදී අදහස් නොවේ. අනෙක් ආගම් හෝ ජාතීන් මැඩ අන්තවාදය මතුකරන අවස්ථා නොවේ. සාධාරණව සලකා සමාජය දෙස සමාන මත පතුරවන ආගමික දර්ශනයක් ඇති මධ්‍යස්ථ නායකයන්ය.

ගුවන් විදුලිය පවා ආගමික විකාශ කරන්නේ තම අසන්නන් දිනා ගැනීමේ අරමුණ ප‍්‍රමුඛ තැනෙක තබා ගෙනය. එහි ඇත්තේ තරගයකි. මෙම තරගයෙන් උත්සාහ කරන්නේ වෙළඳපොල අයිතිය දිනා ගැනීමය. රට තුළ පවතින ආගමික සන්නිවේදනය ප‍්‍රබල එකක් නම් අද පවතින ගැටලූ වලට ඉඩක් නැත. දහම අසා විමසා බලා ඒ අනුව ජීවිතය සකස් කරගන්නා අතර එයින් විනයානුකූල පරපුරක් රටට ලැබේ. යහපත් ලෙස එය සිදුවන්නේ නම් ලෝකයට ආදර්ශයක් දිය හැකිය. නමුත් ඇත්ත එය නොවේ. සියලූ ධර්ම සන්නිවේදනයට ඉඩ දෙන නමුත් රට තුළ සිදුවන්නේ දහමට නොගැලපෙන කාරණාවන්ය. එයින් අනාවරණය කරන්නේ ධර්ම සන්නිවේදනයෙහි ඇති ගැටලූ බව පැහැදිලිය. මෙම පැති ගැන විමසා බලා ආගමික සන්නිවේදනයෙහි මාධ්‍ය භාවිතාව ගැන අලූතින් හිතන්නට රටට අවස්ථාවක් ලැබී තිබේ.

 

දස පනත Ten Commandments ප්‍රධානය කිරීම
*
එකම දෙවියන් සරන යෑම
*
කවරාකාරයෙන් හෝ ප්‍රතිමාවක්/පිළිරුවක්/පිංතූරයක් සාදා
නොගන්න.ඒවාට නමස්කාර/වන්දනාමාන /වැඳුම් පිඳුම් නොකරන්න
*
දෙවිඳුන්ගේ නාමය නිකරුනේ ව්‍යවහාර නොකිරීම
*
සබත් දවස ශුද්ධ කොට පවත්වන්න
*
දෙමාපියන්ට ගෞරව කරන්න.
*
මිනී නොමරන්න
*
කාමමිථ්‍යාචාරය නොකරන්න
*
සොරකම් නොකරන්න
*
බොරු සක්ෂි නොකියන්න
*
අන්සතු කිසිම දෙයකට ආශා නොවන්න

Tuesday, July 26, 2016

චිත්‍රපට වර්ගීකරණය (Genre / ශෝනර )

චිත්‍රපට වර්ගීකරණය (Genre / ශෝනර )



යථාර්ථය යනු අසම්පූර්ණ විශ්වයකි. යථාර්ථයේ ඇති සංඝටක අතර ඇත්තේ කවරාකාර සම්බන්ධයක් , වෙනසක් ද යන්න පිළිබඳව අපට යම් නිශ්චිත අර්ථ ලෝකයක් ඇත. සිනමාව කරනුයේ අපගේ දෛනික යථාර්ථ ජීවිතයේ සංවිධානය වූ මෙම සංඝටක ඒවායේ පිළිවෙළගත අර්ථයන්ගෙන් ගලවා යළි සකසමින් අප වෙත සංජානනය කිරීමයි. ඒ අනුව යථාර්ථයේ සිටින අපගේ අර්ථ ලෝකය සිනමා තිරයෙන් දෙදරීමකට ලක් වන අතර එනයින් ම අපගේ දෛනික යථාර්ථය ප‍්‍රබන්ධයක් බව (මිනිස් ගොඩනැංවීමක් බව) ද සිනමා තිරය විසින් අපට උගන්වයි. ඒ යථාර්ථයට වඩා යථාර්ථයක් සිනමාත්මක ප‍්‍රබන්ධය විසින් අපට අභිමුඛ කරන බැවිනි. එබැවින් සිනමාව කලා කෘතියක් ලෙස අධ්‍යනය වැදගත් වෙයි¡

‘Gener’’යන පදය ප්‍රංශ භාෂාවෙන් පැමිණි වචනයකි.එහි අර්ථය වන්නේ  ඛාණ්ඩවලට වෙන් කළ හැකි එසේත් නැතිනම් ප්‍රවර්ග , ප්‍රභේද යන්නයි.මහා දාර්ශනික ඇරිස්ටෝටල් තම කාව්‍ය ශාස්ත්‍රය තුළ නාට්‍ය වර්ග ප්‍රවර්ග කරයි.දුකාන්තය,සුඛාන්ත මෙන්ම වීර කාව්‍ය ලෙස වර්ග එම නිරමාණ ද ශෝනර ලෙස දැක්විය හැකිය. නමුත් ශෝනර යන්න නාට්‍යට හෝ චිත්‍රපටයට  සීමා නොවන්නකි. චිත්‍ර කලාව තුලද ශෝනර දක්නට ලැබෙයි.



සිනමා කලාව ගත් කල්හි එහිද ශෝනර ඛාණ්ඩ කර දැක්වෙයි.චිත්‍රපට නිර්මාණය, නිෂ්පාදනය ,ප්‍රදර්ශනය මෙන්ම බෙදා හැරීමද එක් ප්‍රධාන ප්‍රභේදයක අනුකොටස් ලෙස දැක්විය හැකිය.



