Wednesday, January 27, 2016


ප්‍රාදේශීය ව්‍යවහාර
බස්නාහිර පළාතේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පට්ටියවල සහ කුංජාවත්ත ග්‍රාමසේවා වසම් දෙක විශේෂිතව



හැඳින්වීම

බස්නාහිර පළාතට අයත් වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පට්ටියවල සහ කුංජාවත්ත යන ග්‍රාම සේවා වසම් දෙකම මුතුරාජවෙල ග්‍රාමයට අයත් වන්නේය.මුතුරාජවෙල යනු බස්නාහිර පළාතේ ඇති ඉතා වටිනාම වගුරු බිම් සහිත තෙත් කලාපයකි.එනයින් කොළඹ නගරයේ පෙනහළු ලෙසද මෙම ප්‍රදේශය හඳුන්වයි.නමුත් ලංකාවේ ජන ගහණය වර්ධනය වීමත් සමගම මෙම පහත බිම්වලට පවා නොයෙක් දෙසින් ජනතාව පැමිණ වාසස්ථාන සදා ගැනීම දක්නට විය.මේ නිසා නන් දෙසින් පැමිණි සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර් යන සියලු ජනකොටස් එකට ජීවත්වන ග්‍රාමයක් ලෙස මෙය හැඳින්විය හැකිය.මේ නිසා සංස්කෘතිය මිශ්‍ර වී ඇති අතර භාෂාවද යම් යම් වෙනස් කම් වලට භාජනය වී ඇති අයුරු දක්නට වෙයි.අලුත් වචන වෙනත් භාෂාවකින් තවත් භාෂාවක්කට සම්ප්‍රේෂණය වී ඇත.එමෙන්ම ක්‍රිස්තු ධර්මය ද භාෂාවට යම් යම් බලපෑම් ඇති කර බව අධ්‍යනයේදී පැහැදිලි විය-වසම් දෙකටම අදාලව ඒම තොරතුරු මෙසේ දිග හරිමි.
මෙසේ තොරතුරු සොයා ගැනීමේදී තෝරාගත් අංශ කිහිපයක් ඔස්සේ පමණක් අවධානය යොමු කළෙමි.
එනම්,
1. විවාහය
2. දරු උපත
3. වැඩිවියට පැමිධෑම
4. මරණය සම්බන්ධ
5. ස්ත්‍රී පුරුෂ සබඳතා සම්බන්ධ වචන
6. පුද්ගල නාම
7. ක්‍රිස්තියානි ආගම සම්බන්ධ ව්‍යවහාර
8. එදිනෙදා යොදා ගන්න පද
9. විශ්මය දනවන පද පද සහ වෙනත් පද
10. රැකී රක්ෂා


විවාහයකදී


විවාහයේදී භාවිත කරන බොහෝ වචන මෙම ප්‍රදේශයන්හි වෙනස් වෙයි.එනම් සිංහල වචන වෙනුවට බොහෝ විට යොදා ගැනෙන්නේ ඉංග්‍රීසි වචනය.එය මාධ්‍ය සංස්කෘතියත් එක්ක සමාජ ගත වුවක් විය හැකිය.
බ්‍රෝකර් (ඉරදනැර ) -විවාහය සඳහා පාර්ශවයන් දෙක අතර සම්බන්ධතාවය ඇති කරන පුද්ගලයා.ඇතැම් විට මුදලට කටයුතු කරන පුද්ගලයෙකි.මොහු කපු මහත්තයා ලෙස හඳුන්වන්නේ කලාතුරකිනි.
ප්‍රපොසල් එකක්(චරදචදි්ක) -යෝජිත විවාහයක්(යෝජනාව)
එන්ගේජ් වෙනවා(ැබට්ටැපැබඑ) -විවාහ ගිවිස ගන්නවා.(විවාහ ගිවිස ගැනීම)
වෙඩිම -මංගල උත්සවය හැඳින්වීමට මෙය යොදා ගනියි.(ඇාාසබට)
බ්රයිඞ් (ඉරසාැ) -මනමාලිය
බ්‍රයිඞ් මේට්ස්(ඊරසාැි ප්එැ) - දෙවැනි මනමාලිය
ග්රූම් :ඨරදදප) -මනමාලයා
කේන්දරය යන පදය වෙනුවට “HOROSCOPE”.බුලත් හුරුළු දී මගුලට ආරාධනා කිරීම දැන් සිදු වන්නේ නැත.මේ නිසා යොදා ගන්න අරාධනා පත්‍රය "wedding card" ලෙසම ව්‍යවහාර කෙරෙයි. එමෙන්ම “wedding cake ” සහ “welcome drink”යන පද සාමාන්‍ය ජනතාව අතර ව්‍යවහාර කෙරෙයි.
going away -මනමාලයා සහ මනමාලියගේ පිටත් වීම මෙසේ හඳුන්වයි.
honey moon -මධුසමය
රැග් එක (rag) -මනාලිය මනාලයාගේ නිවසට කැඳවාගෙන එන විට මනාලියගේ සහ මනාලයාගේ පාර්ශවයේ මිතුරන් එකතු වී ඔවුන්ට කරනු ලබන විනෝදාත්මක ක්‍රියාවලියකි.එනම්,මනාලයා විසින් මනාලිය හෝ මනාලිය විසින් මනාලයා විල්බැරෝවක දමා තල්ලු කරගෙන ඒමට වැනි ක්‍රියාවන්ය.

