Wednesday, January 27, 2016


ලෝක මාධ්‍ය ඉතිහාසය
THE INDEPENDENTS NEWS PAPER
පටුන

 ඉතිහාසය
 1990 සිට වර්තමානය දක්වා.
 ආකෘතිය හා සැලසුම් නිර්මාණය
 ඉදිරි පස පිටුව
 අන්තර්ජාලය සමඟ
 දේශපාලන දැක්ම
 ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතෙහි සිටි සංස්කාරකවරු
 ඉරිදා ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතෙහි සිටි සංස්කාරකවරු
 ලේඛක හා තීරු ලිපි සංස්කාරකවරු
 ඉරිදා ඔයැ ෂබාැචැබාැබඑි පුවත්පතේ කර්තෘ මණ්ඩලය
 ඡායාරූප
ඉතිහාසය
ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත 2010 සිට  ර්‍ණඇලෙක්සැන්ඩර් ලේබ්දෙව්”ට ( ්කැං්ාැර ඛැඉැාැඩ) අයත් ස්වාධීන මුද්ර්ණ සමාගම විසින් ලන්ඩනයේ ප්රකාශයට පත් කරන ලද බ්රිටතාන්යර ජාතික උදෑසන පුවත්පතක් ලෙස දැක්විය හැකිය. “ෂබාහ” යන කෙටි නාමයෙන්ද හඳුන්වනු ලබන්නේ මෙම පුවත්පතයි. එය 1986 දී ආරම්භ කරන ලදී., මෙය එක්සත් රාජධානියේ ජාතික දිනපතා පුවත්පතක් ලෙස ක්රි්යාත්මක වෙයි.. 2004 බ්රි.තාන්ය මාධ්යේ සම්මාන උළෙලේ දී වසරේ ජාතික පුවත්පත ලෙස නම් කරන ලදී. මෙහි වත්මන් කර්තෘ අමෝල් රාජන්’ :්පදක ඍව්බ) වන අතර ඔහු මේ සඳහා තේරී පත් වුයේ 2013 වර්ෂයේදීය.එමෙන්ම එහි නියෝජ්යන කර්තෘ ලෙස  ර්‍ණආර්චී බ්ලාන්ඞ්” :්රජයසැ ඊක්බා* 2012 දී පත් වන ලදී., ඔහු අවුරුදු 28 දී බ්රිfතාන්යස පුවත්පත් කර්මාන්තයේ ජ්යෙෂ්ඨ කළමනාකරණ තනතුරට පත් වූ අතර එහි ලාබාලතම පුද්ගලයා විය.රාජන් 2013 ජුනි මාසයේදී සිය නිලයට පත් විටත් ඔහුගේ වයස අවු. 30 සම්පූර්ණ වී තිබුණේද නැත.
.
මුල් කාලයේදී මෙම පුවත්පත එක් පැත්තක් පමණක් මුද්රටණය කරන ලද පත්තරයක්ලෙස දක්නට ලැබුණි. 2003 සිට මෙය ටැබ්ලොයිඞ් හෝ සංක්ෂිප්ත මුද්රසණයක් ලෙස ප්රලකාශයට පත්වන ලදී. මෙයින් ස්වාධීන සංස්කෘතිකමය හා දේශපාලනික මත පළ කර ඇති නමුත් මෙම පුවත්පත් මිනිසුන් බොහෝ විට ගැනීමට පෙලඹී තිබෙන්නේ ආර්ථික ගැටළු පිළිබඳ මෙහි අවදාරණය කරන්නට පෙළඹීමත් සමඟය.එය කිසිදු දේශපාලන පක්ෂයක් සමග ම අනුබද්ධ සහ එහි කර්තෘ හා අදහස් පිටු වල දේශපාලනික මත සහිත බවක් දක්නට ලැබෙන්නේ නැත. මෙම පුවත්පත මුලින් කාලයේදී දේශපාලන පක්ෂවල බලපෑමෙන් මෙන්ම හිමිකාරිත්වය විසින් කරන ලද බලපෑම් වලින්ද නිදහස් ලෙස කටයුතු කරන්නක් විය.
ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත පළමුව ප්රිකාශයට පත්වන ලද්දේ 1986 ඔක්තෝබර් 7 දාය.එය පුවත්පත් ප්රනකාශන සමාගම විසින් නිෂ්පාදනය කරන ලද්දක් වන අතර මෙය නිෂ්පාදනය කිරීමට මුලිකත්වය ගත්තේ “ ඇන්ඞ්රියාස් විටම් ස්මිත්”, “ස්ටෙෆාන් ග්ලොවෙර්” සහ “මතෙව් සිමන්ඞ්ස්” යන තිදෙනා විසිනි .මේ තුන් හවුල්කරුවන්  ර්‍ණ ඛද්රා ්‍ය්රඑඇකක “ලෝර්ඞ් හර්ට්වෙල්”ගේ හිමිකාරිත්වය යටතේ
ප්රනකාශයට පත් වූ “ඬේලි ටෙලිග්රාවෆ්” (ඔයැ ෘ්සකහ ඔැකැටර්චය)පුවත්පතෙහි සිටි මාධ්යවේදීන් වූහ. “මාකස් සීෆ්” (ඵ්රජමි ීසැff)මෙම පුවත්පතෙහි පළමු සභාපතිවරයා වූ අතර (උයසඑඒප ීපසඑය) “විටම්ස්මිත්” විසින් පුවත්පත පාලනය සිදු විය.
