Wednesday, January 13, 2016

සඳේ සොමි ගුණ මකා හිරු කැන්
එබෙයි නිලඹර සළු ඉරා
තවත් අඳුරුයි ක්‍ෂිතිජ මායිම
තවම ඇයිදෝ හිරු පමා
දෙනෙත් විල් තෙර වසා පැතිරෙන නෙත් දියෙන්
මා වත දොවා
බලා ඉන්නෙමි එනතුරා නුඹ
අලුත් දිනකර වී උදා

සිතා උන්නෙමි නුඹ නිසාවෙන්
මුළු ලොවක් මට හිමි කියා
නමුත් හිමි සඳ නැතා'ලෝකය
නොපෑයූ හිරු නුඹ නිසා
සිතින් විඳිනෙමි හදේ ගිනි දැල්
ලොවට රහසෙම නෙත් පියා
මතක අමතක කරනු බෑ තව
අපේ දුව සුරතල් නිසා......

No comments:

Post a Comment

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...