home coming -මනාලිය මනාලයාගේ නිවසට රැගෙන ඒම.
නමුත් මීට අමතරව පෝරුවේ චාරිත්‍ර කිරීමේදී භාවිත කරන්නාවූ සිංහල පද සමුදායක්ද වෙයි.
නැකත්පත -මනමාලයාගේ පාර්ශවය මංගල්‍ය පැවැත්වීමට නැකත් යොදාගෙන ගෙනත් දෙන පත්‍රිකාවයි
තැලිපිලි ඇන්දවීම -මඟුල් පෝරුවේදී මනමාලයා විසින් මනමාලියට ආබරණ පැළඳවීමයි.
කිරිකඩ හේලය පිදීම -මේ කිරිකඩ හේලය හෙවත් කච්චි හේලය හෙවත් කච්චි කිරිකඩ මනාලියගෙ මෑණියන්ට පෝරුවේ දී පිදීම ඉතා ගෞරවනීය ලෙස ඉටු කළ චාරිත්‍රයකි. සිය මනාලියට මනාලියගෙ මෑණියන් පෙවූ කිරිවල පව් අරවා ගන්නට මනාලයා විසින් කිරිකඩ හේලය පිදු බව කියැවේ. මෙයට ඇතැම් පළාත්වල කිරිකඩ කච්චිය හෝ ගෙටදෙන සේළය යැයි ද කියති. ඇතැම් පළාතක කච්චි කිරිකඩක් සමග ගිරයක් හා හුණු කිල්ලෝටයක් ද වේ.
හිරයක් ගන්නවා -විවාහයක් කර ගැනීම.
හිරේ යනවා -විවාහ වීම
උරමාලේ -විවාහ කරගත් මනමාලි./ බිරිඳ
ඡ්ටැ ඳ 5
දරු උපතකදී
බඩවෙලා -දරුවෙක් පිළිසිඳ ගැනීම
සරම ඇඳලා -දරුවෙක් කුස පිළිසිඳගෙන ඇත්නම් සරම ඇඳලා යනුවෙන් පවසනවා.මින් පැවසෙන්නේ පුරුෂයෙකු සමග සංවාසයේ යෙදී ඇති බව යන්න මෙහි යටි අර්ථයයි.
දොළදුක් -දරුවෙකු පිළිසිඳ ගත් පසු මවට ඇතැම් ආහාර ගැනීමට ඇතිවන ආශාව
දොළදුක් කාරී -දොළදුක සහිත කාන්තාව
කුළුඳුල් -මුල්ම දරුවා
තුන් කුළුඳුල් -මව සහ පියා තම තමන්ගේ පවුල්වල වැඩිමලුන්වන අතර ඔවුන්ගේ මුල්ම දරුවා
සීසර් -දරුවාගේ උපත සිදුවන්නේ සිසේරියන් සැත්කමකින්නම් ළමයා සීසර් ලෙස හඳුන්වනවා.
නෝමල් -ස්වභාවික දරු උපතක් සිදු වුනේනම් නෝමල් ලෙස හඳුන්වනවා
තැම්බුම් හොදි -දරුවා බිහි වී දින කිහිපයක් යන තෙක්ම මවට ලබා දෙන අහාරයකි.එය සැදීමට ගොරකා, කරපිංචා, සුදුළුණු, කොත්තමල්ලි, ගම්මිරිස් ආදිය යොදා ගනියි.
රන්කිරි කට ගානවා -මෙහිදී අලුත උපන් දරුවට ප්‍රථම වරට කිරි ලබා දීම සිදු වෙයි. එය බොහෝ විට නැකතකට අනුව කිරි මවක් කිසින් සිදු කරන්නකි.දොවාගත් මවු කිරි රත්තරන් කැබැල්ලක ගලවා එය බිලින්දගේ කටේ තබයි.
වඳ කාන්තාව -ළමුන් වැදීමට නොහැකි කාන්තවන්ය.
බාලගිරි දෝෂය -දරුවන් අඩන්නේ මෙම දෝෂය නිසා යයි විශ්වාසයක් පවතී.මේ නිසා කුඩා දරුවෙකු නිවසට ගෙන පසු ගෙයි උළුවස්සේ අඟුරු කැබැල්ලකින් “බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට” යනුවෙන් ලියනු ලබයි.මෙය දකින බාලගිරි නම් යක්ෂය හැමදාමත් ඇවිත් යලි හැරී යන බව පැවසෙයි.
