Wednesday, October 26, 2016

 

සමාජ සංවර්ධනයෙහි ලා ආගමික සන්නිවේදනයෙහි වැදගත්කම

 

 

 


බොදුනුවන්ට අනුව වැසි සහිත මාස හතරෙන් අවසාන මාසය චීවරදාන සමයයි. වස් කාලය ශික්ෂාපද ආරක්ෂා කරමින් වැඩ වසන හිමිපාණන් වහන්සේලාට වස් පවාරණ විනය කර්මයෙන් ඉක්බිති කඨිනස්ථාරය නම් විනය කර්මයට අවස්ථාව උදාවෙයි. එය ආගමික කාරණා සන්නිවේදනයේ එක්තරා කෘත්‍යයකි. බුදුන් වහන්සේ මෙලොව පහල වූ විශිෂ්ඨතම සන්නිවේදකයා වශයෙන් සැලකෙයි. බුදු හිමියන් දේශනා කළ සන්නිවේදනයෙහි බලය අදටත් පවතින බවට කඨින පූජාව උදාහර

ණයකි. බුදුන් ජීවමානව විසූ සමයේ වැසි කාලයේ දී පිණ්ඩපාතයෙහි ඇතුළු අවශ්‍යතා සඳහා චාරිකාවේ හැසිරෙන භික්ෂූන් වහන්සේ නොදැනුවත්ව තණ පැලෑටි නසමින්, කුඩා සතුන් පාගමින් තෙත බත්ව ඇවිදින විට දෝෂාරෝපණයට ලක්ව තිබේ. ඒ බව සලකා වස් කාලසීමාව සහ කඨින සිවුරු පූජාව බුදු රජාණන් වහන්සේ අනුදැන වදාල බව බෞද්ධ පොත පතෙහි ස`දහන්ය. එය බලවත් සන්නිවේදනයක් වශයෙන් අදටත් පවතියි.

බුදු හිමියන් ප‍්‍රකාශ කළ වදන ව්‍යවහාරයක් වශයෙන් මුලින් පවතින්නේය. පසුව එය පුස්කොල පොතෙහි ලියැවෙයි. ධර්ම පොත් වශයෙන් මුද්‍රණය වෙයි. ගුවන් විදුලිය මගින් ඇහෙන්නට සලස්වයි. ආරම්භයේ දී ගුවන් විදුලිය සීමිත විකාශයකි. දැන් අන්තර් ජාල විකාශයක් වශයෙන ලෝකය පුරා විහිදෙන ප‍්‍රචාරයකි. රූපවාහිනිය, අන්තර් ජාලය එම අන්තර් ජාලය ඔස්සේ ෆේස්බුක්, ටිවිටර් වැනි සමාජ සන්නිවේදන ක‍්‍රම බහුලව උපයෝගී වෙයි. බුදු රජාණන් වහන්සේ ගේ දේශනා වසර දෙදහස් හයසියයක් පවතින්නේය. එසේ පවතින මුල් කාලය අද වැනි ඉතාමත් දියුණු සංකීර්ණ සන්නිවේදන භාවිතාවක් නොතිබුණි. එවැනි පසුබිමක් තුළ පවා ධර්මය පරම්පරාගතව ආරක්ෂාවිම බලවත් සන්නිවේදන ව්‍යුහයක ලක්ෂණ පෙන්වයි.

බුදු දහම පමණක් නොවේ. කිතුනු, හින්දු, ඉස්ලාම් හින්දු සැම ආගමකම සන්නිවේදන ආකෘතියක් තිබේ. මෙම ආගමික දර්ශනය තුළ ගැබ්ව ඇත්තේ සන්නිවේදනයේ ප‍්‍රබලත්වයයි. ජනතාව අතරට ගොස් කරන දේශනාව තුළින් ජනතාව දිනාගෙන ඔවුන් එහි අනුගාමිකයන් සරණ ගිය බැතිමතුන් බවට පත්කරන්නේ සන්නිවේදනයෙහි දක්ෂතා පෙන්වූ ආගමික සාස්තෘන්ගේ අනන්‍යතාවයයි. එයින් කියැවෙන සත්‍ය, සත්‍ය කෙරෙහි ඇතිකරගන්නා විශ්වාසය සහ එය තුළින් ලබන ජීවිත සරණ ජනතාවගේ පරමාධ්‍යාශය බව පෙනේ.

