Wednesday, January 27, 2016


ටැම්පිට විහාර සම්ප්‍රදාය


සෑම විහාරයක්ම මෙන්ම ටැම්පිට විහාර ද අයත් වන්නේ එම ජනප්‍රිය කලාවට ය.
ටැම්පිට යන වචනයෙන් ම අරුත් ගැන්වෙන පරිදි ටැම් හෙත් කුළුණුමත ඉදිකළ විහාර ගෙවල් මින් අදහස් වේ. බොහෝ විට සිදුවන පරිදි මෙම කුළුණු ගල් ටැම් විය. කලාතුරකින් ගඩොලින් තැනූ කුළුණු මත ඉදිඅකළ විහාර ද හමු වේ. මෙම විහාර සම්ප්‍රදාය මහනුවර රාජධානි සමයේ දී එනම් 17 වැනි සියවසේ ආරම්භව 19 වැනි සියවසේ අවසාන භාගය දක්වාම පැවති ගොඩනැගිලි විශේෂයකි. 20 වැනි සියවසේ ආර්භයෙන් පසුව ටැම්පිට විහාර තැනීම පිළිබඳව සාධක අපට හමු නොවේ. එහෙත් පසුකාලීන අලුත්වැඩියාවන් නිසා 17 වැනි සියවසේ ඉදිකළ ටැම්පිට විහාර ඒ තත්ත්වයෙන් ම අද හමු නොවේ.
අද දැක ගත හැකි වඩාත් පැරැණි ටැම්පිට ප්‍රතිමා මන්දිරය වශයෙන් ලිඛිිත සාධක ඇත්තේ මහනුවර මැදවල ටැම්පිට විහාරයටයි. මැදචල තඹ සන්නසට අනුව 14 වැනි සියවසේ දී දෙමහල් විහාරයක් ව පැවති එය ටැම්පිට විහාරයක් ලෙසට පරිවර්තනය කර නැවත ඉදිකරවා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1781) රජුගේ අනුග්‍රහයෙන් ක්‍රි.ව. 1755 දී ය. අපගේ අධ්‍යයනයේ දී 19 වැනි සියවසේ තැනූ බවට සාධක ඇති ටැම්පිට විහාර කිහියක් ම හමුවිය. මාකෙහෙල්වල අභයරාජ විහාරය 1855 දී තනා ඇති අතර ගම්පහ යටවත්ත ටැම්පිට විහාරය තනා ඇත්තේ ක්‍රි.ව. 1861 දී . කෑගල්ල මිනුවන්ගමුව ටැම්පිට විහාරය නිම කරවා ඇත්තේ 1886 මැයි 2 දා බවට සාධක පවතී. මේ අනුව අවසාන ටැම්පිට විහාරය මිනුවන්ගමුව විහාරය බව පෙනේ.
ටැම්පිට විහාර, ඒවා නිර්ාණය කොට ඇති අවධියට අයත් දේශීය ගෘහ නිර්මාණ ශිල්පය, කැටයම් සහ මූර්ති කලායව මෙන්ම බිතසිතුවම් ද ආරක්‍ෂා වී පවතින කුඩා කලාගාර ලෙස හැඳින්විය හැකි බව ආචාර්ය එස්. යූ. දැරණියගල පවසයි.
බෞද්ධ විහාරයක ප්‍රධාන අංග වූයේ දාගැබ, බෝධි වෘක්‍ෂය, උපෝසථඝරය සහ පතිමා මන්ද්ිරයයි. අනුරාධපුර සහ පොළොන්නරු යුගවල ඉතා දියුණු ප්‍රතිමා මන්දිරය සැලසුම් දක්නට ලැබේ. පොළොන්නරුවේ තිවංක පිළිම ගෙව, ථූපාරාම පිළිම ගෙය ආදී නෂ්ටාවශේෂ ඒ බව හෙළි කරයි.