ඡ්ටැ ඳ 6
වැඩිවියට පැමිධෑම
ගෙට වෙනවා/ජම්බු ගහෙන් වැටෙනවා/කොටහළු වෙනවා/දැනමුතු වෙනවා/ලොකු ළමයෙක් වෙනවා/ඉසට ටසරක කෙනෙක් වෙනවා.
යන පද සියල්ලෙන්ම හැඳින්වෙනවා.නමුත් කැවුම් කන්නේ කවද්ද” යනුවෙන් වැඩිහිටි කාන්තාවෝ දැරියන්ගෙන් අසනවා.ඉන් අර්ථවත් වන්නේද වැඩිවියට පැමිණෙන්නේ කවදද යන්නයි.
ගෙට කරනවා -වැඩිවියට පත් වූ පසු ඒ ළමයා නිවසේ කාමරයකට කර පිරිමින්ට නොපෙනෙන සේ තැබීම මෙලෙස හඳුන්වනවා.
දින මුර බැලීම -දියණිය නෑවීම සඳහා නැකත් යොදා ගැනීම.
තනිකන්දෝසය -වැඩි වියට පත් වූ දැරිවියන් වෙත් කළු කුමාරයා බැල්ම හෙලන බව කියවෙනවා.එබැවින් ඔවුන් තනි කිරීමට හොඳ නැත.එසේ කිරීමෙන් ඇතිවන තත්වය තනිකන්දෝෂය ලෙස හඳුන්වනවා.
රෙදි නැන්දා -වැඩි වියට පත් දියණියගේ රෙදි පෙරෙදි සේදීමටත් ඇයට දැනමුතුකම් දීමටත් පැමිණෙන පිටස්තර කාන්තාව.අතීතයේදී රදා කුලයට අයත් කාන්තාවන් මෙය සිදු කර ඇති අතර.අගේ සේවය වෙනුවෙන් දැරිවිය පැළඳ සිට රන් ආබරණ ගලවා දීම සිදු කර තිබෙනවා.
නාවනවා -නැකත් සහිත දිනයට දියණිය ගෙයින් පිටතට ගෙනත් මව විසින් නාවනවා.නැතහොත් රෙදි නැන්දා විසින් නාවනු ලබනවා.මේ සඳහා යොදා ගන්නා ජලය සඳහා බෙහෙත් එකතු කරනවා.
කිළි -කොටහළු වීම නිසා ඇතිවන අපිරිසිඳු බව
එළි බහිනවා -ගෙට වී සිටි දියණිය නෑවීමෙන් පසු එළියට බැසීම නැතහොත් සමාජයට මුහුණ දීම.
ඡ්ටැ ඳ 7
මරණය සම්බන්ධ වචන
ගොක්කොල පේනවා /සුදු මල් පේනවා /සුදු කොඩි පේනවා- මරණාසන්න බව හැඟවීමට මෙවැනි පද භාවිත කරයි.
අවමගුල් උත්සවය වෙනුවට “ත්‍මබැර්ක” යන ඉංග්‍රීසි පදය භාවිත කරයි.
ඉලවුව -අවමගුල් ගෙදර . “හත් ඉලවුවට හෙන ගහල වගෙයි”යන පිරුල අසා ඇත. ඒ අනුව ඉලවු හතක් යනු මළ ගෙවල් 7කි.මළ ගෙවල් 7කට හෙන වැදීම බොහෝ කම්පාවට පත්වන සිදුවීමකි.එවන් අයුරින් හැසිරෙන විට මෙම ප්‍රස්තාව පිරුල භාවිත කරන්නට ඇත.
මිනිය උස්සනවා -මිනිය නිවසින් අවසන් කටයුතු සඳහා රැගෙන යාම මෙසේ හඳුන්වයි.
ආදාහනය -මළ සිරුරට ගිනි දැල්වීම මගින් අවසන් කටයුතු සිදු කිරීම.
භූමිදානය -මළ සිරුර වල දැමීම මගින් අවසන් කටයුතු සිදු කිරීම.
මළ බත -මළ බත යන්න එකම ප්‍රදේශයේ වුවද පුද්ගලයින් විවිද ලෙස හඳුන්වනවා.මෙම ප්‍රදේශයෙහි එක් පාර්ශවයක් මළ බත ලෙස සලකන්නේ මිනිය ගෙන ගිය පසු මිනිය තිබු ස්ථානයේම තබා පිසින ලද බතටය.මෙය මෙම ප්‍රදේශයේ පුද්ගලයන් එකඳු ඇටයක්වත් ඉතිරි නොවන ලෙස මිනිවල කැපු පුද්ගලයන්ට ආහාර සඳහා බෙදා දෙනවා.නමුත් දකුණේ එනම් මාතර ප්‍රදේශයේ එම බත විසි කර දමනවා.
