Friday, March 18, 2016

වැලන්ටයින්, අපි හිනාවෙන්නද ? අඬන්නද?

   



වැලන්ටයින්  එහෙම නැත්නම් ආදරවන්තයින්ගේ දිනය ඔබට මෙන්ම මටත් සුවිශේෂී දිනයක්.හේතුව මෙදින ආදරය සැමරීමට මුළු ලෝකයම එකතු වන දිනයක් වීමයි.නමුත් ආදරවන්තයින්ගේ දිනය කවදා කෙසේනම් ආරම්භ වුයේද යන්න බොහෝ දෙනා නොදනිති.හදවත් රූපය සහිත සැමරුම්පත්,සුබපැතුම්පත්,පලඳනා,ඇඳුම්,ආදියේත් තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සතුටු කිරීම බොහෝ දෙනා කරති.ශ්‍රී  ලංකාව තුල මෙම සැලකියයුතු මට්ටමකින් සැමරීම ආරම්භ වූයේ 1990 දශකයේදීය. ශ්‍රී  ලංකාවේදී මෙම දිනය ආගමික ස්වරූපයක් නොගන්නා අතර හුදෙක් වාණිජමය සහ සමාජයීයමය ස්වරූපයක් ගනී.ලෝකයේ අනෙක් රටවලද මෙම තත්ත්වය දක්නට ලැබෙයි.නමුත් වැලන්ටයින් දිනය ප්‍රතික්ෂේප කරන රටවල්ද වෙති.ඉන්දියාවේ සිව්සේනා වැනි දැඩි මතධාරීන් වැලන්ටයින් දිනය ප්‍රතික්ෂේප කළහ.ඔවුන් වැලන්ටයින් සමරු විකුණන සාප්පුවලට පහර දුන් අතර 


මෙය සංස්කෘතික ආක්‍රමණයක් ලෙස තර්ක කළෝය.


කෙසේ වෙතත් නොදන්නා වැලන්ටයින් දිනයක්‌ ලංකාවට ගෙනාවේ  ව්‍යාපරකයින් ය.. ලෝකය පුරා වැලන්ටයින් දිනය වෙනුවෙන් හුවමාරු වෙන මුදල ඩොලර් බිලියන ගණනකි.


පොත පතෙහි සඳහන් වන පරිදි 1800 ගණන්වල මැසචූසෙටිස් ප්‍රදේශයේ හිටිය ඊස්තර් හොලන්ඩ් කියන යුවතිය තමන් විසින් නිර්මාණය කළ වැලන්ටයින් කාඩ් වෙළෙඳපොළේ විකුණන්න පටන් ගත්තය .එදා පටන් වැලන්ටයින් දිනය වාණිජකරණය වී ඇත. ලොව බොහෝ රටවල් පෙබරවාරි 14වන දා වැලන්ටයින් දිනය සැමරුවද, බ්‍රසීලය එය සමරන්නේ, පෙබරවාරි මස 12වන දින ය.දිනය කුමක් වුවද  අර්ථය නොදත් දිනයක් පෙම්වතුන් විසින් සැමරෙන බව සත්‍යකි.

කෙසේ වෙතත් වැලන්ටයින් දිනය යනු කුමක්ද යන්න සොයා බැලිය යුතු වෙයි.

 වැලන්ටයින් යනු රෝමයේ ජීවත්වුණ පූජකවරයෙකි. ඔහු ශාන්ත වැලන්ටයින් මුනිතුමා බවට පත්වුයේ මරණයෙන් පසුව ය. එහෙත් මුනිවරයෙක් පෙම්වතුන් ගේ දිනයට සම්බන්ධ වන්නේ කෙසේද යන්න ගැටලුවකි. එය සිදු වුයේ මෙසේය.


පුරාණ රෝම දේව කථා අනුවජූනායනු ආදරයේ හා විවාහයේ දෙවඟන ය . මීට අමතරව දෙව්ලොව රැජින හැටියට සැලැකුණෙත්ජූනාදෙවඟනයි. පුරාණ රෝමානුවන් සෑම වර්ෂයකම පෙබරවාරි 14 දා ජූනා දෙවඟන වෙනුවෙන් ප්‍රීති උත්සව පැවැත්වූවෝය. උත්සව සමයේදී තිබුණු තවත් අපූරු චාරිත්‍රයක් විය.එනම්  රෝම යුවතියන් තම නම ලියූ තුණ්ඩු භාජනයකට දමන අතර රෝම තරුණයන් භාජනයට අත දමා එක් එක් තුණ්ඩු කෑලි තෝරා ගැනීමයි.


තම තමන් ලද තුණ්ඩුවේ නම සඳහන් යුවතිය සමඟ  ජුනා උත්සව සමය ගත කිරීමට ඔවුන්ට  අවස්ථාව ලැබෙයි. මෙසේ  අහම්බෙන් එකතු වුණු බොහෝ දෙනා ස්ථිර විවාහයෙන් තම  සබඳතා කෙළවර කර ගත්තෝ ය. ජූනා දෙවඟන හා පෙබරවාරි 14 දිනය පෙම්වතුන්ට විශේෂ දිනයක් වුණේ එලෙසයි. මෙම සිරිත ශතවර්ෂ ගණනක් අඛණ්ඩව පැවත් විය. නමුත්  දෙවැනි ක්ලෝඩියස් රෝම අධිරාජයාගේ කාලය තුල  මේ  සියල්ල වෙනස් විය.