ලෝක සිනමාවට විශේෂිත වූ ශෝනර හඳුන්වා දෙන ලද්දේ ඇමෙරිකාව විසිනි.ඔවුන්ගේ චිත්‍රපට සමාගම්වල බලපෑම හේතුවෙන් නිශ්චිත නිෂ්පාදනයන් සමඟ ශෝනර බිහි විය. මේ නිසා සිනමා නිෂ්පාදනය තුල යම් පහසුවක් ඇති විය.නිෂ්පාදනය යම් ක්‍රමවේදයකට අනුව එනිසා සිදු වූ බව කිව හැක.සමාගම්වලට අනුව සිනමාවේ හැඩය ,තාක්ෂණය,රංගනය ,ආදිය සමාන වට්ටෝරුවකින් ,සංකල්පයකින්,තේමවකින් සිදු වූ බව කිව හැකිය.

නිහඬ සිනමාවේ අවසානයේ කතානාද සිනමාව සමඟ මෙම ශෝනර ක්රමවේදය බිහි විය.මෙහිදී  ශෝනර නිසා ප්‍රේක්ශකයාටත් සිනමාකරුවාටත් යම් පහසුවක් ඇති වූ බව කිව යුතුය. මෙය එක් අතකින් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රවර්ධනයක් ලෙස දැක්විය හැකිය.විචාරකයන්ට ද පහසුවකි.නමුත් චිත්‍රපටයක් ශෝනර ලෙස
එක හෙලා වෙන්කර දැක්වීම අපහසුය. මන්ද යත් එක් සිනමා කෘතියක ශෝනර කිහිපයක ලක්ෂණ දක්නට ලැබෙයි. 

නිදසුනක් ලෙස  - ටයිටැනික්, සිනමා කෘතිය romantic/ action/ sciencitific යන්නෙන් කුමකට අයත් ද යන්න වටහා ගැනීමට අපහසුය. 

පහතින් දැක්වෙන්න සිනමාව ශෝනර ලෙස වර්ගීකරණයට ලක් කල ආකාරයයි

music film(සංගීත චිත්‍රපට )
western (cow boy)

noir(අඳුරු සිනමාව )
commady(හාස්‍ය  චිත්‍රපට)
epics ( වීර කාව්‍ය ඇසුරෙන් නිර්මාණය වූ  චිත්‍රපට)
war( යුද සිනමාව)
adventure(වික්‍රමාන්විත  චිත්‍රපට)
action( නක්‍රියාදාම  චිත්‍රපට)
mello(කාන්තාවන් පිළිබඳව වූ / භාවාතිෂය   චිත්‍රපට)
romants(අරුමැසිවාදී  චිත්‍රපට)
ganstor( පාතාල චිත්‍රපට)
fantazy(සිහිනමය/මායාමය   චිත්‍රපට)
sciencefiction(විද්‍යාත්මක  චිත්‍රපට)
horro(හොල්මන්  චිත්‍රපට)
thriller(ත්‍රාසයෙන් උපරිම වූ  චිත්‍රපට)
martial arts(සටන්  චිත්‍රපට)
drama (නාට්‍යමය  චිත්‍රපට)
coming of age(අනාගතය පෙන්වන   චිත්‍රපට)






නිර්මාණාත්මක සන්නිවේදනය - 02



නිර්මාණාත්මක සන්නිවේදනය - 02


සිංහල ගීතයේ සන්නිවේදන ලක්‍ෂණ
                 
මිනිසා සතු මූලික අවශ්‍යතා රාශියකි. ආහාර, නිවාස, ඇඳුම්-පැළඳුම් වැනි දෑ අතරට වර්තමානයේ බොහෝ අංග එක්වී පවතී. අධ්‍යාපනය ලැබීම, තම ශාරීරික සෞඛ්‍යය හා මානසික සෞඛ්‍යය නිරෝගීව පවත්වා ගැනීම, සුදුසු රැකියාවක නියැලීම හා ආවහ-විවාහයේ නිදහස මෙන් ම සිතීමේ-විමසීමේ නිදහස ද වර්තමානයේ මූලික අවශ්‍යතා යටතට ගැනේ. රසවින්දනය පුද්ගලාබද්ධ වුවද ඒ ඒ පුද්ගලයා සතුව අඩු-වැඩි වශයෙන් මෙම රසවින්දනය පවතී. තමා කැමති ආකාරයකින්, ශික්‍ෂිත ක්‍රමයක් ඔස්සේ සිය රසවින්දනය සංතර්පනය කර ගැනීම ද මිනිසා සතු මූලික අවශ්‍යතාවක් ලෙස හඳුනාගත හැකිය. වර්තමාන සමාජගත මිනිසා බොහෝ සෙයින් කාර්යබහුලවී තිබේ. නොනිත් ආශාවන් පසුපසු හඹායාමේ ප්‍රතිඵලයක් වශයෙන් යාන්ත්‍රීයකරණය වූ පුද්ගලයින් අද සමාජය තුළ දැකගත හැකි නමුත්, මුදල් මූලික කරගත් ආර්ථික රටාවක් උරුම කරගත් අද මිනිසා තුළින් වුව ද මෙම රසවින්දන ශක්තීන් සම්පූර්ණයෙන් බැහැර නොවූ බව මිනිස් සමාජය සියුම්ව විමර්ශනය කිරීමේ දී පැහැදිලි වේ.