අනෙක් පිරිස මළ බත ලෙස හඳුන්වන්නේ සිරුර භූමිදානය කිරීම හෝ ආදාහනය කිරීමෙන් පසු එදිනම රාත්‍රියේ නිවසට පැමිණෙන පුද්ගලයන් හට ලබා දෙන ආහාර වෙලයි.මේ සඳහා වට්ටක්කා සහ කරවල පමණක් සුදානම් කිරීම විශේෂයි.
හත්දොහේ දානය :- මරණයෙන් දින හතක් ගත වූ පසු දෙනු ලබන දානයයි.
ඡ්ටැ ඳ 8
ස්ත්‍රි පුරුෂ සබඳතා සම්බන්ධ වචන
කොටු පනිනවා -ස්ත්‍රියක් සහ පුරුෂයෙක් ලින්ගනයේ යෙදීම හෝ සංසර්ගයේ යෙදීම මෙසේ හඳුන්වනවා.
පෙට්ටි කඩාගෙන -සිංහල ජන සමාජය තුල ස්ත්‍රියකගේ පිරිසිදු බාවය බැලීමට කන්‍යාබාවය යොදා ගන්නවා.නමුත් කන්‍යාබාවය අහිමි වීම මේ ආකාරයින් ව්‍යවහාර කරනවා.
ස්පෙයා වීල් එක -පුරුෂයෙකු තම බිරිඳට අමතරව වෙනත් ස්ත්‍රීන් ආශ්‍රයකරන්නේද එම ස්ත්‍රිය මෙනමින් හඳුන්වනවා.
ලයින් දානවා/ටෝක් කරනවා - තරුණයෙක් තරුණියක් සමග සබඳතාවක් පටන් ගැනීමට උත්සාහ
කිරීම මෙසේ හඳුන්වනවා.
සෙට් කරගෙන -තරුණයෙකු විසින් තරුණියක සම්බන්ධතාවයක් සඳහා පොළඹවා ගත් විට මෙසේ පවසයි.
දැලේ දාගන්නවා -තරුණියක් විසින් තරුණියෙකු සම්බන්ධතාවයක් සඳහා පොළඹවා ගත් විට මෙසේ පවසයි.
දපනේ වැටිලා -කාන්තාවකගේ ඇසුරක් ලබමින් සිටින පුරුෂයින්ට මෙසේ පවසයි.
ලව -ආදරය මෙසේ ව්‍යවහාර කෙරේ.
ඡ්ටැ ඳ 9
පුද්ගල නාම
ළමිස්සි -තරුණියන් මෙසේ හඳුන්වයි. “ළම” එනම් පපුව “ඉස්සී” යන අර්ථයෙන් එනම් පියයුරු වර්ධනය වූ යන අර්ථයෙන් මෙසේ භාවිත කරයි.
ගැටිස්සි -ගැට + ඉස්සී යන අර්ථයෙන් එනම් ළා බාල තරුණියන් හැඳින්වීමට මෙසේ පවසයි
ඉලන්දාරියා -ඉල්ලන්නේ + අන්+ දැරියෝ යන අර්ථය ඇතිව තරුණ පිරිමින් මෙසේ ආමන්ත්‍රණය කරයි.
ගැටවු -බාල පිරිමි ළමුන් සඳහා මෙසේ අමතයි.
ලොක්කම්මා -මවගේ මව හෝ පියාගේ මව ඇමතීමට මෙය භාවිත කරයි.නමුත් මෙසේ අමතන්නේ පොදු ව්‍යවහාරයේ ආච්චි නැතහොත් අත්තම්මා යන අයයි.විශේෂයෙන්ම ක්‍රිස්තියානි බැතිමතුන් පමණක් මෙම ව්‍යවහාර යොදා ගනියි.ඔවුන් ආච්චි හෝ අත්තම්මා යන පදය භාවිත කරන්නේ ලොක්කම්මගේ හෝ පියාගේ මවටයි
මහප්පා -මවගේ පියා හෝ පියාගේ පියා ඇමතීමට මෙය භාවිත කරයි.නමුත් මෙසේ අමතන්නේ පොදු ව්යවවහාරයේ සීයා නැතහොත් අත්තා යන අයයි.විශේෂයෙන්ම ක්‍රිස්තියානි බැතිමතුන් පමණක් මෙම ව්‍යවහාර යොදා ගනියි.ඔවුන් සීයා හෝ අත්තා යන පදය භාවිත කරන්නේ ලොක්කම්මගේ හෝ මහප්පාගේ පියාටයි.
පුච්චි -මවගේ නැගෙණිය “පුංච් අම්මා”ට මෙසේ අමතයි.
මඥ්ඥා සහ පඥඥා -ක්‍රිස්තියානි බැතිමතුන්ගේ මව හෝ පියා නැති වූ විට බාරකාර මව පියා ලෙස පල්ලියෙන්ම නම් කරන පුද්ගලයින් දෙදෙනායි.
චීත්තෙ -කාන්තාවන් සමගම නිතර වෙසෙන පිරිමින් මෙසේ හඳුන්වයි.
