Saturday, March 26, 2016


මුතුරාජවෙල පුරන් වන ජීවිත.....



මුතුරාජවෙල නාමය ඇසු පමණින් මතකයට නැගෙන්නේ කඩොලාන පරිසර පද්ධතියයි.ගම්පහ දිස්ත්‍රික්කයට අයත් අභය භූමියක් වන මෙය බටහිර වෙරළ තීරුවෙනුත්,උතුරේ මීගමුව කළපුවෙනුත්,දකුණෙන් කැලණි ගගෙනුත්,නැගෙනහිරින් කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයෙනුත් සීමා වී ඇත.මුතුරාජවෙල යනු කෝට්ටේ රාජධානි සමයේ ඉතා සශ්‍රීකව පැවති කුඹුරු යායකි.
රජුන් සදහා මුතුවන් සහල් සැපයීම නිසාත්,
“මුතුරාජ” නම් පුද්ගලයකුගේ අණසකට යටත්ව පැවති නිසාත් එම කුඹුරු යායට මුතුරාජවෙල යන නම ලැබුණු බව ඓතිහාසික ජනප්‍රවාද වල සදහන් වේ.
එහෙත් යටත් විජිත සමයේදී භාණ්ඩ ප්‍රවාහණයේ පහසුව සදහා කපන
ලද ඕලන්ද ඇළ(මෝඩ ඇළ) හා හැමිල්ටන් ඇළ හරහා ලවණ ජලය කුඹුරු යායට ගලා ඒම නිසා පසු කාලයකදී එම කුඹුරු යාය වගා කිරීමට නුසුදුසු තත්ත්වයට පත්ව වගුරු බිමක් බවට පත්ව ඇත. එම මුතුරාජවෙල වගුරු භූමිය වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 1996 වසරේදී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනලදීහෙක්ටයාර 206.67 ක්වූ මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක භූමි ප්‍රදේශය ප්‍රධාන කලාප 3කට බෙදා ඇත.
1.මුතුරාජවෙල සංරක්ෂණ කලාපය
2.ප්‍රේරණ කලාපය
3.මිශ්‍ර නාගරික කලාපය වශයෙනි.
මේ අතුරෙන් මුතුරාජවෙල සංරක්ෂණ කලාපයේ කටයුතු වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව ක්‍රියාත්මක කෙරේ.

මිශ්‍ර නාගරික කලාපය තුළ සංවර්ධන කටයුතු සඳහා ඉඩ අවස්ථාව සලසා දී ඇති අතර මේ කලාපය මගින් සංරක්ෂණ කලාපයට සිදුවිය හැකි අහිතකර බලපෑම් අවම කිරිම සදහා ප්‍රේරණ කලාපයක් නම් කර ඇත.ප්‍රේරණ කලාපය හා මිශ්‍ර නාගරික කලාපය තුළ කටයුතු ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව මගින් පාලනය කෙරේ.
ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ ස්ථානයක් දරන මුතුරාජවෙල අභය භූමියේ තවත් විශේෂත්වයකි.එනම් මෙම කඩොලාන පරිසරය කිවුල් දියටම ආවේණික වීමත්,එම පරිසරයේ දේශීය මෙන්ම විදේශීය සත්වයන්ගේ වාස බවනක් වීමත් ය. විවිධ පක්ෂීන්, උභය ජීවින්,කෘමිවිශේෂ මෙන්ම ජලජ පැළෑටිවලින්ම මෙම තෙත් බිම ස්වයංපෝෂිතවී ඇත.මෙම ප්‍රදේශය මත්ස්‍යයන් සහ ඉස්සන්ගේ අභිජණන මාධ්‍ය ස්ථානයක් ලෙස දැක්විය හැකිය.මේ නිසාම කලපුවට සම්බන්ධ ජනයාගේ ජීවනෝපාය ධීවර කර්මාන්තය හා බැඳී පවතී.කොළඹ යනු ඉතාම ජනාකීර්ණ ප්‍රදේශයකි.මෙහි හරිත පෙනහළු ලෙස සැලකෙන්නේ මුතුරාජවෙල නම් තෙත් බිමයි.ස්වභාවික ගං වතුර පාලනයට ද මුතුරාජවෙල තෙත්බිමේ ඍජු දායකත්වයක් ලබා දෙයි.මුතුරාජවෙල තෙත්බිම සංචාරක ව්‍යාපාරයට ද දායකත්වයක් ලබා දෙයි.
මුතුරාජවෙල ඇති සුන්දරත්වය මීට භේතුවයි.හැමිල්ටන් ඇළ සහ ඕලන්ද ඇළ මෙහි සුන්දරත්වය වැඩි කරමින් ගමන්ගනියි.මෙම ඇළ මාර්ග දෙකෙහිම සුන්දරත්වය වැඩි කිරීමට ඇළදෙපස පිහිටි කඩොලාන පරිසරය දායක වෙති.තව ද මෙම කඩොලාන තීරය ඔබ්බෙහි පවතින ”කුරුලු උයන” පක්ෂීන්ගේ රජ දහනක් විය.මෙරට පමණක් නොව විදේශ රටවලින් පැමිණෙන පක්ෂීන්ද කුරුලු උයනේ හිමිකරුවෝ වෙති.මේ අපූරු බිම නෙතට රසඳුනක් විය.මුතුරාජවෙල අභය භූමියේ කුරුලු විශේෂ 221ක්දක්නට ලැබෙන අතර වාර්තා නොවූකුරුලු විශේෂ 136 ක් වේ.
වාර්තා වන කුරුලුවිශේෂ ගණන 85 කි. ඒ අතරින් තර්ජනයට ලක් වූ කුරුලු විශේෂ 4කි. මුතුරාජවෙල දැකිය හැකි සංක්‍රමණික කුරුල්ලන් අතර නිල් පෙඳ බිඟුහරයා,වගුරු සිලිබිල්ලා, සේරුවා, කැස්පියන් මුහුදු ලිහිණියා,අවිච්චියා ආදී පක්ෂීන් දැකිය හැකිය.කණ කොකා (ඇර්ඩෙඔල ග්‍රයී), කොරවක්කා, හීන් කොට්ටෝරුවා තඹ සේරුවා බෙල්ලන් කොකා,මැටි කොරවක්කා කඩොල් කොකා, උලුස්කැස්වටුවා මේ අතුරින් විශේෂත්වයක්ගනී.තව ද ඉතාමත් අලංකාර සමනලුන් විශේෂ ගණනාවක්ද මෙම පරිසරයට අපරිමිත වූ සුන්දරත්වයක් එක් කරයි.ඉතා අලංකාර සමනලුන් විශේෂ 67 ක්ද මුතුරාජවෙලින් වාර්තා වෙයි.