මිනිසාගේ රසවින්දන ශක්තිය උරගා බැලෙන සෙසු මාධ්‍ය අතර, ප්‍රධාන මාධ්‍යක් වශයෙන් ගීතයහඳුනාගත හැකිය. රසවින්දන ශක්තිය කෙබඳු වුව ද සියළු පුද්ගලයෝ තම අභිමතය පරිදි සිය රසවින්දන අවශ්‍යතාව සංතර්පනය කර ගනිති. මේ සඳහා ඔවුන් බහුලව ආශ්‍රය කරගනු ලබන කාරකය වන්නේ ගීතය නමැති කලා මාධ්‍යය යි. සිංහල සිනමාව, නවකතාව, වේදිකා නාට්‍ය, චිත්‍ර ශිල්පය වැනි කලා මාධ්‍යයන් හා සංසන්ධනය කිරීමේ දී ගීතය නමැති කලා මාධ්‍යයට පුද්ගලයින් තුළ ප්‍රමුඛස්ථානයක් ලැබී ඇති බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. කලා මාධ්‍යයක සාර්ථකත්වය මනිනු ලබන ඒකකයක් ලෙස ජනප්‍රියතාවඋචිත නොවූව ද ගීතය නමැති කලා මාධ්‍යය අන් සියල්ල අභිභවා වර්ධනයවී ඇති ආකාරය නිහතමානීව පිළිගත යුතුය.

කිසියම් කලා මාධ්‍යයක අරමුණ වන්නේ ආනන්දයෙන් ප්‍රඥාවදක්වා මනස මෙහෙයවීමයි. ගීතය නමැති කලා මාධ්‍යයට ද මෙම ධර්මතාව පොදු වේ. ගීතයක් ශ්‍රවණය කරන විට අප මනස තුළ ආනන්දයක්, වින්දනයක් ඇතිවේ. නමුත් එය ප්‍රඥාව දක්වා වර්ධනයවීමට නම් එම ගීතය තුළ කිසියම් ජීවන දර්ශනයක් රැගත් පණිවිඩයක් ඇතුළත් විය යුතුය. එසේ නොවන ගීත අද කාලයේ ද බොහෝ සෙයින් දක්නට ඇති අතර එවැනි ගීත, ප්‍රබල හඬක් පමණක් නිකුත් කරන, නමුත් අභ්‍යන්තරය හිස් බෙරයකටසමාන කළ හැකිය. 
                 
මියුරු හඬින් ගෙවිලියක සිය පැලේ සිට ගීතයක් ගැයුවාය. ජීවිතයේ අනිත්‍ය ස්වභාවය පිළිබඳ අන්තර්ගත වූ එම ගායනය අසා මහමඟ වඩිමින් හුන් භික්‍ෂූන් වහන්සේලා සැට නමක් රහත් භාවය ලබාගත් බව වංගීස සංයුක්ත අටුවාවේ සඳහන් වේ. ගෙවිලියකගේ ගීතයක් ශ්‍රවණය කළ පමණින් ඒසා මහත් වූ චිත්ත විපර්යාසයක් ඇතිවීමට හේතු වූ කාරණය කුමක් ද ? ගෙවිලියගේ ගීතය කුමන ආකාරයක බලපෑමක් භික්‍ෂූන් වහන්සේලා කෙරේ ඇති කළේ ද ? මේ සියල්ලට හේතුව නම්, ගෙවිලිය විසින් ගායනා කරන ලද ගීතයේ අන්තර්ගතය, මනා අයුරින් භික්‍ෂූන් වහන්සේලා වෙත සන්නිවේදනය වීමයි.


‛‛පුද්ගලයින් දෙදෙනෙකු අතර සමාන මනෝ වෘත්තියක් ඇති කිරීම සන්නිවේදනය බව’’ විල්බර් ශ්‍රාම්ගේ අදහසයි. සන්නිවේදන කාර්යයක් මනාව සිදුවීමට නම්, අංග පහක් සම්පූර්ණ විය යුතුය. එනම්, පණිවිඩය නිකුත් කරන්නෙකු හෙවත් සන්නිවේදකයෙකු(Communicator) සිටිය යුතුය. ඔහු විසින් උචිත කිසියම් මාධ්‍යක්(Media) හරහා කිසියම් පණිවිඩයක්(Massage) ඉදිරිපත් කළ යුතුය. එම පණිවිඩය ග්‍රහණය කර ගැනීමට ග්‍රාහකයෙකු(Receiver) සිටිය යුතු අතර ග්‍රාහකයා විසින් පෙරළා සන්නිවේදකයා වෙත ප්‍රතිචාර( Feed-back ) දැක්වීමෙන්, සන්නිවේදන ක්‍රියාවලිය සම්පූර්ණ වේ. ගෙවිලිය නමැති සන්නිවේදිකාව, ගීතය නමැති මාධ්‍යය හරහා ජීවිතයේ අනිත්‍යතාව නමැති පණිවිඩය භික්‍ෂූන් වහන්සේ නමැති ග්‍රාහකයා වෙත ප්‍රක්ෂේපණය කළ අතර භික්‍ෂූන් වහන්සේලා රහත් භාවයට පත්වීම නමැති ප්‍රතිචාරයෙන්, උක්ත සඳහන් කළ සන්නිවේදන කාර්යය සම්පූර්ණ විය.