ප්‍රතිමා මන්දිරය තැනීමේ අරමුණු බෞද්ධ ප්‍රතිමාවලට වන්දනාමාන කිරීම ය. ඒ නිසා මෙම ගොඩනැගිලිවල ප්‍රමුඛතම අංගය බුද්ධ ප්‍රතිමාය. මේවා ගඩොල් සහ කලුගල් භාවිතයෙන් ඉදිකළ විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි විය. පිළිම වහන්සේ පැදකුණු කරමින් වන්දනා කිරීම සඳහා ප්‍රදක්‍ෂිණාපථයක් ද විය. (පුරාවිද්‍යාව වී. ඩී. ස්. ගුණවර්ධන 54 පිට) එවැනි විශාල ගොඩනැගිලි තැනීම රාජ්‍ය අනුග්‍රහයෙන් කළ යුතු කාර්යයක් විය. මේ නිසා පොළොන්නරු යුගයෙන් පසු රාජධානි සමයන්හිදී විශාල ගොඩනැගිලි ඉදිවීම සීමා විය. විදේශීය ආක්‍රමණ වැනි වියවුල් ඒ සඳහා හේතුපාදක විය. මහනුවර යුගය උාවන්නේ යුරෝපීය ආක්‍රමණ ඉහළ යමින් පැවති වකවානුවක ය. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණවලින් මහනුවර රාජධානිය වෙහෙසට පත්ව තිබුණි. මේ නිසා විශාල ප්‍රතිමා මන්දිර තැනීමට රජවරුන්ට ඉස්පාසුවක් නොවීය. ඒ හේතුවෙන් කුඩා ප්‍රතිමාන්දිරය රටේ විවිධ ප්‍රදේශවල ඉදිකිරීම සිදුවිය. මේ සඳහා රජු
අනුග්‍රහය දැක් වූ අතර, එයට අමතරව ප්‍රාදේශීය ප්‍රභූවරුන් සහ දායක දායිකාවන්ගේ සහයෝගය ද ලැබිණි.
මහනුවර යුගයේ ඉදි වූ විහාර පහත සඳහන් පරිදි වර්ග කර දැක්විය හැකි ය.
(අ) සාමාන්‍ය ප්‍රතිමා මන්දිර (භූමිය මත ඉදිකළ)
(ආ) ලෙන් විහාර
(ඇ) ටැම්පිට විහාර
මේ අතරින් ටැම්පිට විහාර මෙකල ඉතා ජප්‍රිය වූ ගොඩනැගිලි විශේෂයක් බව පැහැදිලි වේ. විශේෂයෙන් රටේ තෙත් කලාපයට අයත් ප්‍රදේශවල එය වඩා.ත් ප්‍රචලිතව පැවතිනි. වයඹ, සබරගමු , මධ්‍යම බස්නාහිර පළාත්වල ටැම්පිට විහාරවල ඉහළ ඝනත්වයක් දැකගත හැකි ය. මේ අතරින් වැඩිම ටැම්පිට විහාර සංඛ්‍යාවක් වාර්තා වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයෙනි. දෙවැනි තැන වයඹ පළාතයට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයට හිමි වේ. උතුර සහ නැගෙනහිර පළාත්වලින් මෙම ගොඩනැගිලි විශේෂය වාර්තා වී නැත.
අදටත් ජීවමන ස්වරූපයෙන් වැඳුම් පිදුම් ලබන ටැම්පිට විහාර උඩරට කලා සම්ප්‍රදාය සුරැකි කලාගාර වශයෙන් හැදින්විය හැකිය. විශේෂයෙන් කුඩා ඉඩකඩක් භාවිතයෙන් බදූුහිමියන් කෙරෙහි භක්තිය දැනවීමට කලාකරුවාට තිබූ හැකියාව මින් පැහැදිලි වේ.