කූරන් විශේෂ 34 ක්ද මෙම අභය භූමියෙන් වාර්තාවෙයි- කඩොලාන පරිසර පද්ධතියක් යනු අන්තර් උදම්කලාපය මුල්කොටගෙන කලපු,ගං මෝය හා කලපුවල කුඩා දූපත් ආශ්‍රිතව දක්නට ලැබෙන පරිසර පද්ධතියකි.මුතුරාජවෙල කඩොලාන ආශ්‍රිතව දැකිය හැකි සතුන් ලෙස මඩ කකුළුවා, කලපුකකුළුවා, මඩ පොකිරිස්සා,කලිස්සා සහ මට්ටි යන සතුන් වේ.කඩොලාන ආශ්‍රීත මසුන්අතරට අයත්වන්නෙ දිමිත්තා, කපුහැන්දා, ඉලත්ති,හැලිවළං කොස්සා කහ කොරළියා ආදීසතුන්ය.මුතුරාජවෙල අභය භූමිය තුළ වෙසෙන උරගයින් විශේෂ 37 කි. ඒ අතරට අයත්වන ඉබ්බන්විශේෂ දෙකකි.ඒ කිරිඉබ්බා හා ගල්ඉබ්බාය.ගැට කිඹුලා පොරොසුස්), ද තවත් එක් විශේෂයකි.පිනුම් තැලි කටුස්සා , ලක් හීරලුවා ගැරඬි හිකනලා තිත් ගේ හූනා , දියනයා වැනි උරග විශේෂද බහුලව දැකිය හැක.

මෙම වගුරුබිම තුළ වෙසෙන සර්ප විශේෂ 22 කි.ඉන්විශේෂ තුනක් අපට ආවේණික ය.එනම් දෙපත්නයා, දිය බරියා ආදීන්වේ. තවත් සර්ප විශේෂ 6ක් තර්ජනයට ලක්වී ඇත. එනම් පිඹුරා ,දෙපත්නයා,කුණකටුවා , දිය වර්ණයා,කුණුදිය කළුවා ,රෙදි නයා ආදීන්වේ. ක්ෂීරපායි විශේෂ අතර උනහපුලුවා, කොළ දිවියා, අඳුන් දිවියා, රිළවා , දිය බල්ලා දක්නට ලැබේ. දංකුඩ පෙතියා , රැවුල් දණ්ඩියා , උඩ හඳයා කොළ කණයා , මගුරා වැනි මත්ස්‍ය විශේෂද, ගඩොල් ගෙම්බා , අතුකෝරළාගෙ ගෙම්බා , ගොඩ ගෙම්බා , ශ්‍රී ලංකා ගස් ගෙම්බා, රතු මුවපටු මැඩියා, වෙල් මැඩියා , පිහිඹු ගස් මැඩියා වැනි උභය ජීවී විශේෂද දක්නට ලැබේ.