නයිටියා -කාන්තාවන් සේ හැසිරෙන නැතහොත් ඕපාදුප කියමින් යන පිරිමින් මෙසේ අමතයි.
පත්තරේ /රෝයිටරේ -ගමේ ඕපාදුප බෙදාහරින කාන්තාව හෝ පිරිමියා මෙසේ හඳුන්වයි.
මකබාස ් ් -වැඩක් හරියට නොකරන බාස්වරු
බොක්ක/ෆිට් එක / - ඉතා සමීපතම මිතුරන් ඇමතීමට යොදා ගනියි.
කාඩයා -පිළිවෙලකට නොසිටින නැතහොත් රස්තියාදුකාර පිරිමි ළමුන්ට මෙසේ අමතයි.
ඡ්ටැ ඳ 10
ඇඹලයා/පැණියා -කාන්තාවන්ට ලොල් වූ පිරිමි පුද්ගලයින් මෙසේ හඳුන්වයි.
වලත්තයා/අවලමා -බොහෝ විට කාන්තාවන් හට අසැබි වදන් පවසන පුද්ගලයින් මෙසේ හඳුන්වයි.
ගොනා / බඞ්ඩ/බඩුව -ඇතැම් විට රැකියාව සඳහා හෝ එසේ නොමැතිව බොහෝ පිරිමින් සමග ඇසුර පවත්වන කාන්තාවන් මෙසේ හඳුන්වයි.
මළ ඇණය/වාතය -කාට හෝ කරදරයක්වන පුද්ගලයා
බෙබ්බේ -බේබද්දා.එනම් නිතරම සුරා පානය නිසා මත වී සිටින පුද්ගලයා
රට කෝලම -අසාමාන්‍ය ලෙස ඇඳුම් ආයිත්තම් පළඳින කාන්තාව
කොන්දා -කොන්දොස්තර
ඒයි -බිරිඳ ස්වාමියා හඳුන්වන/අමතන පදයකි
ඕයි - ස්වාමියා බිරිඳ හඳුන්වන/අමතන පදයකි
කොන්ත නෝනා -ආඩම්බරකාර නැතහොත් ගෙදරදොර වැඩපල නොකරන ස්ත්‍රිය
ඇහිරෑවෝ -පුංචි ළමුන් නමුත් අයාලේ හැදෙන නැතහොත් මවු පියන් විසින් නොතකන ළමුන් මෙසේ හඳුන්වයි.කුඩා ළමුන් හැඳින්වීමට “ඇච්චෝ” යන පදය භාවිත කරනවා.
ගේම් කාරයා -පුද්ගලයින් රවටන පුද්ගලයා නැතහොත් කරදරයට පත් කිරීමට උගුල් අටවන තැනැත්තා.
අණ්ඩයා -කියන දේ නොඅසන පිරිමි ළමයා
පොන්සියා -නපුංසක පුද්ගලයින් හැඳින්වීමට
ඡ්ටැ ඳ 11
ක්‍රිස්තියානි ආගම සම්බන්ධ ව්‍යවහාර
වීදි යනවා -ක්‍රිස්තියානි ආගමේ කුමන හෝ උත්සවයකදී සුරුවම රැගෙන හෝ නොරැගෙන බැතිමතුන් මහා මග එක්වී යන ගමන මෙසේ හඳුන්වයි.
බෞතීස්ම කරනවා /ක්‍රිස්තියානි කරනවා-අලුත උපන් බිලිඳා තම ආගමට යොමු කර ගැනීමේ මුල් පියවර මෙසේ හඳුන්වයි.
ඔරිසම් කියනවා -ආගමික වතාවත් කිරීමේදී කියනු ලබන යාතිකා එනම් යාඥා කිරීම.
කොන්තය/ජපමාලය -මරිය තුමිය ළඟ ඇති ආබරණයකි.
දිව්‍ය පූජාව -පල්ලියේ පවත්වන පූජාව
මීසම -ගම යන්න හැඳින්වීමට යොදා ගනියි.
මීසම්පාලක -පල්ලියේ පියතුමා
පදවිය -මීසම් සමුහයක එකතුවක් එනම් ගම කිහිපයක එකතුවකින් සැදුම් ලද්දක්.
දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ - ජේසුස් වහන්සේ
පූපය -පිය තුමා විසින් බැතිමතුන්ට ලබා දෙන ආහාරයක්.
බෙන්සාරු බත් -පල්ලියේ යාතිකා මගින් පිරිසිදු වූ බත්
පාස්කූ -ජේසු මරණින් උත්තානය ලැබූ දවස
ගුරු අඟහරුවාදා - අලු බදාදට පෙර දින
අලු බදාදා -චතාරික කාලය ආරම්භ කරන දිනය
චතාරික කාලය -ජේසුස් වහන්සේගේ දුඛ ප්‍රාප්තිය සිහි කරන කාලය
ඡ්ටැ ඳ 12
එදිනෙදා යොදා ගන්න පද
ලෑල්ලට පාගනවා -වේගයෙන් රිය පදවනවා.