දිස්ත්‍රික්කය ටැම්පිට විහාර සංඛ්‍යාව
අනුරාධපුර 5
කළුතර 1
කෑගල්ල 48
කුරුණෑගල 28
මහනුවර 15
මාතලේ 11
ගම්පහ 10
රත්නපුර 8
ගාල්ල 2
මාතර 4
හම්බන්තොට 2
නුවරඑළිය 3
ප්‍රභවය
මෙම ගොඩනැගිලි විශේෂයෙහි ප්‍රභවය පිළිබඳව සැලකීමේ දී මත කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර, එයින් වඩාත් පිළිගැනීමට ලක්ව ඇත්තේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුරගේ මතයයි. ඔහු ටැම්පිට විහාර සංරක්‍ෂණය කිරීමට ද පුරෝගාමී වූ
පුද්ගලයෙකි. මැදවල, දොරබාවිල , අම්බුලුගල වැනි මැට්පිට විහාර සංක්‍ෂණය කළේ ඔහුගේ උනන්දුව මතය. මුලින්ම දෙමහල්ව තිබූ විහාර ගෙවල් පසුව ටැම්පිට විහාර බවට පරිවර්තනය වූ බව හු සඳහන් කරයි. මහනුවර මැදවල විහාරය සහ මාවනැල්ල අම්බුලුගල විහාරය ඒ සඳහා උදාහරණය ලෙස ඔහු ඉදිරිපත් කරයි. (ටැම්පිට පිළිම ගේ 2 චාල්ස් ගොඩකුඹුර, කලා සඟරාව 1963 මාර්තු 1 පිට)
අනුරාධපුර යුගයේ දී මහල් ගෙවල් ඉදිකළ බවට සාධක දක්නට නොලැබුණ ද පොළොන්නරු යුගයේ දී එවැනිම පිළිම ගෙවල් ඉදිකළ බවට සාධ 1 වැනි විජයබාහු රජුගේ (ක්‍රි.ව. 1055-1110) අටදාගේ ගොඩනැගිල්ල සහ කීර්ති නිශ්ශංකමල්ල රජුගේ (ක්‍රි.ව. 1187 - 1196) හැටදාගේ ගොඩනඟිල්ලෙන් තහවුරු වේ.මෙවැනි පිළිම ගෙවල පහළ මාලය පිළිම වහන්සේලා තැන්පත් කර තිබුණ අතර, ඉහළ මාලයේ ධාතූන් වහන්සේලා තැන්පත් කර තිබුණි. දළදා මාලිගාවල ඉතිහාසය දෙස බලන විට ඒ සඳහා යොදා ගන්නේ මහල් ගොඩනැගිල්ලකි. මහනුවර දළදා මාලිගාව ද දෙමහල් ගොඩනැගිල්ලකි. පොලොන්නරුවේ දළදා ගේ වශයෙන් හඳුනාගෙන ඇති අටදාගේ සහ හැටදාගේ මහල් ගොඩනැගිලි බව එහි ඉහළ මාලයට පිවිසීමට ඇති පියගැටවලින් පැැදිලි වේ. දඹදෙණියේ දළදා මැදුර ද තුන් මහල් පහයක් බව මහාවංශය සඳහන් කරයි. (මහාවංශය 82 පරි 6-9 පද්‍ය ) 6 වැනි පරාක්‍රමබාහු රජු ඉදිකළ කෝට්ටේ දළදා මැදුර ද තෙමහල් පහයක් විය. ( මහාවංශය 91 පරි 17 පද්‍යද) අවසාන දළදා මැදුර වූ මහනුවර දළදා මාලිගය දෙමහල් ගොඩනැගිල්ලකි. මෙලෙස එවකට ජනප්‍රියව පැවති ඉතා පූජනීය ගොඩනැගිලි වූ දළදා මැදුරුවල බලපෑම ද ටැම්පිට විහාර සඳහා බලපාන්නට ඇත.