මුතුරාජවෙල අභය භූමිය තුළ වෘක්ෂලතා විවිධත්වය සැලකූවිටකුල 66කට අයත් ශාක විශේෂ 190ක් දැනට හදුනාගෙන ඇත. එයින් විශේෂ 21ක්ම කඩොලාන හා කඩොලාන ආශ්‍රිත ශාක විශේෂ වේ. ඒ අතුරින් මට්ටි කඩොල් , මහ කඩොල්, හීන් කඩොල් , මල් කඩොල් , පුං කණ්ඩ, කැරන් කොකු විශේෂත්වයක් ගනී. එසේම හම්බු පන් , බොරු පන්, එළු පන් ,ගල්ලැහැ වැනි පන් වර්ගද බහුලව දැකිය හැක. මුතුරාජවෙල තෙත් බිමෙහි වැදගත්කම අවට ගංගා වලින් එන ජලය සමග මිශ්‍ර වී කලපුවේ ජීවීන් සඳහා මනා ජල ලබා දෙන ස්ථානයකි. තව ද පෝෂණ ප්‍රදේශයෙන් ගලා එන ජලය තරමක් හෝ පිරිසිදුකර මුහුදට යැවීමෙන් අධික රොන්මඩ ප්‍රමාණයක් මුහුදට ගලා යාම වලකයි. ඉස්සන්, කකුළුවන් හා මසුන් වැනි ආර්ථික වශයෙන් ඉහළ අගයක් ඇති ජීවීන්

සඳහා පරිසර පද්ධති නිර්මිතව පවතින මෙම කලපුවේ ජීවීන්ට අවශ්‍ය පෝෂක ද අඛණ්ඩව ලැබේ. ගං වතුර අවම කිරීම සඳහා ද මෙම වගුරුබිම මැදිහත්වේ. මේ ආකාරයට මුතුරාජවෙල තෙත් බිම මිනිසාට විවිධාකාරයෙන් තම සේවය ලබා දෙන වැදගත් ස්ථානයක්බව පැහැදිලිවේ.

මුතුරාජවෙල අභය භූමියට අයත් මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 1285 කි. මෙම ඉඩම් ප්‍රමාණයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා යෙදෙන ඉඩම්වලින් හෙක්ටයාර 543 ක් ගෙවතු වේ. පොල්ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 430 කි. හෙක්ටයාර 6 ක ප්‍රමාණයක් තණ බිම් සඳහා වෙන්ව ඇත.මෙම වගුරුබිම් සීමාවට අයත් වන මීගමු කලපුව ද ප්‍රදේශයේ ඉතා වැදගත් ස්ථානයකි.අවට ජනතාවගේ ප්‍රධාන ජීවන වෘත්තියට උර දී ඇති මුතුරාජවෙල කලපුව ආශ්‍රිතව දිවිගෙවන ජීවන පවුල් සංඛ්‍යාව දල වශයෙන් 3200ක් පමණ වේ.

මුතුරාජවෙල හා මීගමු කලපුව ආශ්‍රිත පරිසර පද්ධතියේ ඇති සුවිශේෂී ජෛව විද්‍යාත්මක වැදගත්කම හේතු ලංකා රජය විසින් මෙහි උතුරු කොටසට වන්නට හෙක්ටයාර 1028.62ක භූමි ප්‍රදේශයක් 1996 ඔක්තෝබර් 31 වැනි දින 947/13 දරන ගැසට් නිවේදනය මගින් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. වන සත්ත්ව හා වෘක්ෂ ලතා ආඥාපනත යටතේ පාලනය වන මේ භූමි භාගය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතී. එසේ ම, මේ අභය භූමියට ඇති විය හැකි බලපෑම අවම කිරීම සඳහා වෙන් කෙරුණු ප්‍රේරණ කලාපය හා අභය භූමියට ප්‍රබල පරිසර හානි සිදු වීම නිසා විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රේරණ කලාපය, පාරිසරික ආරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කළේ ය.

මෙහි ජෛවවිවිධත්වය සහ පාරිසරික අගය සුරැකෙන පරිදි තිරසාර ව සංවර්ධනය සඳහා උපයෝගී කර ගැනීමට “මුතුරාජවෙල වන සැලැස්ම” නමින් සංවර්ධන යෝජනාවලියක් 1991 මැයි මාසයේ දී එළි දක්වන ලදී. මේ යටතේ කොළඹට ආසන්න දැඩි නාගරික සීමාවේ පිහිටි කොටස උපකාර්මික කලාපයක් ලෙසත්, මීගමු කලපුව ආශ්‍රිතව පිහිටි කොටස මුතුරාජවෙල අභය භූමිය ලෙසත් ඒ අතර ප්‍රදේශය ස්වාරක්ෂණක කලාපය ලෙසත් වෙන් කෙරිණි. එහෙත්, ඒ සංවර්ධන සැලසුම් හමස් පෙට්ටියට පමණක් සීමා කරන ලදී.