අද වන විට ආගමික සන්නිවේදනය කෙබඳුද? අපට ප‍්‍රශ්න කරන්නට අවස්ථාවක් තිබේ. ආගමි නායකයන් ස්වකිය දර්ශනය ජනතාව අතර බෙදා දුන් කාලයට වඩා දියුණු සන්නිවේදනයක් අද තිබේ. මේ අතරවාරයේ පෙන්වන්නේ සන්නිවේදන මෙවලම්වල දියුණුවයි. ක්ෂණයකින් ලෝකය ආමන්ත‍්‍රණය කරන්නට සන්නිවේදනයට ඇති හැකියාවයි. නමුත් ඒ සියලූ දියුණු පැතිවලට ආගමික සන්නිවේදනය සාර්ථක එකක් කරගන්නට ඉඩ දී තිබේද? ආගමික සංන්නිවේදනය එකිනෙකට වෙනස් තරගකාරි ව්‍යුහයකට ගමන් කර ඇති නමුත් ජනතාව අපේක්ෂා කරන සැනසිල්ල ඇති කරන්නට එය අනුබලයක් වන්නේ නැත. සලකා බැලිය යුතු වැදගත්ම කාරණය එයයි.

බුදු දහම සන්නිවේදනය කිරීමේ දී මුද්‍රණය වන පොත පත ගැන නොයෙක් විවේචන තිබේ. මෑතක දී පරිවර්තනය වූ ත‍්‍රපිටකය දෝෂ සහිත බව කියන්නේ වියත් හිමිපාණන් වහන්සේලාය. වෙබ් අඩවි, ෆේස් බුක් සහ ට්විටර් වැනි දේ මගින් අප‍්‍රමාණ දහම් පණිවුඩ හුවමාරු වෙයි. යූ ටියුබ් මගින් දේශනා විකාශය වෙයි. ගුවන්විදුලියෙන් බණ අසා පුරුදු ව සිටි සමාජයට රූපවාහිනයෙන් පමණක් නොව අන්තර් ජාලයෙන් ද දහම් පණිවුඩ නිවසටම ඒ මොහොතේ ම ලබා ගත හැකිය. නමුත් සමාජ පරිවර්තයකට හේතුවක් වි තිබේද? අනෙකුත් ආගම් වල පැවැත්මට ද අත්පත් වී ඇත්තේ මෙම ස්වභාවයම බව පැහැදිලිව පෙනේ. ආගමික සන්නිවේදනය තුළ අධ්‍යයනය කළ යුතු පැති තිබේ.

ඕනැම පුද්ගලයෙකුට දහම් කාරණා එකතු කර එළි දක්වන්නට බාධාවක් නැත. දහම බව කියමින් එකිනෙකට වෙනස් දේශනා මතුවෙන්නේය. බුදු දහම, කිතුනු, හින්දු පමණක් නොව ඉස්ලාම් ඇතුළු ලෝකයේ සියලූම ආගම් දෙස බලන විට පැහැදිලිව පෙනෙන්නේ එයයි. මෙම තත්ත්වය දෙස ගැඹුරු ආකායකට බලන්නට සන්නිවේදකයන්ට වගකීමක් තිබේ. විකාශ්‍ය කරන්නේ ධර්මයට එකඟ කරුණුද? පුවත්පතක, ගුවන් විදුලියක හෝ රූපවාහිනී නාලිකාවක විකාශය කරන වැඩසටහනක සම්පාදනය කරන ආගමික වැඩසටහන් දැනුම පෝෂණය කරන අන්තර්ගතයකින් යුක්ත ද යන්න විමසා බලන්නට අප සියලූ දෙනාටම සුවිශේෂී වගකීමක් ඇත.

අද මාධ්‍ය භාවිතාව අනුව ආගමික අන්තවාදය දෙසට යොමුවන ආකාරය දැක ගත හැකිය. පොදු භාවිතාව වෙනුවට පුද්ගල කේන්ද්‍රිය කරගත් සන්නිවේදනය හැසිරෙන්නේ තරගකාරී ආකාරයටය. තරගකාරී මාධ්‍ය කතා කරන්නේ තමන්ට හිමි වෙළඳ පොළට විනා අනෙක් පාර්ශව වලට නොවේ. නිරායාසයෙන්ම පටු අන්තවාදී අදහස් වලට නැඹුරුවක් සකස් වෙයි.