ඉතිහාසය අනුව දෙවැනි ක්ලෝඩියස්  යනු කෘර පාලකයෙකි. ක්ලෝඩියස්ගේ අවශ්‍යතාවය  වුයේ  බලවත් රෝම හමුදාවක් යොදාගනිමින් අනිත් රටවල් යටත් කර ගැනීමයි.නමුත් තම පෙම්වතියන් හැර දමා තරුණයන් හමුදාවටබැඳීම ප්‍රතික්ෂේප කළෝය.ඇතැම් පුරුෂයින් බිරිඳට හා පවුලට තදින් ආදරය කළ  නිසා ඔවුන් හමුදාව ප්‍රතික්ෂේප කරන බව  ක්ලෝඩියස් සිතන්නට විය.කෙසේ හෝ තරුණයින් තම අවශ්‍යතාවය සඳහා යොදා ගැනීමට වුවමනා වූ බැවින්  ක්ලෝඩියස් ගත් එකම තීරණය වුයේ විවාහය තහනම් කිරීමයි.එහෙත් එක්පුද්ගලයෙක් මෙම කෘර පාලනයට එරෙහිව  නැඟී සිටියේය.


ඒ වැලන්ටයින් පූජකතුමා ය. ඔහු පෙම්වතුන්ට අනුශාසනා කිරීමෙන්ද  ඔවුන් විවාහ කරවීමෙන්ද ක්ලෝඩියස් ඉක්මවා ගියේ ය.  නීති නොසලකා හැරිය වැලන්ටයින් පූජකතුමා තරුණ තරුණියන්ව රහසින් විවාහ කළේ ය.නමුත්  එතුමාගේ ජීවිතය  තීරණාත්මක වීමටද හේතු වුයේ මෙම මෙහෙවරයි.මේ පිළිබඳව ආරංචි වූ  ක්ලෝඩියස් රජු  වැලන්ටයින් පූජකතුමා සිර ගත කළේය. ඔහු පූජක තුමන්ට ආගමික විශ්වාස අතහැර දැමීමට බල කළේය.ඒවා පිළිනොගත් පූජක තුමන් වෙනුවෙන් රෝම රාජ්‍යම ශෝකයට පත් විය.


රෝම තරුණ තරුණියෝ හිර ගෙදරට මල් පොකුරු වීසි කළෝය.එය ඉදිරියේ  සුබ පැතුම් ලියූ පුවරු ප්‍රදර්ශනය කරන්න ගත්තෝය.. වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් බවට පත්වුණේ් නිතැතින්මයි. මේ අතර බන්ධනාගාර පාලකයාට හිටියා රූමත් දියණියක්. ඒත් ඇගේ දෑස් අන්ධයි. මේ තරුණියට නිදහස ලැබුණා වැලන්ටයින් පූජකතුමා එක්ක පැය ගණන් කතාකරන්න. ප්‍රතිඵලය වුණේ භක්තිමත් බැඳීමක් හට ගැනීමයි.


මේ අතර ක්ලෝඩියස්; වැලන්ටයින් තුමා එක්ක පෞද්ගලිකව සාකච්ඡා කරලා එතුමා තම මතයට නම්මා ගන්න බල කළේය. නමුත් වැලන්ටයින් පූජකතුමා ක්ලෝඩියස් රජු තම  මතයට නම්මා ගැනීමට උත්සාහ කළේය.ඉන් කෝප වූ ක්ලෝඩියස් රජු තම අත්තනෝමතික බලය යොදා ගනිමින් ශාරීරික වද හිංසා පැමිණවීමට  තීරණය කළේය.පොලු මුගුරුවලින්  වැලන්ටයින් පූජකතුමාගේ සිත  දුර්වල කිරීමට  ක්ලෝඩියස්ට හැකියාවක් ලැබුණේ නැත.


 අවසානයේ  පූජක තුමන්ගේ  හිස ගසා මරා දැමීමට නියෝග ලැබුණි.. ක්රිස්තුª වර්ෂ 270 පෙබරවාරි 14 දා වැලන්ටයින් පූජකතුමා ඝාතනය කෙරුණි.එනිසාම  පෙබරවාරි 14 දෛවෝපගත දිනයක් වෙයි.ඊට හේතුව පුරාණ රෝම සිරිතට  අනුව ආදරයේ දෙවඟන ජූනා සමරන දිනය යෙදී තිබුණේ ද  මෙදිනටම වීමයි. අවසන් හුස්ම හෙළන්න කලින් වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාරයේ පාලකයා ගේ දියණියට ලිපියක් ලියා තිබුණි.




”Love from your Valentine”




මෙයින් පසුව ආදරයේ නාමයෙන් ජූනා දෙවඟන ඉතිහාසයෙන් මැකී ගොස් තැන වැලන්ටයින් මුනිවරයාට ලැබුණි. නමුත් වැලන්ටයින්ගේ තැන මේ වනවිට හිමි කරගෙන සිටින්නේ ව්‍යාපාරිකයින් ය.ජුනා හෝ වැලන්ටයින් මිය ගොස් හමාරය.විකීණිමට රිසි නමක් පමණක් අප අතර ඉතිරි වී ඇත.ඉතිහාසය දෙස හැරී බලන කළ වැලන්ටයින් දිනය යනු ශෝකී දිනයකි.ජූනා සැමරීම  පෙම්වතුන්ට  අමන්දානන්දනයට හේතුවක් වුවද ඔවුන් වෙනුවෙන් මිය ගිය අයෙක්ද ඉතිහාසයට මුසු කළ කඳුළක් ඇත.සිහි කර වැළපීම කෙසේ වෙතත් වැලන්ටයින් යනු කවුන්ද යන්නවත් හඳුනාගැනීම අගනේය.

No comments:

Post a Comment

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...