මුතුරාජවෙල අභය භූමියේ රක්ෂිත තත්ත්වය ඉහළ නැංවීම මගින් මුතුරාජවෙල ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද, කිඹුල් උද්‍යානයක් ගොඩනැඟීමට ද කලින් කලට සාකච්ඡා සිදු කෙරිණි. එහෙත්, ඒ සැම සංරක්ෂණ හා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ම ක්‍රියාවට නැගීමට කිසිදු වගකිවයුතු බලධාරියකු සක්‍රීයව මැදිහත් වී ඇති බවක් දැනගන්නට නැත.

වර්තමානයේ දී ඉතා පටු බිම් තීරුවක් ලෙසින් පමණක් ශේෂ වී ඇති මේ අගනා පාරිසරික දායාදය ආශ්‍රිත ව සිදු වන අක්‍රමවත් සංවර්ධන ක්‍රියාකාරකම් මෙන් ම ශීඝ්‍රයෙන් ඉහළ යන මිනිස් ජනගහනයට සාපේක්ෂත ව මේ පරිසර පද්ධතිය තුළ සිදු වන අනර්ථකාරී ක්‍රියාකාරකම් ද මුතුරාජවෙල තෙත් බිමේ අනාගතය අභියෝග රැසකට ඇද දමා හමාර ය.
“රාජ“ යන අභිමානනීය වදනින් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පරිසර කලාප දෙකක් ඇත. ඉන් එකක් සිංහරාජය වන අතර අනෙක මුතුරාජවෙල ය. යුනෙස්කෝව මගින් ලෝක උරුම සංරක්ෂිනත වනාන්තරයක් බවට පත් කිරීමෙන් පසු සිංහරාජය යම් පමණකට හෝ ආරක්ෂාාවක් ලබා තිබුණ ද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමුද්‍රාසන්න පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල අදටත් මුළුමනින් ම පාහේ අනාරක්ෂිත ය. මුතුරාජවෙල පැවැත්මට එල්ල වී ඇති අභියෝග මුතුරාජවෙල තෙත් බිම ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් සංවර්ධනය වන අගනුවර ආසන්න නාගරික ප්‍රදේශයක පිහිටා තිබීම නිසා එකී සංවර්ධන ක්‍රියාකාරකම් මෙන් ම අනර්ථකාමී මිනිස් ක්‍රියාකාරකම් ද මේ අගනා තෙත් බිමේ පැවැත්මට අභියෝග රැසක් එල්ල කර ඇත. එහෙත්, මේ තෙත් බිමෙන් දීර්ඝකාලීන ව ලබාගත හැකි අති මහත් මෙහෙවර පසෙක තබා හෝ නො සලකා හැර මේ තෙත් බිම වන අපරාධකරුවන්ට භාර දීම කිසිසේත් ම අනුමත කළ යුතු නැත.

මුතුරාජවෙල පරිසර පද්ධතියට එල්ල වී ඇති අභියෝග ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනක් යටතට බෙදා දැක්විය හැකි ය.
■වන ජීවීන් ගේ ස්වාභාවික වාසස්ථාන විනාශ වීම ය.
■ජීවීන් මහා පරිමාණයෙන් මිනිසුන් ගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා යොදා ගැනීම.
■ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ මගින් මෙහි දේශීය ජෛවවිවිධත්වයට තර්ජන එල්ල කිරීම.
විශේෂයෙන් සලකා බැලිය යුතුකරුණු ය. මුතුරාජවෙල හා මීගමු කලපු තෙත් බිම් පරිසර පද්ධතියේ ජෛව උරුමයන් තඹ සතයකට මායිම් නො කරමින් මුතුරාජවෙල අභය භූමියට අයත් වන ජීවීන්ගේ ස්වාභාවික වාසස්ථාන  මහා පරිමාණයෙන් විනාශ කිරීමේ මුල් කාලීන සිදුවීම ලෙස මුතුරාජවෙල අභය භූමියට අයත් නිවිසිරිගම ජනපදයට යාබද ඉඩම් කට්ටි කර විකිණීම හැඳින්විය හැකිය.
මේ යටතේ මුතුරාජවෙල අභය භූමියට අයත් නිව්සිරිගම, ලීනස් වේල්ල, වැලිකැටිය, පමුණුගම යන ප්‍රදේශවලට මායිම් වන අගනා තෙත් බිම් කොටසක් වනසා දමා ඇත්තේ, වනජීවී සංරක්ෂසණ දෙපාර්තමේන්තු ද මුනිවත රකිමින් සිටිය දී වීම විමතියට කරුණකි.