සමාජය තුළ ආගමට ඇති තැන උසස් එකකි. ආගමික නායකයන්ට ලැබෙනපිළිගැනීඹ සුවිශේෂීය. නමුත් මාධ්‍ය භාවිතාවේ දී ආගමික දර්ශනයට ඉඩ සීමිතය. ආගමික පණිවුඩය පුවත් පතක පළමු පිටුවට ගැනෙන්නේ නැති තරම්ය. දේශපාලනයට වැඩි ඉඩක් ලැබේ. දේශපාලනඥයන් කරන කියන දේ ඉහලින් වාර්තාකරයි. නමුත් දේශපාලනඥයන් ගැන සමාජයේ විශ්වාසයක් නැත. මෑතකදී කරන ලද පර්යේෂණක් පෙන්වා දෙන්නේ ආගමික නායකයන් සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති බවය. දේශපාලනඥයන් මේ රට තුළ ගැටුම් ඇති කරන ලද බවට චෝදනාවක් තිබේ. ත‍්‍රස්තවාදය දක්වා රට තුළ බලවත් ගැටුම් ඇතිවූයේ දේශපාලනඥයන් බලය උදෙසා ගත් පටු තීන්දු හෙයින් බව නොයෙක් පැතිවලින් කියැවෙයි.

එම ප‍්‍රශ්නය මානව හිමිකම් කොමිසම දක්වා දිග හැරෙන විට එම කොමිසමට යෝජනා කරන්නේ ආගමික නායකයන්ගෙන් සැදුම් ලත් කොමිසමක් මගින් රට තුළ කරුණා සහගත ආයතනයක් පිහිටුවා සත්‍ය අනාවරණය කරගන්නා ලෙසය. ජාත්‍යන්තර ප‍්‍රජාව නිකුත් කරන පණිවුඩයෙන් පෙනෙන්නේ ආගමික නායකයන් වෙත යම් ප‍්‍රශ්නයක් දෙස සාවධානව බලන්නට හැකියාවක් ඇති බවට ඇති විශ්වාසයයි. රට තුළ මාධ්‍ය භාවිතාවේ දී මෙම විශ්වාසය භාවිතාකර ආගමික නායකයෙකු ගේ අදහසක් පුලූල්ව සාකච්ඡා නොකරන්නේ මන්ද? ආගමික නායකයන් වශයෙන් සලකා බලන්නට අවශ්‍ය අන්තවාදී අදහස් නොවේ. අනෙක් ආගම් හෝ ජාතීන් මැඩ අන්තවාදය මතුකරන අවස්ථා නොවේ. සාධාරණව සලකා සමාජය දෙස සමාන මත පතුරවන ආගමික දර්ශනයක් ඇති මධ්‍යස්ථ නායකයන්ය.

ගුවන් විදුලිය පවා ආගමික විකාශ කරන්නේ තම අසන්නන් දිනා ගැනීමේ අරමුණ ප‍්‍රමුඛ තැනෙක තබා ගෙනය. එහි ඇත්තේ තරගයකි. මෙම තරගයෙන් උත්සාහ කරන්නේ වෙළඳපොල අයිතිය දිනා ගැනීමය. රට තුළ පවතින ආගමික සන්නිවේදනය ප‍්‍රබල එකක් නම් අද පවතින ගැටලූ වලට ඉඩක් නැත. දහම අසා විමසා බලා ඒ අනුව ජීවිතය සකස් කරගන්නා අතර එයින් විනයානුකූල පරපුරක් රටට ලැබේ. යහපත් ලෙස එය සිදුවන්නේ නම් ලෝකයට ආදර්ශයක් දිය හැකිය. නමුත් ඇත්ත එය නොවේ. සියලූ ධර්ම සන්නිවේදනයට ඉඩ දෙන නමුත් රට තුළ සිදුවන්නේ දහමට නොගැලපෙන කාරණාවන්ය. එයින් අනාවරණය කරන්නේ ධර්ම සන්නිවේදනයෙහි ඇති ගැටලූ බව පැහැදිලිය. මෙම පැති ගැන විමසා බලා ආගමික සන්නිවේදනයෙහි මාධ්‍ය භාවිතාව ගැන අලූතින් හිතන්නට රටට අවස්ථාවක් ලැබී තිබේ.

 

දස පනත Ten Commandments ප්‍රධානය කිරීම
*
එකම දෙවියන් සරන යෑම
*
කවරාකාරයෙන් හෝ ප්‍රතිමාවක්/පිළිරුවක්/පිංතූරයක් සාදා
නොගන්න.ඒවාට නමස්කාර/වන්දනාමාන /වැඳුම් පිඳුම් නොකරන්න
*
දෙවිඳුන්ගේ නාමය නිකරුනේ ව්‍යවහාර නොකිරීම
*
සබත් දවස ශුද්ධ කොට පවත්වන්න
*
දෙමාපියන්ට ගෞරව කරන්න.
*
මිනී නොමරන්න
*
කාමමිථ්‍යාචාරය නොකරන්න
*
සොරකම් නොකරන්න
*
බොරු සක්ෂි නොකියන්න
*
අන්සතු කිසිම දෙයකට ආශා නොවන්න

1 comment:

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...