මදනෙ ගහනවා -කාන්තාවනට හිරිහැර කරමින් අසැබි අයුරින් හැසිරෙන විට මෙය පවසනවා
ජල්තරයක් -කරදරයක්
වලියක් -රණ්ඩු කර ගැනීමක්. ඇණ කොටා ගන්නවා යන්නෙන්ද හඳුන්වනවා.
නහුතෙට නගිනවා /ඌරු ජුවල්/යකා නගිනවා -අධික ලෙස කෝපයට පත් වීම.
උඩින් යනවා -ආඩම්බර කම නැතහොත් සමාජයේ අනෙකන් කෙරේ අවධානය යොමු නොකට හැසිරීම මෙසේ හඳුන්වයි.
අමර -මෙම “අමර” යන පදය බොහෝ විට තවත් පදයක් සමග යෙදෙන අයුරු දැක ගත හැකිය.ඇතැම් විට “මාර” යන අර්ථයම එහි ගැබ්වෙන අවස්ථාද වෙයි.
උදා:- අමර කෙළියක්- පුදුම වැඩක්
අමර කතාවක් -පුදුම කතාවක්
අමර කෑමක් - පුදුම කෑමක්
මෙහිදී “අමර කෑමක්” ලෙස හඳුන්වන්නේ ආහාර ගැනීමක් නොවේ.කුමන කාරණයක් නිසා හෝ කරදරයකට පත් වීමයි.එය “අමර නෑමක්” ලෙසත් ඇතැමුන් භාවිත කරති.
බජවුව -පිරිසක් එකතු වී ගීත ගයමින් විනෝද වීම
සෙට් එක /ගැන්සිය -බොහෝ විට පිරිමි සමුහයක් හෝ නිතර එකටම සිටින පුරුෂයින් මෙසේ හඳුන්වයි.
පට්ට -හොඳයි.නියමයි යන අර්ථය දැනවීමට යොදා ගනී.
උදා:- පට්ට කෑල්ල - ලස්සන තරුණිය
පට්ට සීන් එක - මාර වැඬේ /පුදුමාකාර දෙයක්
පට්ට ගොන් - ඉතා මෝඩ
පට්ට රහයි -හරිම රසයි
මේ අනුව පට්ට යන්න යහපත් ලෙස අගය කිරීමට යොදා ගන්නා පදයක් බව පැහැදිලිය.
ඡ්ටැ ඳ 13
ආතල් /සොමිය -විනෝදය ලැබීම යන අර්ථ ගෙන දෙයි.
පදිනවා -බොහෝ විට පිරිමියෙකු විසින් කාන්තාවක් සංසර්ගයේ යොදා ගැනීම මෙසේ හඳුන්වයි.
දෙන්න යනවා -ඕනෑම අවස්ථාවකදී කිසියම් පුද්ගලයෙක් අනවශ්‍ය ලෙස ඉදිරිපත් වීම හෝ කැපී පෙනෙන්නට උත්සාහ දරමින් කටයුතු කිරීමේදී මෙසේ පවසයි.
ගොට්ට අල්ලනවා -ආයතනයක හෝ සේවා ස්ථානයක ඉහලින් සිටින නිලධාරින් වෙත බොහෝ පක්ෂපාතී කමක් දක්වමින් ඉතා ලැදියාවෙන් කියන කියන කටයුත්ත ඉටි කිරීමේදී මෙසේ පවසයි.
බඩට ගහනවා -රැකියාව නැති කිරීම
හොක්කේ ගහගන්නවා -ළමුන් වඩාගනීමයි.නැතහොත් තුරුල් කරගෙන සිටීමද ඇතැමුන් මෙසේ පවසනවා.
චින් චුරු බත් උයනවා -කුඩා ළමුන් එකතු වී සෙල්ලම් ගෙවල් සාදාගෙන වැලි බත් නොව සහල් පොල් ආදිය යොදාගනිමින් ආහාර පිසීම මෙසේ හඳුන්වයි.
රෝන්දේ ගහනවා -රස්තියාදු වෙනවා
රොද බෙදනවා -ගැහැණු ළමුන් කොණ්ඩය දෙකට බෙදීම මෙසේ හඳුන්වයි.
කොටනවා -මෙම වචනය සඳහා අර්ථ ගණනාවක්ම ඇත.කොටනවා යන්නෙන් මන්නයෙන් කෙටීම නැතහොත් කැපීම යන්න අර්ථ ගැන්වෙයි.
එමෙන්ම,හෙමින් ගමන් කිරීම යන්න හඳුන්වනවා.
උදා:-බස් එක කොටනවා
ඇමක් දානවා -පුද්ගලයෙකු රැවටීමට කුමන හෝ දෙයක් සිදු කිරීමයි.