පර්චස් 10 බැගින් වන ඉඩම් කට්ටි 800ක් මේ අගනා තෙත් බිම තුළින් බෙදා වෙන් කරගෙන ඒවායේ අනවසර ඉදිකිරීම් සිදු කිරීමට ද ඉඩම් හිමිකරුවන් යෑයි කියාගන්නා පිරිස් කටයුතු කර ඇති බව දක්නට ලැබේ.මේ තෙත් බිම උඩු යටිකුරු කරමින් එහි කඩොලාන වැස්ම කපා ඉවත් කර ඉඩම් ගොඩ කර පිවිසුම් මාර්ග තනාගැනීමට ආගන්තුක පිරිස් කටයුතු කර ඇත්තේ, මුතුරාජවෙල අඩවි ආරක්ෂික කාර්යාලය කිලෝමීටර් කිහිපයක් නුදුරෙහි තිබිය දී වීම පුදුම සහගත ය. එසේ ම, මේ ආගන්තුක පිරිස් තමන් විසින් වෙන් කරගනු ලැබ ඇති ඉඩම් සීමාවට ඔබ්බෙන් ඇති කඩොලාන වන වැස්ම ද ගිනි තබා විනාශ කිරීමට කටයුතු කිරීමෙන් මෙහි සිදු වී ඇති පරිසර හානිය මෙතෙකැ‘යි කියා නිම කළ නො හැකි තරම් ය.

2009 අංක 22 දරන (සංශෝධන) පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරන වනසත්ත්ව හා වෘක්ෂතලතා ආඥාපනතට අනුව වනජීවී රක්ෂිතයක් තුළ හෝ එහි සීමාවේ මෙවැනි අනර්ථකාරී මිනිස් ක්‍රියාකාරකම් සිදු වීම වැළැක්වීම වනජීවී සංරක්ෂසණ දෙපාර්තමේන්තුවේ වගකීමකි. එහෙත්, මේ දක්වාත් මේ මහා පරිමාණ විනාශය පිළිබඳව අදාළ අංශ කිසිදු මැදිහත් වීමක් සිදු කර ඇති බවක් දැන ගැනීමට නැත. ඊට හේතු ව මේ ඉඩම් කැබැලි කර විකිධෑම පිටුපස ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයකු සිටීම ද, එසේත් නැතිනම් වන අපරාධකරුවන් ගේ සාක්කුවට ඔවුන් වැටී සිටීම ද යන්න විමසිය යුතු ය.
1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ අංක 23 (අ) (ආ) (1) වගන්තිය යටතේ සිට ඊට අදාළ ව නිකුත් කර ඇති 1993 ජූනි 24 දිනැති අංක 772/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ රෙගුලාසි යටතේ ඉඩමේ විශාලත්වය නො සලකා පූර්ව අනුමැතියකින් තොර ව ගොඩ කිරීම තහනම් වන තෙත් බිම් දක්වා ඇති අතර ඊට අදාළ නො වන නමුත්, හෙක්ටයාර 04 ඉක්මවන ඕනෑ ම තෙත් බිමක් ගොඩ කරන පුද්ගලයකු එම පනතේ 31 වැනි වගන්තිය යටතේ වරදකරුවකු කළ හැකි ය.

ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වයට ප්‍රධාන වශයෙන් ම බලපා ඇති තර්ජනය වන ස්වාභාවික වාසස්ථානවල ප්‍රමාණාත්මක අඩු වීම මුතුරාජවෙල තෙත් බිමට ද බලපා ඇත්තේ එපරිද්දෙනි. එසේ ම, ඒවායේ ගුණාත්මක අගය ද පිරිහී යැම නිසා මෙතෙක් එම පරිසර පද්ධතියේ ජීවත් වූ ජීවීන්ට තමන් ගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා දැඩි තරගයක් කිරීමට සිදු වීම වාසස්ථාන ප්‍රමාණාත්මක ව අඩු වීමේ එක් අනිටු ප්‍රතිඵලයකි. භූමියෙහි විශාලත්වය මිස එයින් ලබාගත හැකි ගංවතුර පාලනය, භූගත ජල සංචායක ආරක්ෂාන කරගැනීම, වායුගෝලීය කාබන් අවශෝෂණය කරගැනීම වැනි දීර්ඝකාලීන මෙහෙයන් නො සලකා හැර මුතුරාජවෙල තෙත් බිම ගොඩ කර කර්මාන්තපුර, ජනපද සහ වෙනත් විකල්ප සංවර්ධන යෝජනා ක්‍රම ඉදි කිරීම සිදු විය. විවිධ දේශපාලකයන් ගේ අත්තනෝමතික බලපෑම් මත තෙත් බිම ගොඩ කර හෝටල් හා සී ප්ලේන් ගොඩබෑමේ ව්‍යාපෘති සකස් කිරීමට කලින් කලට දරන ලද උත්සාහයන් ද කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය ඉදි වීම ද මුතුරාජවෙල තෙත් බිමේ ස්වාභාවික වාසසථ් ාන ප්‍රමාණාත්මක ව අඩු වීමට හේතු විය.