වර්ෂාධික නිවර්තන කාලපීය රටවල වේයන් ආදී කෘමින්ගෙන් දැව ගොඩනැගිලි ආරක්‍ෂා කර ගැනීම සඳහා ගල්කණු මත ගොඩනැගිලි ඉදිකිරීමේ සිරිතක් පවතී. ලංකාවේ වී අටු ගල්කණු මත ඉදිකරන්නේ එම ධාන්‍ය වේයන්ගෙන් සහ තෙතමනයෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා ය. එවැනි විශාල ධාන්‍ය අටු ගඩලාදෙණි විහාරයේ සහ ඇම්බැක්කේ දේවාලයේ දී දැකගත ැකි ය. නිවාස ඉදිරිපිට තැනූ කුඩා වී අටු සඳහා ද ගල් යොදා ගැනිණි. ටැම්පිට විහාර ගෙවල් ඉදිකිරීමට පෙරගල් ටැම් මත ගල් ගෙඩි ත හරහට බාල්ක දමා අම්බලම් වැනි ගොඩනැගිලි ඉදිකිරීම පැවතිණි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පනාවිටිය අම්බලම ඉදිකර තිබෙන්නේ අඩි 1 ක් පමණ උස ගල්කණු යොදා ඒ මත මහත බාල්ක යෙදීමෙනි. මහනුවර හේවාහැට ගොඩමුණේ අම්බලම ඉදිකර තිබෙන්නේ පස් පුරවා සැලසූ පදනමක් මත ගල්කුට්ටි යොදා බාල්ක ඇතිරීමෙනි. නාරම්මල කරගහගෙදර අම්බලම මෙන්ම ගම්පහ ඇවරියවල අම්බලම ද මෙයට සමාන ගොඩනැගිලි වේ. ඉන්දියාවේ ඕරිස්සා ප්‍රාන්තයේ ද මෙවැනි ගොඩනැගිලි පැතිරි ඇත.ගල්ගෙඩි මත තිබූ වී අටු පසුකාලීනව උස් ගල්කණු මත හරහට දැව බාල්ක යොදා සාදන ලදී. මෙසේ ධාන්‍ය ආරක්‍ෂා කරගැනීමේ අරමුණු සඵල වූ අතට ටැම්පිට ප්‍රතිමා ගෘහ සඳහා මෙම පරිණාමය ද බලපාන්නට ඇති බව ගොඩකුඹුර ඇතුළු විද්වත්තූ පවසති. මෙලෙස ටැම්පිට ගොඩනැගිලි ඉදිකිරීම බුරුමය, තායිලන්තය, කාම්බෝජය , වියටනාමය , චීනය , ජපානය වැනි පෙරදිග
රටවල දක්නට ලැබෙන ගොඩනැගිලි සම්ප්‍රදායකි. මෙලෙස තනන ලද පැරණි කුඩා අටු හෝ බිහි යට ඉඩ වැස්සට නොතෙමෙන අතර, අව්වෙන් ද ආරක්‍ෂා වේ. උස්ටැම් මත කරන ලද අටුවලට යටින් ඇති ඉඩකඩ මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගැනීම සිදුවිය. ගොඩකුඹුරේ සඳහන් කරන අයුරෙන් අපේ පැරණි ගම්වල වැසියන්ගේ ප්‍රයෝජනයට අමතර කාමර නොතිබූ නිසා අමුත්තන් පැමිණි විට අටුව යට නවාතැන් ගැනීමට ඉඩ දුනි.
කුඩා විහාර මන්දිරයකට ගාම්භීර පෙණුමක් ලබාදීමට ද මෙලෙස උස් ගල්කණු මත ඉදිකන්නට ඇති බවට තවත් අදහකි. ( සෙංකඩගල පුරාණය පියතිස්ස සේනානායක 126 පිට )
මේ අනුව ටැම්පිට විහාර ඉදිකිරීමට බලපෑ හේතු කිපයක් හඳුනාගත හැකි ය.
(අ) මහල් දළදා මැදුරවල බලපෑම.
(ආ) තෙතමනයෙන් සහ වේයන්ගෙන් ප්‍රතිමා සහ සිතූවම් ආරක්‍ෂා කරගැනීම.
(ඇ) කුඩා විහාර මන්දිරවලට ගාම්භීර පෙනුමක් ලබාදීම.
ටැම්පිට විහාර අතරින් බහුතරයක් එතරම් උස් කණු මත ඉදිකළ ඒවා නොවේ. ඒවා අඩි 1-2 ක් පමණ උස් කණු මත ඉදිකරන ලද ඒවා ය. පොළොව මට්ටමෙන් අඩි 7-8 ක් උස් ටැම්පිට විහාර කලාතුරකින් දක්නට ලැබුණි. අම්බුලුගල , බිංගිරිය , මාහල්ලොලුව , දොරබාවිල , දියසුන්තන වැනි විහාර උස්ටැම්මත ඉදිකළ ඒවා වන අතර, මැදවල, දැතව, මී පිටිය, ලෙව්කේ, කෝඳුරුවාපොල , මැටිකොටමුල්ල, නක්කාවත්ත ඇතුළු විහාර රැසක් උසින් අඩු ටැම්මත ඉදිකර ඇත.