                සන්නිවේදන ක්‍රියාවලිය ආකාර දෙකකට සිදු කළ හැකි බව විද්වතුන්ගේ මතය යි. එනම්, ඍජු සන්නිවේදනය හා වක්‍ර සන්නිවේදනයයනුවෙනි. කිසියම් පණිවිඩයක් කෙළින් ම ග්‍රාහකයා වෙත ප්‍රක්ෂේපණය කිරීම ඍජු සන්නිවේදන කාර්යයේ දී සිදු වේ. වෙළඳ දැන්වීම් ආදියෙහි දක්නට ලැබෙනුයේ ඍජු සන්නිවේදනය යි. ඍජු සන්නිවේදනයේ දී මෙන් වක්‍ර සන්නිවේදනයේ දී පණිවිඩය ග්‍රාහකයා වෙත කෙළින් ම ඉදිරිපත් නොවන අතර සන්නිවේදන කාර්යය තුළ පණිවිඩයක් අන්තර්ගත වන්නේ ද යන්න පිළිබඳව පවා ග්‍රාහකයාට එක එල්ලේ වටහා ගත නොහැකිය. නමුදු ග්‍රාහකයා එම සන්නිවේදන ක්‍රියාවලියට ආකර්ශනය වනුයේ එහි ඇති නිර්මාණාත්මක ස්වරූපය නිසාවෙනි. නිර්මාණාත්මක ස්වරූපයක් ගත් සන්නිවේදන ක්‍රියාවලිය තුළ ගැබ්ව ඇති රසය, ග්‍රාහකයා තුළ පළමුව ආනන්දයක් ඇති කරයි. එහි රසයට ලොල් වූ ග්‍රාහකයා, විවේක බුද්ධියෙන් යුක්තව විමසීමේ දී අදාළ සන්නිවේදන ක්‍රියාවලිය තුළ සැඟවී තිබූ පණිවිඩය මනාව තේරුම් ගනියි. මෙය ප්‍රඥාව ඉපදවීමක් ලෙස වටහා ගත හැකිය. කෙසේ වුව ද මෙම අවස්ථා දෙකේ දී ම සිදුවන සන්නිවේදන ක්‍රියාවලිය නිර්මාණාත්මක සන්නිවේදනය(Creative Communication) ලෙස හඳුනා ගත හැකිය. සන්නිවේදන විද්‍යාඥයින් පෙන්වා දෙනුයේ, සන්නිවේදන ක්‍රියාවලියේ නිර්මාණාත්මක භාවය මත එහි සාර්ථකත්වය රැඳී ඇති බවයි.

                නිර්මාණාත්මක සන්නිවේදන ක්‍රියාවලියේ ප්‍රබලතම මාධ්‍යය ලෙස ගීතයහඳුනා ගැනීම යුක්ති යුක්තය. මක්නිසාද යත් ගීතය මගින් ග්‍රාහකයාගේ හදවතටත් බුද්ධියටත් එක්වර ආමන්ත්‍රණය කළ හැකි නිසාවෙනි. ගීතය යනු මනාව ගායනා කළ හැකි පදමාලාවකි. එම පදමාලාව කිසියම් තනුවකට අනුව, මාධූර්යයෙන් යුක්තව ගායනා කිරීමෙන් ගීතයක් බිහි වේ. මව්තුමෝ සිය දරුවා නැළවීම සඳහා ගායනා කරන පහත දරු නැලවිලි ගීතය, සුගායනීය බවෙන් පරිපූර්ණ වන අතර ව්‍යංග වූ අර්ථය තුළින් දරුවාගේ පෞරුෂ වර්ධනය ඉස්මතු කරන ආකාරය හෙළ ජන ගී කාව්‍ය නිර්මාපකයාගේ ප්‍රතිභාවෙන් මනාව ගම්‍ය කර ඇති ආකාරය බලන්න.

ඔන්න බබෝ      ඇතින්නියා
ගල් අරඹේ         සිටින්නියා
ගලින් ගලට       පනින්නියා
බබුට බයේ         දුවන්නියා
                
කෙටිකතාවක් නවකතාවක් කාව්‍යයක් වැනි කලා නිර්මාණ හා සසැඳීමේ දී ගීතය ස්වාධීන නිර්මාණයක් ලෙස හඳුනාගත නොහැකිය. ගීතයකට තිදෙනෙක් දායකයෝ වෙති. ගීත රචකයා, සංගීතඥයා සහ ගායකයා ඒ අතර වෙයි. ගීතයක් යනු කකුල් තුනක කනප්පුවක් යැයි මහගම සේකරයෝ වරක් පැවසුවේ නිර්මාණාත්මක ගීතයක සාර්ථකත්වය උදෙසා මේ තිදෙනාගේ දායකත්වය සමානව ලැබිය යුතු බව අවබෝධ කරගත් නිසාවෙනි. එක් දායකයෙකුගේ දායකත්වය තරමක් හෝ අඩුවුව හොත් හෝ වැඩිවුව හොත් එහි සමබරතාව බිඳී යයි. වර්තමාන ගීත ක්‍ෂේත්‍රයේ මේ තිදෙනාට අමතරව රූප රචනයෙන් ද සිව් වැන්නෙකුගේ සහාය ලබා ගන්නා බව පෙනී යන අතර එය ගීතයේ නිර්මාණාත්මක බව වැඩි කිරීම සඳහා බහුලව භාවිත කරයි. ගෙවිලියගේ ගීතය සහ වර්තමානයේ නිර්මාණය වන ගීත අතර බොහෝ වෙනස්කම් ඇති මුත් ගීතයේ මුඛ්‍ය පරමාර්ථය එදා සහ අද අතර එතරම් වෙනසක් ඇතැයි පිළිගත නොහැකිය. මක්නිසාද යත් ආනන්දනීය නිර්මාණයක අවසන ප්‍රඥාව වර්ධනය කිරීම මූලික වන බැවිනි.

ගීතයක් නිර්මාණය කිරීම සඳහා දායක වන දායකයින් සන්නිවේදකයින් වන අතර ගීතය මාධ්‍යය බවට පත්වේ. ගීතය තුළ ඇති අන්තර්ගතය පණිවිඩය වන අතර ගීතය ශ්‍රවණය කරන්නා ග්‍රාහකයා වේ. ගීතයෙහි ගැබ්ව ඇති අර්ථය තුළින් ග්‍රාහකයා කිසියම් ජීවිතාවබෝධයක් ලබයි නම්, එය ප්‍රතිචාරය වන අතර එමගින් සන්නිවේදන ක්‍රියාවලිය සම්පූර්ණ වේ. ගීතයක සාර්ථකත්වය උදෙසා උක්ත ගුණාංග සියල්ල අවශ්‍ය වුව ද මනා සන්නිවේදන ක්‍රියාවලියක අවසානයේ ග්‍රාහකයා කිසියම් ජීවිතාවබෝධයක් ලැබීමට ගීතයේ අන්තර්ගතයෙහි සාර්ථක පණිවිඩයක් අන්තර්ගත විය යුතුය. ගීතයක පදමාලාව මේ සඳහා සුවිශේෂ කාර්යභාරයක් ඉටුකරනු ලබයි. එබැවින් ගීතයක පදමාලාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
දිනක් මනහර ස්ත්‍රියක් තනිමග ගමනක් යනු සළෙළු තරුණයෙක් දක්නා ලදි. සිය අදහස ඇය වෙත ප්‍රකාශ කළහැකි සුදුසු අවස්ථාව මේ බව වටහාගත් ඔහු ඈ වෙත ස්වකීය හැඟීම ළගන්නා අයුරින් ප්‍රකාශ කළහ.