එබැවින් අතීතයේ කුල්ලක් තරම් වූ මුතුරාජවෙල දැන් ඇත්තේ, අල්ලක් තරම් වූ ඉතා කුඩා ප්‍රදේශයකි. එහෙත්, ඒ ඉතා කුඩා පරිසර පද්ධතිය තුළ ද තවමත් විශේෂයෙන් සැලකිය යුතු ජෛවවිවිධත්වයක් සංජානනය වී ඇත්තේ, විස්මයජනක ආකාරයකට ය. එහෙත්, එතරම් අගනා මුතුරාජවෙල තෙත් බිම් පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීමට වනජීවී සංරක්ෂතණ දෙපාර්තමේන්තුව ප්‍රමුඛ සියලු බලධාරීන් කර ඇරීම ඉතා ම කණගාටුදායකය.

මේ හා සමානවම මුතුරාජවෙල අභය භූමියට අයත් “පුබුදුගම” නම් ග්‍රාමය මේ වන විට පවුල් 1570කට පමණ වාසස්ථාන සපයා ඇත.පහත් බිමක් වූ බැවින් වෙල් ගොඩ කිරීම් හා අනවසර ඉඳි කිරීම් නිසා පරිසර පද්ධතියට විශාල හානියක් සිදු වී ඇත.පරිසර පද්ධතිය මෙන්ම වර්ෂාව හේතුවෙන් ඇතිවන ගංවතුර තත්වයන්ටද මුහුණ දීමට ප්‍රදෛ්ශ වාසීන්ට සිදු වී ඇත.
එමෙන්ම මේ වන විට උද්ගත වී ඇති කසල ප්‍රශ්නයද බරපතල පරිසර හානියකි.නගරයේ ඇතැම් කර්මාන්තශාලාවලින් බැහැර කරන ලද
කැලි කසල මෙම ප්‍රදේශයේ ගොඩ කිරීම් සඳහායොදා ග නු දක්නට ලැබෙයි. ප්‍රදේශවාසීන්ගේ බල වත් විරෝධතාවය මධ්‍යයේ කැලිකසල බැහැර කරනු ලබන්නේ මැසි මදුරු රෝගද ව්‍යාප්ත කරමිනි.මේ නිසා ඒ අවට පදිංචි කරුවන් නිවාස අත්හැර ගියද මොවුන්ගේ කිසිඳු සැලකිල්ලක් ඔවුන්ට නොලැබුණි.වර්ෂාව සමඟ කසල එක්වී නිවාසවලට පවා ගසාගෙන එන අයුරු දක්නට වෙයි.මේ නිසා සමේ රෝගවලින් පවා පීඩා විඳින කුඩා දරුවන්ද වෙති.කෙසේ වෙතත් මෙය අභය භූමියක් ලෙසම පවත්වාගත යුතුය.එය කොළඹට පමණක් නොව ලංකාවටද,ලෝකයටද බලපානු ලබන්නකි.මෙවන් පරිසර පද්ධති කෙf බලධාරීන්ගේ අවධානය මීට වඩා ලැබෙන්නේනම් පරිසරය මෙන්ම අනාගත මානව සංහතියමද රැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
 
 

Friday, March 18, 2016

වැලන්ටයින්, අපි හිනාවෙන්නද ? අඬන්නද?

   



වැලන්ටයින්  එහෙම නැත්නම් ආදරවන්තයින්ගේ දිනය ඔබට මෙන්ම මටත් සුවිශේෂී දිනයක්.හේතුව මෙදින ආදරය සැමරීමට මුළු ලෝකයම එකතු වන දිනයක් වීමයි.නමුත් ආදරවන්තයින්ගේ දිනය කවදා කෙසේනම් ආරම්භ වුයේද යන්න බොහෝ දෙනා නොදනිති.හදවත් රූපය සහිත සැමරුම්පත්,සුබපැතුම්පත්,පලඳනා,ඇඳුම්,ආදියේත් තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සතුටු කිරීම බොහෝ දෙනා කරති.ශ්‍රී  ලංකාව තුල මෙම සැලකියයුතු මට්ටමකින් සැමරීම ආරම්භ වූයේ 1990 දශකයේදීය. ශ්‍රී  ලංකාවේදී මෙම දිනය ආගමික ස්වරූපයක් නොගන්නා අතර හුදෙක් වාණිජමය සහ සමාජයීයමය ස්වරූපයක් ගනී.ලෝකයේ අනෙක් රටවලද මෙම තත්ත්වය දක්නට ලැබෙයි.නමුත් වැලන්ටයින් දිනය ප්‍රතික්ෂේප කරන රටවල්ද වෙති.ඉන්දියාවේ සිව්සේනා වැනි දැඩි මතධාරීන් වැලන්ටයින් දිනය ප්‍රතික්ෂේප කළහ.ඔවුන් වැලන්ටයින් සමරු විකුණන සාප්පුවලට පහර දුන් අතර 


මෙය සංස්කෘතික ආක්‍රමණයක් ලෙස තර්ක කළෝය.