ඇතැම් තැන්වල පහත මාලයේ ගල්කණු මැදිවන සේ කොට බිත්තියක් බැඳ ඒ මත ව්‍යාඝ්‍ර රූප අඹා ඇත. බුදු මුත්තාව රජමහා විහාරය එයට උදාහරණය සපයයි. ( සෙංකඩගල පුරාණය පියතිස්ස සේනානායක 125 පිට) තවත් ටැම්පිට විහාර මැදිවන සේ පසු කාලීනව ධර්මශාලා ඉදිකර තිබිණි. මාවනැල්ලේ කිරියාතැන්න සමහිඟුල මල්වතු විහාරවල එම ස්වභාවය දැකිය හැක.
දෙමහල් විහාරවලට පත් ටැම්පිට විහාරවල බිම්මහල විවිද ආගමික කටයුතු සඳහා භාවිතා කෙරේ. නාවින්න සහ දියසුන්නත ටැම්පි විහාර වල බිම්මහල පෝයගේ වශයෙන් ද දොරගමුව බිංගිරිය ටැම්පිට විහාරවල බිම්මහල ධර්මශාලා ලෙස ද යොදාගෙන ඇත. දඹදෙණිය විජයසුන්දරාරාමයේ සහ ධන්තුf්ර විහාරවල බිම්මහල තවත් ප්‍රතිමා ගර්භයක් ලෙස යොදාගෙන ඇත. උස් ටැම්පිට විහාරවලට පිවිසිය යුතු වූයේ, දැව තරප්පු පෙළකිනි.
බිහල්පොල, කෝඳුරුපොල , කොළමගම , කලෝටුවාව , වැනි ස්ථානවල ටැම්පිට විහාර ඉදිකර තිබෙන්නේ ගල් පර්වතය මතය. එයින් පෙනෙන්නේ වේයන්ගෙන් යන කරදර නොමැති පර්වත මත පවා ටැම්පිට විහාර පිටුවා ඇති බවය.
ටැම්පිට විහාර ඉදිකිරීම
ටැම්පිට විහාර ඉදිකරන ලද්දේ පොළොව සමතලා කොට පදනමක් ඉදිකර නොමැතිව ගල්ටැම් සිටුවීමෙන් පසුව ය. මේ සඳහා යොදාගත් ගල් ටැම් ඒ කාර්යයටම සකසා ගත් ඒවා නොවීමට ඉඩ තිබේ. නටබුන් වූ පැරණි ගොඩනැගිලිවල ගල්ටැම් ද ඒවා යොදාගෙන ඇති බවට සාධක හමු වී ඇත. කුරුනෑගල දිස්ත්‍රික්කයේ දොරඹාවිල ටැම්පිට විහාරයට යොදාගත් ගල්කණු අතර 10 වන සියවසට අයත් අත්තානි කණු දෙකක් ද ඇත. (්රජයසඑැජඑමරු දf ීරස ඛ්බන් ක්‍ග ෑග ඨදා්නමපඉමර් 1976 15 ඡ* මෙම ටැම් ඔප මට්ටම් කිරීම බොහෝවිට සිදුව නැත. එහෙත් දන්තුරේ මැට්පිට විහාරය අලංකාර කැටයමෙන් යුත් ටැම් යොදාගෙන තිබේ. මෙම ටැම් බොහෝ විට අඟල් 9-9 ප්‍රමාණයෙන් කළුගල් කුළුණු මත ඉදිකිරිනි. අඟල් 9 -12 ප්‍රමාණයේ ටැම් ද භාවිතා කර තිබේ.
ගල් කණු මත දිගට හා හරහට දැව බාල්ක යොදා එම සැකිල්ල මත ඝනකම් ලෑලි අතුරා සකස්කර ගත් වේදිකාවක වරිච්චි බිත්ති බැදගැනේ. මෙම ලෑලි අඟල් 2-3 ක් පමණ ඝනකම විය. බොහෝ විට විහාර ඉදිකිරීමට ශක්තිමත් දැවයක් වූ නා භාවිතා කළ බව පැවසේ. ඊට අමතරව මිල්ල , කැටකෑල , ආදී දැව භාවිතා කෙරිනි. ( සබරගමුව වංශකථාව 2 වෙළුම 503 පිට) ලෑලි තට්ටුවේ සිව්කොන කිතුල්කණු සිටුවා උණ ලී බඩ ලී පුවක් රීප්ප ආදිය ගෙන තද වැල්වලින් බිත්ති රාමුව සකසා ගැනේ. ඊට පසු මැටිවලින් පුරවා දෙමැට්ට ගසා දෙපැත්තට පෙනෙන ලී පටි වසා ගනී. ඊට පසු බිත්තියෙහි ඇති පලුදු මැකී සමතලා වන සේ කපරාරු කර ගැනේ. සමහර විට වරිච්චි බිත්තියට ලෑලි යොදා එයට මැටි ගසා ගත් අවස්ථා ද හමු වේ. රඹුක්කන වල්ගම ටැම්පිට විහාරය එවැන්නකි.