බොලේ බස්සනවා /ලණුව අම්බරනවා - බොරු කියා පුද්ගලයෙකු මුලාවේ දැමීම හෝ. තමන්ට අවැසි කාර්යක් කෙසේ හෝ කර ගැනීමට අවශ්යව විට පුද්ගලයෙකු ඒ සඳහා නම්ම ගැනීමට කරන හෝ කියන දේ.
ඡ්ටැ ඳ 14
ඇම ගිල්ලා/ඇන්දුනා -පුද්ගලයෙකු රැවටීමට ලක් වීම
මල් කඩනවා -පෙම්වතුන් දුරකථන මගින් කතා කිරීම.
මල් -මත්ද්‍රව්‍ය
වටේ යනවා -යම් කිසි කාරණයක් එක එල්ලේ නොකිය වටින් ගොඩින් කතා කිරීම මෙසේ පවසයි
හින්ට් ගහනවා -ඇනුම් පද කියනවා
මරිසි දානවා -බොරු පුරාජේරු පවසනවා
ඇලට් එකේ ඉන්නවා -කිසියම් කටයුත්තක් සම්බන්ධව වැඩි අවධානයකින් සිටීම මෙසේ හඳුන්වනවා.
ඇලට් එකක් දානවා -නිදා ගැනීම .
අඩියක් ගහනවා -මත් පැන් පානය කිරීම.
කරටි කැඩෙන්න ගහනවා -අධික ලෙස මත් පැන් පානය කිරීම.
කින්ඩි දානවා -ලජ්ජාවට පත් කරනවා.
චොර / චාටර් -වදගත්කමක් නොමැති වැඩ . තමාට නොගැලපෙන ක්රිො යා.
කෝප්ප හෝදනවා -අනුන් ගැන කතා කරමින් කාලය කාලය ගත කිරීම.
කඩයක් දානවා -පුද්ගලයින් දෙදෙනක් හෝ කිහිප දෙනෙකු එක් වී කතා කරමින් සිටීම. “කදයක්” ලෙසත් මෙහි ඇතැම් පිරිස් එය හඳුන්වනවා. “කදෛ” යන්නෙන් දමිළ භාෂාවෙන් හැඳින්වෙන්නේ කතාව යන්නයි.ඒ අනුව “කදෛ” යන්නෙන් බිඳී ආ වචනයක් ලෙස “කදයක් දානවා” හෝ “කඩයක් දානවා” යන්න අර්ථවත් වෙයි.
ගොන්න -ගොඩක්/බොහොමයක් යන අර්ථ දෙයි-
කණමත -නිදිමත
ඡ්ටැ ඳ 15
විශ්මය දනවන පද සහ වෙනත් පද
සන්තානම් මෑණියනේ
ඔහ් ජුසේ
ඔහ් ජොසේ
දෙවි ස්වාමි දරුවනේ
ජෝපමාලම් අම්මේ
ජෝපමාලම් මෑණියනේ
ඔහ් ජේසු
ඔහ් සන්තෝ
මෙම සියලුම පද ක්‍රිස්තියානි ජනතාව විසින් භාවිත කරන වචන වෙයි.ඇතැම් කාන්තාවන් කිඹුහුමක් යාමේදී පවා ඔහ් ජුසේ,ඔහ් ජේසු ආදී පද භාවිත කරන්නේ නිරායාසයෙනි.
හෙන ගහපං
මක බෑවියන්
හැඳි ගෑවියන්
අකුලෝලා පල
කෙලවියන්
තොලොංචිවියන්
පුද්ගල විරසක වීම්වලදී මෙවැන් වදන් භාවිත වෙයි- “තොලොංචිවියන්” යන පදය දමිළ භාෂාවෙන් බිඳී ආ පදයකි- දමිළ භාෂාවෙහි “තොලොංචි” යන්නෙන් අර්ථවත් වන්නේ අතුරුදහන් වීම යන්නයි
ඡ්ටැ ඳ 16
රැකී රක්ෂා සම්බන්ධ වදන් ධීවර බස
ධීවරයන් විසින් භාවිත කරනු ලබන ඔරු වර්ග පොදුවේ කාණ්ඩ හතකට බෙදා දැක්විය හැකිය.
1. ඔරු පිලාව / පිලා ඔරුව/ කුඩා ඔරුව - මෙය තනි පුද්ගලයකු විසින් පදවයි. රුවලක් හෝ කොල්ලෑවක් නොමැති මෙය ධීවර වරායක කටයුතු සඳහා භාවිතයට ගනී.
2. ඇනොරුව / අනොරුව - තනි පුද්ගලයකු විසින් පදවන මෙය ඇම සඳහා ඉඟුරන් අල්ලාගැනීමට භාවිතා කරයි.
3. පාරුව / වල්ලම / දැල් ඔරුව -මෙය කොල්ලෑවක් සහිත පළල් ඔරුවකි. මාදැල් වැනි උපකරණ මුහුදට ගෙනයාමට භාවිතාකරයි.