කෙසේ වෙතත් නොදන්නා වැලන්ටයින් දිනයක්‌ ලංකාවට ගෙනාවේ  ව්‍යාපරකයින් ය.. ලෝකය පුරා වැලන්ටයින් දිනය වෙනුවෙන් හුවමාරු වෙන මුදල ඩොලර් බිලියන ගණනකි.


පොත පතෙහි සඳහන් වන පරිදි 1800 ගණන්වල මැසචූසෙටිස් ප්‍රදේශයේ හිටිය ඊස්තර් හොලන්ඩ් කියන යුවතිය තමන් විසින් නිර්මාණය කළ වැලන්ටයින් කාඩ් වෙළෙඳපොළේ විකුණන්න පටන් ගත්තය .එදා පටන් වැලන්ටයින් දිනය වාණිජකරණය වී ඇත. ලොව බොහෝ රටවල් පෙබරවාරි 14වන දා වැලන්ටයින් දිනය සැමරුවද, බ්‍රසීලය එය සමරන්නේ, පෙබරවාරි මස 12වන දින ය.දිනය කුමක් වුවද  අර්ථය නොදත් දිනයක් පෙම්වතුන් විසින් සැමරෙන බව සත්‍යකි.

කෙසේ වෙතත් වැලන්ටයින් දිනය යනු කුමක්ද යන්න සොයා බැලිය යුතු වෙයි.

 වැලන්ටයින් යනු රෝමයේ ජීවත්වුණ පූජකවරයෙකි. ඔහු ශාන්ත වැලන්ටයින් මුනිතුමා බවට පත්වුයේ මරණයෙන් පසුව ය. එහෙත් මුනිවරයෙක් පෙම්වතුන් ගේ දිනයට සම්බන්ධ වන්නේ කෙසේද යන්න ගැටලුවකි. එය සිදු වුයේ මෙසේය.


පුරාණ රෝම දේව කථා අනුවජූනායනු ආදරයේ හා විවාහයේ දෙවඟන ය . මීට අමතරව දෙව්ලොව රැජින හැටියට සැලැකුණෙත්ජූනාදෙවඟනයි. පුරාණ රෝමානුවන් සෑම වර්ෂයකම පෙබරවාරි 14 දා ජූනා දෙවඟන වෙනුවෙන් ප්‍රීති උත්සව පැවැත්වූවෝය. උත්සව සමයේදී තිබුණු තවත් අපූරු චාරිත්‍රයක් විය.එනම්  රෝම යුවතියන් තම නම ලියූ තුණ්ඩු භාජනයකට දමන අතර රෝම තරුණයන් භාජනයට අත දමා එක් එක් තුණ්ඩු කෑලි තෝරා ගැනීමයි.


තම තමන් ලද තුණ්ඩුවේ නම සඳහන් යුවතිය සමඟ  ජුනා උත්සව සමය ගත කිරීමට ඔවුන්ට  අවස්ථාව ලැබෙයි. මෙසේ  අහම්බෙන් එකතු වුණු බොහෝ දෙනා ස්ථිර විවාහයෙන් තම  සබඳතා කෙළවර කර ගත්තෝ ය. ජූනා දෙවඟන හා පෙබරවාරි 14 දිනය පෙම්වතුන්ට විශේෂ දිනයක් වුණේ එලෙසයි. මෙම සිරිත ශතවර්ෂ ගණනක් අඛණ්ඩව පැවත් විය. නමුත්  දෙවැනි ක්ලෝඩියස් රෝම අධිරාජයාගේ කාලය තුල  මේ  සියල්ල වෙනස් විය.


ඉතිහාසය අනුව දෙවැනි ක්ලෝඩියස්  යනු කෘර පාලකයෙකි. ක්ලෝඩියස්ගේ අවශ්‍යතාවය  වුයේ  බලවත් රෝම හමුදාවක් යොදාගනිමින් අනිත් රටවල් යටත් කර ගැනීමයි.නමුත් තම පෙම්වතියන් හැර දමා තරුණයන් හමුදාවටබැඳීම ප්‍රතික්ෂේප කළෝය.ඇතැම් පුරුෂයින් බිරිඳට හා පවුලට තදින් ආදරය කළ  නිසා ඔවුන් හමුදාව ප්‍රතික්ෂේප කරන බව  ක්ලෝඩියස් සිතන්නට විය.කෙසේ හෝ තරුණයින් තම අවශ්‍යතාවය සඳහා යොදා ගැනීමට වුවමනා වූ බැවින්  ක්ලෝඩියස් ගත් එකම තීරණය වුයේ විවාහය තහනම් කිරීමයි.එහෙත් එක්පුද්ගලයෙක් මෙම කෘර පාලනයට එරෙහිව  නැඟී සිටියේය.


