Thursday, January 14, 2016

    සඳ නිවුණු කෝපයට
    තරු පුපුරන රාත්‍රියම අහිමි විය.....
    බඹරු වැඩියේ රොනට
    තහනම් ගහේ ඵල
    නෙලන්නට......
    නොහැඟුණා නොවෙයි
    හිරු නුඹත් අහිමිවන බව
    මේ කුමුදු මලට....
    විඩා බර නෙත් පියන් හිඳින්නට දෙනු මැන..
    තවත් රාත්‍රියක් වෙනුවෙන්
    පිපෙන්නට ඇත මට
    පරවෙන්නට මොහොතකට පෙර......

No comments:

Post a Comment

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...