මකුළු මැටි හෝ හුණු බදාම ආලේපයෙන් බිත්ති සුදුකර ගැනේ. අනතුරුව ඔප දමා බිතුසිතුවම් අඳිනු ලැබේ. බිත්තිවලට සහ පිටත දැව කණුවලට ද බර යෙදෙන සේ පියස්ස සකස් කෙf්ර. පියස්ස සඳහා යොදාගත්තේ මහනුවර යුගයේ ජනප්‍රිය වූ පෙති උළු ය.
සකස් කරන ලද ගල්කණු නිසි සේ බිම සිටුවා දැව බාල්ක එකී ගල්කණු මත තැබිණි. ඊට පසු තට්ටුව සෑදීමට හරස් බාල්ක යොදා ඒවා සවිමත් කෙරිි. මෙම ගොඩනැගිල්ල බාල්ක හරස් බාල්ක හා පේකඩ සහිතව දිවිය. එහි කැටයම් කරන ලද කුළුණු සහ උළුවහු ද කැටයමින් යුත් ගොනැස් පරාල ද විය. පියස්සේ වඩිම්බුව යකඩ ඇණවලින් තද කොට තිබේ. එහි උළු සෙවිලි
කර මුදුනෙහි කොත් පළඅලංකාර කර තිබේ. (ගම්පහ දිස්ත්‍රික්කය සමාජ සංස්කෘතික සමීක්‍ෂා 244 සිට)
උස් නොවූ ටැම්පිට විාරවලට ඇතුළුවීම සඳහා ඉදිරිපසින් දැව තරප්පු මෙන්ම කලුගල් හෝ ගඩොල් භාවිතයෙන් ඉදිකළ පියගැට ද යොදාගෙන තිබේ. පළලින් අඩු මෙම තරප්පු හෝ පියගැටවල එක් වරකට ගමන් කළ හැක්කේ එක් අයකුට පමණි. දෙමහල් ටැම්පිට විහාරවල උඩුමහලට ගමන් කිරීමට ඇති තරප්පුව උඩුමහලේ බාල්කයට සවි වී ඇති අතර ඒ ඔස්සේ ප්‍රතිමා මන්දිරයේ ඉදිරිපස ආලින්දයට පිවිිය හැකි ය. මෙම තරප්පුව උඩුමහලේ
ලෑලි පොළොවට සම්බන්ධ වන ස්ථානය අවශ්‍ය පරිදි වසා දැමිය හැකි අයුරින් අගුලු දමා දොරකින් වසා දැමීමට පුළුවන.
බිංගිරිය දඹදෙණිය වැනි විහාරවල මේ දොරවල් අදටත් දැකගත හැකි වේ. කුඩා ප්‍රමාණයේ ටැම්පිට විහාරවල ඇතුළුවීමට සහ පිටවීමට ඇත්තේ තනි දොරක් පමණි. තරමක් විශාල ටැම්පිට විහාරවල දොරවල් දෙකක් දැකගත හැකි ය. ලංකාවේ විශාලම ටැම්පිට විහාරය බිංගිරියේ දොරටු 3 කි. තනිදොර සහිත ප්‍රතිමා මන්දිරවල ඇතුළු අඳුරු ස්වරූපයෙන් යුක්ත නිසා පහන් ආලෝකයක් නොමැතිව ිතු සිතුවම් පැහිදිලිව නොපෙනේ.