4. රුවල් ඔරුව - රුවල් සහිත මේ ඔරුව මසුන් ඇල්ලීම සඳහා මුහුදේ යාත්‍රා කරයි. සමහර ධීවරයන් අල්ලනු ලබන මසුන් අනුව බලඔරු සහ කුම්බලා ඔරු නමින් ව්‍යවහාර කරයි.
5. තෙප්පම - නොගැඹුරු මුහුදේ මසුන් මැරීමට යොදා ගන්නා මේ ඔරුවට රුවල් නොමැත.
6. යාත්‍රා ඔරු / නැව් ඔරු බඩු නැව් බහුලවීමට කලින් වෙළෙඳ ද්‍රව්‍යයම ඒ ඒ නගර සඳහා
ප්‍රවාහනයට භාවිතා විය.
7. බොහොට්ටු / බෝට්ටු – යාන්ත්‍රික ඔරු ධීවරයන් හඳුන්වන්නේ මේ නමිනි. ධීවරයන් රැල්ල හඳුන්වනු ලබන්නේ මාරියාව නමිනි. ඈත මුහුදේ පවා මාරියා ඇත. වෙරළට ළංවන්නට මාරියාවේ ප්‍රගමණය හා වේගය වැඩි ය. මුහුදු පන්නයේ දී ධීවරයෝ රහස් භාෂාවක් භාවිතා කරති. ගුප්ත කරුණු හා විශ්වාස හේතුවෙන් මේ වචන භාවිතා කරන නමුත් දැන් දැන් මේ වදන් ව්‍යවහාරයෙන් ඈත් වෙමින් පවතී. ඔවුන් විසින් මසුන් හැඳින්වීම සඳහා භාවිතා කරන රහස් වචන කීපයක් පහත දැක්වේ.
ජාකොල්ලෝ(කෙලවල්ලන්),කිරිබන්ඩා(සූඩයන්),තල්අතුකාරයා(තලපතා),හොඩකාරයා (කොප්පරා),වට්ටිකාරයා (මඩුවා),මේස කාරයා / වන්සක්කාරයා / පාංඩිකුමාරයා (තෝරා), සුරුට්ටුව/මදින්නා(මෝරා)
ඡ්ටැ ඳ 17
මීට අමතරව යෙදෙන පද
හඳට යනවා=රාත්‍රී මුහුදු යෑම
මයක්කම=දැල් එළීම
පන්න කරනවා=මසුන් මැරීම
රස්සාවට යනවා=මුහුදු යෑම
මුහුදු කඩවර=මුහුදට අරක්ගත් දෙවියන්
කොවුලා=මසුන් මරන්නා
හැන්නැදිරාල=ඔරැව අයිතිකාරු
මණ්ණඩිරාල=මා දැල් අයිතිකරු
කෝඩියා=නවකයා
ලෙල්ලම=මසුන් විකුණන ස්ථානය
ගොඩකරය=ගොඩබිම
වඩදිය=මුහුදු ජලය ඉහළ යෑම
රුවල් තරුව=තරු හතක පොකුර
බඩසුද්දා=මෝරා
ඇවුළුම් බිලිය=බිලී කටුව
ධීවර ජන වහරෙන් බස් වහරට එකතු වූ අපූරු ප්‍රස්තා පිරුළු බොහොමයක් ද වේ.
ඒවායින් කිහිපයක් පහත දැක්වේ.
■ සාධාරණ බතට අසාධාරණ හාල්මැස්සෙක් නැතිව බැරි බව
(කිසිවකු ප්‍රතික්ෂේප නොකොට කාගේත් සහයෝගය අවශ්‍යය බව)
■ ගොයියගේ බතට උඩින් කොවුලගේ මාළු කෑල්ල තියන්න ඕනෑලු
(එකිනෙකා අභිබවා නැඟී සිටීමට උත්සාහ කිරීම)
ඡ්ටැ ඳ 18
■ ඇනියෙන් ගියත් එකයි අවරෙන් ගියත් එකයි
(ජීවත්වීම හෝ නොවීම එක හා සමානව පිළිගැනීම)
■ කරා හාද කන් ඔරු ගොඩ වෙනකම් (වාසියේදී පමණක් හිතවත් කම් අනවශ්‍යය/ බව)
■ හී හාද්දී බලන්නේ නව පොළයි.රුවල් ඔරුවක් දුවනකොට දහ පොළක් බලන්න ඕනලු (වෘත්තීය, තත්ත්වය, ගෞරවයෙන් සැලකීම)
■ අතුරේ යන එකාගේ ගෑනියි මුහුදෙ යන මිනිහගෙ ගෑනියි දවසකට තුන්වරක් කණවැන්දුම් වෙනවලු. (නිරතුරු අන්තරාව පිළිබඳ බිය සැක ඇතිවීම)
■ ජාඩියට මූඩිය වගෙයි (මනා ගැළැපීම)
■ කෙවුල්ලු හැරදාපු ගමක් සේ (අපවිත්‍ර හා දුගඳ හමන අපුල ස්ථානය)
ඡ්ටැ ඳ 19

No comments:

Post a Comment

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...