ඒ වැලන්ටයින් පූජකතුමා ය. ඔහු පෙම්වතුන්ට අනුශාසනා කිරීමෙන්ද  ඔවුන් විවාහ කරවීමෙන්ද ක්ලෝඩියස් ඉක්මවා ගියේ ය.  නීති නොසලකා හැරිය වැලන්ටයින් පූජකතුමා තරුණ තරුණියන්ව රහසින් විවාහ කළේ ය.නමුත්  එතුමාගේ ජීවිතය  තීරණාත්මක වීමටද හේතු වුයේ මෙම මෙහෙවරයි.මේ පිළිබඳව ආරංචි වූ  ක්ලෝඩියස් රජු  වැලන්ටයින් පූජකතුමා සිර ගත කළේය. ඔහු පූජක තුමන්ට ආගමික විශ්වාස අතහැර දැමීමට බල කළේය.ඒවා පිළිනොගත් පූජක තුමන් වෙනුවෙන් රෝම රාජ්‍යම ශෝකයට පත් විය.


රෝම තරුණ තරුණියෝ හිර ගෙදරට මල් පොකුරු වීසි කළෝය.එය ඉදිරියේ  සුබ පැතුම් ලියූ පුවරු ප්‍රදර්ශනය කරන්න ගත්තෝය.. වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් බවට පත්වුණේ් නිතැතින්මයි. මේ අතර බන්ධනාගාර පාලකයාට හිටියා රූමත් දියණියක්. ඒත් ඇගේ දෑස් අන්ධයි. මේ තරුණියට නිදහස ලැබුණා වැලන්ටයින් පූජකතුමා එක්ක පැය ගණන් කතාකරන්න. ප්‍රතිඵලය වුණේ භක්තිමත් බැඳීමක් හට ගැනීමයි.


මේ අතර ක්ලෝඩියස්; වැලන්ටයින් තුමා එක්ක පෞද්ගලිකව සාකච්ඡා කරලා එතුමා තම මතයට නම්මා ගන්න බල කළේය. නමුත් වැලන්ටයින් පූජකතුමා ක්ලෝඩියස් රජු තම  මතයට නම්මා ගැනීමට උත්සාහ කළේය.ඉන් කෝප වූ ක්ලෝඩියස් රජු තම අත්තනෝමතික බලය යොදා ගනිමින් ශාරීරික වද හිංසා පැමිණවීමට  තීරණය කළේය.පොලු මුගුරුවලින්  වැලන්ටයින් පූජකතුමාගේ සිත  දුර්වල කිරීමට  ක්ලෝඩියස්ට හැකියාවක් ලැබුණේ නැත.


 අවසානයේ  පූජක තුමන්ගේ  හිස ගසා මරා දැමීමට නියෝග ලැබුණි.. ක්රිස්තුª වර්ෂ 270 පෙබරවාරි 14 දා වැලන්ටයින් පූජකතුමා ඝාතනය කෙරුණි.එනිසාම  පෙබරවාරි 14 දෛවෝපගත දිනයක් වෙයි.ඊට හේතුව පුරාණ රෝම සිරිතට  අනුව ආදරයේ දෙවඟන ජූනා සමරන දිනය යෙදී තිබුණේ ද  මෙදිනටම වීමයි. අවසන් හුස්ම හෙළන්න කලින් වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාරයේ පාලකයා ගේ දියණියට ලිපියක් ලියා තිබුණි.




”Love from your Valentine”




මෙයින් පසුව ආදරයේ නාමයෙන් ජූනා දෙවඟන ඉතිහාසයෙන් මැකී ගොස් තැන වැලන්ටයින් මුනිවරයාට ලැබුණි. නමුත් වැලන්ටයින්ගේ තැන මේ වනවිට හිමි කරගෙන සිටින්නේ ව්‍යාපාරිකයින් ය.ජුනා හෝ වැලන්ටයින් මිය ගොස් හමාරය.විකීණිමට රිසි නමක් පමණක් අප අතර ඉතිරි වී ඇත.ඉතිහාසය දෙස හැරී බලන කළ වැලන්ටයින් දිනය යනු ශෝකී දිනයකි.ජූනා සැමරීම  පෙම්වතුන්ට  අමන්දානන්දනයට හේතුවක් වුවද ඔවුන් වෙනුවෙන් මිය ගිය අයෙක්ද ඉතිහාසයට මුසු කළ කඳුළක් ඇත.සිහි කර වැළපීම කෙසේ වෙතත් වැලන්ටයින් යනු කවුන්ද යන්නවත් හඳුනාගැනීම අගනේය.

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...