දෙමහල් තත්ත්වයට පත් ප්‍රතිමා ගෘහවල පිටතින් දෙවන ට්ටමේ පියස්සක් ඉදිකොට දෙමහල් ස්වරූපය බාහිරව පෙන්නුම් කර තිබේ. ඉන් ගොඩනැගිල්ලට අලංකාරයක් ද එක්ව ඇත. අම්බුලුගල බිංගිරිය දංතුරේ දියසුන්නත වැනි විහාරවල මේ ලක්‍ෂණය කැපී පෙනේ. කුඩාම ටැම්පිට විහාරවල හැරෙන්නට අනෙක් සම විහාරයකම ප්‍රතිමා ගෘහය වටා යන සේ ප්‍රදක්‍ෂිණා පථයක් ඉදිකර තිබේ. ප්‍රදක්‍ෂිණා පථය වටා ඇති දැව කණු මැදි වන සේ දැව බීරළු වැටක් කෙටි බිත්තියකින් හෝ සමහර අවස්ථාවලදී සම්පූර්ණ බිත්තියක් ද දැකගත හැකි ය. පිළිම ගේ වටා පැදකුණු කරමින් වන්දනා කිරීමට බැතිමතාට ඉඩ සලසා දීම ප්‍රදක්‍ෂිණා පථයක් අරමුණ විය. පොළොවෙහි ඉදිකළ විහාරස්ථානවල ද මෙම ප්‍රදක්‍ෂිණා පථය දැක ගත හැකි ය. එය හැඳින්වූයේ මෙපිටමාලය වශයෙනි. පූජනීය වස්තුවකට වන්දනා කරන විට ඒ වටා ගමන් කිරීමේ සිරිතක් බොදුණුවන් අතර පවතී. එය ප්‍රදක්‍ෂිණා කිරීම හෝ පැදකුණු කිරීම නම් වේ. පැදකුණු කරන විට වන්දනාකරුවා දකුණු අත පූජනීය වස්තුව දෙසට තිබෙන අයුරින් ගන් කළ යුතු වේ. දකුණු අත වම් අතට වඩා උතුම් කොට සැලකීම පැරැණි සිංහල සිරිතකි. (සිරි දළදා මාලිගාව ජේ. බී. දිසානායක 7 පිට)
මෙම විහාරවල පියස්ස පෙති උළු සෙවිලි කිරීමට යෝග්‍ය ආනතියකින් යුක්ත විය. එය පල හතරක පියස්සකි. සම සතරැස් හෝ දිගටි විය. සමහර පියසි ආනති දෙකක් සහිතව නිර්මාණය කොට වඩාත් දැකුම්කළු බවක් ලබා දී ඇත. පියස්සේ මුදුනට මැටි කොත් එකක් හෝ දෙකක් සවි කෙf්ර- පියස්ස වටා යන සේ බෝ පත් ආකාරයේ මැටි වඩිම්බු උලු සවි කෙරිණි. මෙම උළු කැටවල සිංහල සිංහ මෝස්තර සහ හංසයන් හෝ මොනරුන් ද උන්නත ආකාරයට දක්ා තිබේ. වඩිම්බු උළු යෙදමෙන් අලංකාරය මෙන්ම පරාලවල අග නොතෙමී ආරක්‍ෂා වීම සිදු වේ. ටැම්පිට විහාරවල පියස්සට යෙදූ පරාල කෙළවර සිට අඩි 2-21/2 ක් පමණ දිගට කැටම් කර අලංකාර කර තිබේ. මෙලෙස කැටයම් කළ පරාල එකිනෙක වද්දා පියස්ස සවිමත් කිරීම සඳහා පරාලවල අඟල් 3/4 ප්‍රමාණයේ සිදුරු සාදා එම සිදුරු හරහා එකිනෙක පරාල හරහා යන සේ හතරැස් ලී කූරු සවිකර තිබේ. ගෝනැස් යනු පරාලයටම ව්‍යවහාර කරන හැඳින්වීමක් වූවත් පසුකාලීනව එය පරාල කෙළවරට යොදන කැටයමට පමණක් යෙදේ. ගෝනාගේ ඇස ආකායට මෙය ඇති නිසා ගොනැස් නම් වේ. (ටැම්පිට විහාර ඇම්.ඩී. ලාල්චන්ද්‍ර පුරාවිද්‍යා 7 කලාපය 1993 10 පිට)
සමහර ටැම්පිට විහාර ඉදිරියෙන් ගඩොල් කුළුණු මත පියස්සක් යොදා මණ්ඩපයක් තනා තිබේ. එය ටැම්පිට විහාරයට පැමිණෙන බැතිමතුන්ට එක්රැස් වීමට හේවිසි මණ්ඩලයක් ලෙස ද යොදා ගෙන ඇත. සාමාන්‍යයෙන් ටැම්පිට විහාරයක එක් වරකට උපරිම වශයෙන් 10-15 දෙනෙකුට වඩා වැඳුම් පිඳුම් කළ නොහැක. දැව තට්ටුවට දරාගත හැකි බර මෙන් ම විහාරයේ කුඩා බව ද එයට හේතු වේ.