                උස්සාගෙන නෙරිය අතකින් කිම් ද           නගෝ
                වසාගෙන දෙතන අතකින් කිම් ද              නගෝ
                සැමියා නැති මග තනිමග කිම් ද                නගෝ
                අම්බලමේ නැවතීලා යමු ද                       නගෝ
තරුණයාගේ අදහස ක්‍ෂණිකව වටහාගත් විවාපත් ඇය, ඔහුගේ සිත නොරිදෙන අයුරින් නිර්මාණශීලීව සිය නොකැමැත්ත මනාව සන්නිවේදනය කළාය.                 

                  උස්සාගෙන නෙරිය මඩ තැවරෙන            හින්දා
                වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි                 හින්දා
                බාල මස්සිනා පස්සෙන් එන                     හින්දා
                යන්නම් අයියන්ඩි ගමරට දුර                    හින්දා
                 
උක්ත ජන ගීය, ගීතයකට අනුභූතිය කරගත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෑතක දී සාර්ථක ගීයක් ප්‍රතිනිර්මාණය කළහ. ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ ගී තනුවට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලද, වික්ටර් රත්නායක සමග නීලා වික්‍රමසිංහ විසින් ගායනා කරනු ලබන  නිර්මාණාත්මක ලක්‍ෂණය ඉයවහා ගිය මෙම ගීතය, ජනගීය සමතික්‍රමණය කර ඇති අතර රසිකයාගේ ආනන්දය ප්‍රඥාවක් දක්වා වර්ධනය කරන ආකාරය ප්‍රසංසනීය වේ. ඇය විවාපත් ස්ත්‍රියක් බවත්, කිරි දරුවෙක් ද සිටිනා මවක් බවත් මනා සංයමයෙන් යුක්තව තරුණයා වෙත සන්නිවේදනය කරන ආකාරය විශිෂ්ට ය.
    
                පි :    නගේ නගේ වැහි එනවා පැලට වරෙන්නේ
                        අකලට ආ වැහි කෝඩෙට මොට ද තෙමෙන්නේ

                ගැ :      වැහි බීරුම හීන් පොදයි ඇඟේ වදින්නේ
                                මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ

                පි :        ගෙදර අයත් ගමේ ගිහින් පාළු දැනෙන්නේ
                                වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ

                ගැ :      කිරට අඬන බිළිඳු පුතා ඇති සාගින්නේ
                                                                                     පමා නොවී මම යන්නම් තරහ නොවන්නේ
මිනිසාගේ පාළුව, කාන්සිය මග හරවා ගැනීමටත් ස්වකීය විනෝදාස්වාදය සඳහාත් බිහි වූ ගීතවලින් පරිබාහිරව, විවිධ අවස්ථා අළලා බිහි වූ  තවත් එක් ගීත සාහිත්‍යයක් ලෙස උපදේශාත්මක ගීත කලාව හඳුන්වා දිය හැකිය. එතුළින් සන්නිවේදකයින් සෘජු සන්නිවේදන අදහස් ඉදිරිපත් කරන ලදී. උපදේශාත්මක ගීත කලාව තුළින් යම් යම් අවස්ථාවල ආවේගාත්මක ගීත ප්‍රබන්ධ වූ නමුත්, එවා නිර්මාණශීලීත්‍වය අතින් අගතැන් , අත් කරගත් නිර්මාණ විය.
ශ්‍රී ලංකාව නිදහස් සටනට අවතීර්ණ වීමත් සමගම , ජාතික නිදහස උදෙසා විසිවන සියවසේ මුල් දශක කිහිපය තුළ මහත් උද්යෝගයක් ඇති විය. මේ නිසාම එවකට තිබූ ජන මාධ්‍යය , එනම් ගුවන් විදුලිය, පුවත්පත් ආදිය ඔස්සේ රටේ ජනතාවගේ උද්යෝගය තව තවත් වර්ධනය වන ආකාරයේ කවි, ගීත, දේශනාදිය ඉදිරිපත් කෙරිණ. ජාතික නිදහස් සටන උදෙසා රටේ ප්‍රභූ පන්තිය මෙන්ම මධ්‍යම පන්තියත් සුළු ජාතිකයාගේ පටන් ලක්වැසි සියල්ලෝම විවිධාකාරයෙන් දායකත්‍වය සැපයූ අතර මේ පිරිස අතර පූජ්‍ය පක්‍ෂයට ද හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ශ්‍රී ලාංකිකයෙකු නොවූ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් ශ්‍රී ලාංකාවේ ජාතික නිදහස් සටනට දායකත්‍වය දැක්වූයේ සිය නිර්මාණශීලී ප්‍රතිභාව අපූර්ව ලෙස ප්‍රයෝජනයට ගනිමිනි.  ජාතික නිදහස වෙනුවෙන් ජනතාව කුළු ගැන්වීමෙහි ලා එම නිර්මාණවලින් සිදු වූ පිටිවහල  අති මහත්ය.  ජනතාව තුළ වූ පරාජිත සිතුවිළි ඉවත් කොට ඔවුන්ගේ නිදහස් සිතුවිළි අවදි කරලීමේ අරමුණින් උන් වහන්සේ කළ නිර්මාණ තරමක් ආවේගශීලී වුවද, එහි අන්තර්ගතය ජනතාවට මනාව සන්නිවේදනය වන අයුරින් සංයමයෙන් යුක්තව ගීතයට නගන්නට හැකිව තිබීම ප්‍රශංසනීය වේ. එමෙන්ම ජාතික හැඟීම මුදුන් පත් කරමින්  ජාතික අනන්‍යතාව ඉස්මතු කිරිමට ජනතාව හුරු කරවීමේ මනා සන්නිවේදන කාර්යයක් ඉටු කිරීමට එස් මහින්ද හිමියන්  රචිත , සුනිල් එදිරිසිංහයන් ගයන මෙම ගීතය  සමත් වී ඇත.
ලක් වැසියන් කෙරෙහි නැමී - අරහත් මහ මිහිඳු හිමී
හෙව්වෙ උතුම් සඳහම් මී  - පුත නුඹටත් පොවමි එ මී
ජාතිය රන් විමනක් වේ - ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙ ලොවේ  - සමත් වෙතොත් පුත නුඹ වේ