ටැම්පිට විහාරවල වර්තමාන තත්ත්වය
අද වන විට මෙම අගනා ජාතික උරුමය වැනසී යන ස්මාරක විශේෂයක් වට පත්ව ඇත. එයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ගොඩනැගිලි අබලන් වීමයි. පෙති උළු හෝ සිංහල උළු යෙදූ පියස්ස පහසුවෙන් දිරාපත් වන අතර එවිට වර්ෂා ජලය කාන්දු වීම නිසා බිත්තිවලට සහ බිතුසිතුවම් ප්‍රතිමා ආදියට හානි පැමිණේ. උළුකැටවල මුල්ම තෙමීමක දී එයට පිළියම් නොයෙදීම නිසා ටික කලක් යන විට වහළ දිරාපත් වේ. පැරැණි පරාල නිසා දිරාපත්වීම ඉක්මන් ය. බොහෝ විහාර මන්දිර පුරාවිද්‍යා ස්මාරක නිසා විහාරාධිපති හිමිවරුන්ට පිළියම් යෙදිය නොහැක. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැන්වුව ද ඉක්මන් ප්‍රතිචාරයක් නොලැබෙන බව විහාරාධිපති හිමිවරු පැවසූහ. රඹුක්කන කිරියාතැන්න විහාරයේ පුරාවිද්‍යා සංරක්‍ණය සඳහා වසර 1 1/2 කට පෙර ඉදිකළ තහඩු පියස්ස ද මේ වන විට දිරාපත්ව ඇත.
පහන්දැලි හා හඳුන්කූරු පත්තු කිරීම නිසා බොහෝ බිතුසිතුවම් අඳුරු පැහැයට හැරී ඇත. ඒ අතරින් සමහරක් පුරාවිද්‍යා දෙපාර්තf්න්තුව සංරක්‍ෂණය කර තිබේ. එමෙන් ම සමහර ස්ථානවල ටැම්පිට ස්වරූපය වෙනස් වන පරිදි විහාරාධිපතිහිමිවරු විසින් ගොඩනැගිලි අලුත්වැඩියා කර ඇත. කලුගල් ටැම් වසා ගඩොල් බිත්ති බැඳ තිබේ. ගරා වැටෙමින් පවතින විහාර නවීකරණය කිරීමට හිමිවරු පෙළඹෙන්නේ ඒවායේ විනාශය වැළැක්වීමට වුවත් නිසි සංරක්‍ෂණ ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම නිසා පුරාවිද්‍යාත්ක අගය වැනසී යයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ මංගලගම සහ හිඟුල ද ගම්පහ දිස්ත්‍රික්කයේ අනුරාගොඩ වැනි විහාර ද එයට නිදසුන් වේ.
පැරැණි බිතුසිතුවම් කෘතීම තීන්ත ආලේපයෙන් අදක්‍ෂ සිත්තරුවන් ලවා අලුත්වැඩියාව නිසා බොහෝ බිතුසිතුවම් විකෘති වී නොවටිනා තත්වයට පත්ව ඇත. සමහර විහාරවල පැරැණි බිතුසිතුවම් වෙනුවට අලුතින්ම සිත්තම් සහ මූර්ති නිමාකර තිබේ. ඒ නිසා සිදුව ඇති හානිය ඉතා විශාල ය.
එහෙත් මේ විනාශයන්ගෙන් මිදුණු අගනා ටැම්පිට විහාර රැසක් මහනුවර , කෑගල්ල, කුරුණෑගල , මාතලේ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම පවතී. ඒවා කැපවීමෙන් ආරක්‍ෂා කරන විහාරාධිපති හිමිවරුන්ට සහ ඒවායේ සංරක්‍ෂණය කටයුතු කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අපගේ ප්‍රණාමය හිමිවිය යුතු ය.

No comments:

Post a Comment

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...