ශ්‍රී ලංකාවේ ගීත සාහිත්‍යයේ අතීතය සිංහාවලෝකනය කිරීමේදී ඉතා උසස් ගී නිර්මාණ දැකගත හැකි තවත් අංශයකි, ළමා ගීත. ළමා ගීත සාහිත්‍යයක් බිහි කිරීමේදී විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ ළමා මනස පිළිබඳව ය. ළමා මනසට උචිත අයුරින් ද, තේරුම් ගත හැකිවන අයුරින් ද සන්නිවේදනය කිරීම වැදගත් වේ. මෙම සියළුම අංග සපුරා ලූ ඉතා විශිෂ්ට ළමා ගීත සාහිත්‍යයක් ලක්වැසි අප සතුව තිබීම වාසනාවකි. සමාජ පුරුෂාර්ථ සාධනය කරනු වස් මෙම ගීත මගින් ලබාදෙන නායකත්‍වය පැසසිය යුතුය. වැඩිහිටියන්ට සැළකීම, අධ්‍යාපනයේ වටිනාකම, සිරිත් විරිත් පිළිබඳ අවබෝධය, දේශාභිමානය වර්ධනය කිරීම, පරිසරයට ආදරය කිරීම සහ පොදු දේපොළ සුරැකීම වැනි විෂයන් ඔස්සේ සන්නිවේදන ස්වරෑපයෙන් මෙම ගීත රචනා වී තිබේ. වැඩිහිටි මනසට වඩා නිරවුල් වූද පිවිතුරු වූද ළමා මනස, සමාජයේ දක්නා ඔිනෑම දෙයක් දැඩිව ග්‍රහණය කර ගැන්මට තරම් විමර්ශණශීලී වේ. තවද ධනාත්මක සිතුවිළිවලින් පරිපූර්ණ ළමයා තුළින් සාධනීය අනාගත අපේක්‍ෂා බලාපොරොත්තු විය හැකිය. එමනිසා කුඩා කල සිටම නිවැරදි සමාජානුයෝජනයක අවශ්‍යතාවක් තිබේ.

ළමුන් ගීතවලට බොහෝ ප්‍රියතාවක් දක්වයි. මේ නිසාම ළමුන් තුළ ධනාත්මක සිතුවිළි වර්ධනය කිරීමට ගීත සාහිත්‍යයට වැඩි හැකියාවක් තිබේ. ළමා සිතට නීරස වූ දේශන ආදියට වඩා , ඔවුන්ට සමීප වූ ගීත මගින් ඔවුන්ගේ පුරුෂාර්ථ වර්ධනය කිරීම ඉතා පහසුය. සරළ භාෂාවක් භාවිත කරමින් ළමා මනස තුළ විචිත්‍ර දසුනක් මැවිය හැකි අයුරින් රචනා වී ඇති මෙම ගීතය ඊට කදිම නිදසුනකි.

උදෑසනම පොඩි අපි දිව එනවා
කොහේද සැඟවී එළියට එනවා
උදේ පාන්දර පාසැල් යන්නට
බසයක් ඇවිදින් කථා කරනවා
                                              
මේ පොඩි බස් රිය ඔබේය සිතලා
කුරුටු ගෑම හොඳ නෑ ඉරි ඇඳලා
අසුන් කඩා සිඳ දමා නොයන්නේ
ඔබේය මේ බස් රිය රැක ගන්නේ



ශ්‍රී ලාංකික ජන ජීවිතය ගීතවත්ය. විවිධ අවස්ථාවන්වලදී ඔවුන් ගායනය භාවිත කරයි. පැල් රැකීම, ගොයම් නෙළීම ආදී සියලු ජන ජීවිතාංගයන් සමඟ මෙම සුගායනීයත්වය අවියෝජනීය බද්ධතාවකින් යුක්ත විය. එසේ ම වන්දනා ගමන් වැනි අවස්ථාවන්වලදී ද මෙය දක්නට ලැබිණ. මේ සෑම අවස්ථාවකදීම ඔවුන් තම ගායනය සඳහා තේමා කරගත්තේ බුදුගුණයි. ඒවායෙහි ශ්‍රද්ධාවත්, සාමූහිකත්වයත් ගැබ්ව ඇති බව සන්නිවේදනාත්මක අර්ථය ගෙන බැලීමේ දී මැනවින් පැහැදිලි වේ. තම වෘත්තියට අනුව පබැඳි නිර්මාණාත්මක ලක්‍ෂණ අතින් පොහොසත් කවි සංකල්පනා ද ඒ අතර වෙයි. පැල් ගී, ගැල් ගී, බඹර කවි, පතල් කවි, පාරු කවි වැනි කවි තුළින් ද සන්නිවේදනය වන්නේ සිය වෘත්තිය තුළ ඇති කර්කෂ, කඨෝර බවයි. කෙසේ වුවත් ජන ජීවිතය මෙන් ම ඔවුනගේ වෘත්තිය හා බද්ධ වූ බොහෝ අංගෝපාංග අන්තර්ගතය සඳහා භාවිත කරමින් කළ නිර්මාණ, අතීත ජනයාගේ කලාත්මක හා සන්නිවේදන හැකියාවන් අද ද විස්මය උපදවයි.
                 
ගීත නිර්මාණයන් තුළ විවිධ විෂය ක්‍ෂේත්‍රයන්ට අදාළ වන අයුරින් අර්ථ ගැන්වූ පදමාලා පවතී. ජන විඥානයට ආමන්ත්‍රණය කරන ජනවහර මුසු ජන සන්නිවේදනාත්මක අර්ථ රැගත් ගීත මෙන් ම ධනවාදී හා සමාජවාදී අර්ථ රැගත් ගීත ද බහුලය. රටක සංවර්ධනය හා ප්‍රගමනය උදෙසා ද ගීතය මහත් දායකත්වයක් සපයයි. අලසව මහ සයුර වෙත ගලා ගිය මහවැලි ගඟ කෙත්වතු සරුසාර කරමින් රජරට බලා ගමන් ඇරඹූ දා අබේවර්ධන බාලසූරියගේ මධුර මනෝහර ගීතයෙන් මුසපත් වූ රජරට මෙන්ම අන්‍ය පෙදෙස්වල රසිකයින් ද සිය අත්දැකීම මසැසින් මෙන්ම මනසින් ද විඳි ආකාරය අද එම ගීතය අසනු ලබන රසිකයාගේ සිත තුළ ද ජනිත කරවයි. නමුත් මෙම ගීතය තූළ තරුණියකට කරනු ලබන ආරාධනාවක ව්‍යාජයෙන් ලියැවුණු මතුපිට අර්ථය විනිවිද යන සැඟවුණු සන්නිවේදනාත්මක අර්ථය ඉදිරිපත් කර ඇති ආකාරය නිර්මාණශීලීය.

ගංගා එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා
වියෙළුනු දෙතොලින් අහස බලාගෙන
දියපොද රහිතව අකලට මහළුව
බලා සිටිත් දී මා
පේන ඉසව්වෙන් මූදු ගියා ඔබ
නෑ නේද ඉතිං යළි අහක බලන් යන්නේ

කිසියම් සංවිධානගත කාර්යයක් උදෙසා ම ලියැවුණු ගීත ද අප ගීත සාහිත්‍යය තුළ පවතී. නිර්මාණශීලීත්වය තුළින් ලියැවුණු මෙම ගීතවල සන්නිවේදනාත්මක අර්ථය වනුයේ සංවිධානගත කාර්යයේ අප්ක්‍ෂාවන් මුදුන්පත් කිරීමයි. විශේෂයෙන් වර්තමානයේ පවතින ජයග්‍රාහී යුදමය වාතාවරණය හා ජාතිකාභිමානය ඔප් නැංවෙන අයුරින් කළ නිර්මාණද බොහෝ විට විද්‍යුත් සන්නිවේදන මාධ්‍ය මගින් නිතර අසන්නට, දකින්නට ලැබේ. රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය වන අයුරින් හා තරුණයින්ගේ සිත් හමුදා රණකාමීත්වයට ආකර්ෂණය කර ගන්නා අයුරින් නිර්මාණය වන පහත සඳහන් ආකාරයේ ගීතවලට අද රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍ය තුළ ප්‍රමුඛත්වයක් ලැබී පවතී. මෙම ගීත තුළින් සන්නිවේදනය වන අර්ථය, තරුණ හැඟීම් හා ජවය සමග මිෂ්‍රවීමෙන් සංවිධානගත යුදමය අවශ්‍යතා ඉටු කර ගැනීමේ හැකියාව වර්ධනයවීමත්, සමස්ත ජනතාව තුළ ජාතිකාභිමානී හැඟීම් කුළු ගැන්වීමටගත් උත්සාහයනුත් සාර්ථකවී ඇති බව වත්මන් සමාජය සියුම්ව විශ්ලේෂණය කිරීමෙන් පැහැදිලි වේ. ඇතැම්විට මෙවැනි සන්නිවේදන ක්‍රියාවලියක් සඳහා ලියැවුණු ගීත, ප්‍රචාරක අර්ථයක් ගත්ත ද එහි ඇති නිර්මාණාත්මක ස්වරූපය නිසාවෙන් එම අර්ථය ඉස්මතුව නොපෙනේ.
මුහුද දෙබෑ කරන
අහස පොළොව සිඹින
රටට සෙනෙහෙ පුදන
ලෙයින් මසින් සැදුන

සැබෑ පියෙකි දරු සහසකි
මුළු රටේම ලේ නෑයෙකි
අපේ එකෙකි සිය දහසකි
ඒ දරු හට මව් දහසකි
ගීතයකින් සාර සන්නිවේදනයක්(Effective Communication) සිදුවීමට නම්, ගීතයෙන් කියනු ලබන පණිවිඩය අවබෝධවීමෙන් ඉලක්කගත ග්‍රාහක කොට්ඨාසය වෙතින් ප්‍රතිචාරයක් ලැබිය යුතුය. ඒ සඳහා අදාළ ග්‍රාහක කොට්ඨාසයට අවබෝධ වන අයුරින් පණිවිඩය නිර්මාණශීලීව ඉදිරිපත් කළ යුතුය. බස හැසිරවීම කෙරෙහි ද මෙහි දී විශේෂ අවධානයක් යොමුවිය යුතු අතර ඉලක්කගත ග්‍රාහක සමාජයේ භාවිත භාෂාව භාවිත කිරීමෙන් වැඩි සාර්ථකත්වයක් අත්කර ගත හැකිය. භාෂාව සංදිග්ධතාවෙන් යුක්ත නම්, ගීයකින් සන්නිවේදනය කරනු ලබන පණිවිඩයේ අර්ථය ව්‍යාකූල විය හැකිය, වෙනස් විය හැකිය.

ඇතැම් ගීත ශාස්ත්‍රීය ගීත වේ. තවත් ගීත සම්ප්‍රදායකි සරළ ගීත. ශාස්ත්‍රීය ගීත බුද්ධිමත් රසිකයා සේවනය කරන අතර සරළ ගීත පොදුවේ සැමගේ ආනන්දයට හේතුවේ. නන්දා මාලනිය විසින් ගායනා කරනු ලබන පහත ගීතයෙහි ඇති මතුපිට අර්ථය ඉක්මවා යන සැඟවුණු අර්ථයෙන් ධ්වනිත වන්නේ බිරිඳකගේ සුන් වූ බලාපොරොත්තු ය. බිරිඳකගේ බලාපොරොත්තුව සිය සැමියා සහ පෙම්වතුන් වී සිටි යුගයේ දී මෙන් ආලය සහ අවධානය වඩාත් හොඳින් ලබා ගැනීමයි. නන්දා මාලිනියගේ මේ ගීයෙන් සියළු සැමියන් වෙත සන්නිවේදනය කරන්නේ එම පණිවිඩය නොවේ ද ?
මගේ සඳ,     මගේ සඳ ඔබ
එදා සඳ නොව,   මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ, මගේ...

එදා මට ඔබ සරා සඳ විය
කවි ඇසින් දුටු සොඳුරු පියකරු
අඳුරු හද ගැබ එකළු කරමින්
උදාවිය ගිරි ශිකර සිරසේ ...

කිනම් ආකාරයක ගීතයක් වුව ද එමගින් ඉදිරිපත් කරනු ලබන පණිවිඩය තුළින් ග්‍රාහකයා කිසියම් ප්‍රතිචාරයක් දක්වන්නේ නම්, එම ගීතය සන්නිවේදනාර්ථය අතින් සාර්ථක ගීතයක් ලෙස හඳුනා ගත හැකිය. අර්ථාන්විත ගීතයකින් මනා වූ සන්නිවේදන කාර්යයක් සිදුවේ. ග්‍රාහකයාගේ චිත්තානන්දය වර්ධනය කිරීම එහි ප්‍රථමයෙන් සිදුවන කාර්ය වේ. ආනන්දයෙන් ප්‍රමෝදිත ග්‍රාහකයා අනතුරුව ගීතයෙන් ඉදිරිපත් වූ අර්ථය වටහා ගනී. එවිට ග්‍රාහකයා තුළ ප්‍රඥාව උපදී. රටක සංවර්ධනය උදෙසා වන සංවර්ධන ආකල්ප කිසියම් අර්ථාන්විත පදමාලාවකින් ඉදිරිපත් කර එය ගීතයක් දක්වා වර්ධනය කිරීමෙන් රටක සංවර්ධන කාර්යය උදෙසා වූ අත්‍යවශ්‍ය අංගයක් වන සමාජගත ජනතාවගේ මානසිකත්වය, ඔවුන් තුළ නොදැනීම වර්ධනය කරගත හැකිය. එබැවින් රටක සංවර්ධනය උදසා වන සංවර්ධනාත්මක සන්නිවේදනයක් ද (Development Communication) ගීතය තුළින් අරමුණු කර ගත හැකිය.

වර්තමානයේ බොහෝ සෙයින් දක්නට ලැබෙනුයේ හරසුන් ගීත නිර්මාණයන් ය. ඇතැම් ගීත කිසිඳු සම්බන්ධයක් නොමැති පදවැල් කිහිපයක් පමණක් ඇති අතර සංගීතය ප්‍රබලව යෙදීමෙන් ඇතැම් රසිකයන් තුළ මස්පිඩු සෙලවීමට පමණක් එම ගීත සීමාවී ඇත. නමුත් අවසානයේ ලබාගත යුතු ප්‍රඥාවක් එම ගීත තුළ නොමැත්තේ කිසිඳු වැදගත් පණිවිඩයක් එම ගීත තුළ අන්තර්ගත නොවන බැවිනි. එසේ ම එවැනි ගීත තුළින් කිසිඳු සන්නිවේදන කාර්යයක් ද සිදු නොවේ.

අනෙකුත් සන්නිවේදන මාධ්‍යයන් හා සසැඳීමේ දී ගීතය නමැති කලා මාධ්‍යය තුළින් සන්නිවේදන කාර්යයන් ඉටුකර ගැනීම වස් වැදගත් වූ කාර්යභාරයක් ඉටු කර ගත හැකි බව මෙයින් පැහැදිලි වන්නකි. නිදහස්ව, නිරවුල් චින්තනයකින් යුතුව ගීතවල අර්ථය වටහා ගන්නේ නම්, එම ගීත මගින් සන්නිවේදනය කරන්නා වූ පණිවිඩය අවබෝධ කරගත හැකිවන අතර එවැනි ගීත ශ්‍රවණයෙන් ආනන්දයක් මෙන් ම ප්‍රඥාවක් ද ඉන් නොනැවතුණු අවැසි සමාජගත කාර්යභාරයක් ද ඉටුකර ගත හැකිය.


අන්තර්ජාලයේ පළ වූ ලිපියක් ඇසුරිණි



පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...