මෙම පුවත්පත බ්රි”තාන්යායේ පැවතී පුවත්පත් අතර පළමු වතාවට වෙනස් ආකාරයෙන් නිර්මාණය වුවක් ලෙස බිහි වුඋවකි. “රූපට් මර්ඩොක්”(ඍමචැරඑ ඵමරාදජය*ආදීන් වෘත්තීය සමිති විසින් ගෙන ගිය අභියෝග වලට පවා මුහුණ දුන් නමුත් අවසානයේ ඔවුන් පරාජය කරන ලදී. එහි ප්රටතිඵලයක් ලෙස නිෂ්පාදන වියදම අඩු කර ගත හැකි වූ අතර,පැවති තරගය සඳහා විවෘත නිර්මාණ වලට පවා මෙහිදී ඉඩ ලැබුණි.
ඇතැම් අවස්ථාවන්වලදී මර්ඩොක්ගේ සමහර ක්රිනයා මාර්ගයන් මතභේදයට ලක් විය. එහි ප්රතෙිඵලයක් ලෙස පිටත යෙදුනු සේවයෙන් මෙන්ම කර්මාන්තශාලාව වටලා උද්ගෝෂණය කිරීම් වලට සහභාගී වූ මුද්රනණ කම්කරුවන් පවා සේවයෙන් පහ කිරීම් දක්නට ලැබුණි.මෙම නව පුවත්පත තම සමාගමේ නව මූලස්ථානය වෙත මාරු නොවන ලෙස තෝරා සිටි දෙදෙනා මර්ඩොක් පුවත් පත්වලින් වෙනස්ව සිටි කාර්ය මණ්ඩලය අතර ප්ර චලිත විය. ඒ අනුව වාර්ථා පුවත්පත් ලෙස වෙළඳ ප්ර්චාරණ සටන් පාඨයක් ලෙස “ඒ ඔබද?” .(ෂි ෂඑ.්රු ශදමරෑ* යන්න ආරම්භය සඳහා යොදාගෙ න මාධ්ය්ස්ථ වාමාංශික පාඨකයන් සඳහාද අභියෝග කිරීමට මීට හැකියාව ලැබුණි. ද ටයිම්ස් පුවත්පතේ වාර්තාවන්ට අනුව එය 1989වනවිට 400,000 කට අධික සංසරණයන් ව්යා ප්ත වූ බව දක්නට ලැබෙන බව කියවෙයි..
එමෙන්ම අභාවයට යමින් තිබුණු වෙළෙඳපොළ තුළ තරගකාරී බවක්ද, ස්වාධීන පුවත්පත් නිර්මාණය වීමක්ද දක්නට ලැබුණි.වසර කිහිපයක් තුල වෙළෙඳපොළ ක්ෂේත්‍ර යේ ඇති වූ මිල යුද්ධය පිළිබඳ නව්‍යතාවයක් අවුලුවාලීමට මෙම පුවත්පතට හැකි විය. . වෙළඳපොළ තුල දැඩි ස්වභාවයක් ඇති විය. “ද ඉන්ඩිපෙන්ඩන්ට්ස්” පුවත්පතේ සති අන්ත පුවත්පත වූ 1990වන විට ආරම්භ කර ඇති මේ මොහොතේ කලින් බලාපොරොත්තු වූ ආකාරයට වඩා විකුණුම් ප්රවිමාණයන් අඩු විය.මේ නිසා නිෂ්පාදන අංශ විශාල ලෙස වෙනස් කර්තෘ කාර්ය මණ්ඩලය සමග එක්ව ප්රාධාන පුවත්පත් සමග එකිනෙක සම්බන්ධ කර ප්රවකාශයට පත් කරනු ලබන ආකාරය දක්නට ලැබෙයි.
නමුත් එහි කර්තෘ මණ්ඩල වෙන් වෙන්ව පවතී ආකාරයක් දක්නට ලැබෙයි.
1990 සිට වර්තමානය දක්වා.
1990 දී “ඉන්ඩිපෙන්ඩන්ට්” ප්ර බල මිල කප්පාදුවකට මුහුණපාන අතර ඔවුන්ගේ හාම්පුතුන්ගේ අදහස් පිළිබිඹු කරමින් ටයිම්ස් හා ඬේලි ටෙලිග්රාෆ්, රූපට් මර්ඩොක් සහ කොන්රාඞ් බ්ලැක් යන අයට චෝදනා කරන දැන්වීම් ව්යාිපාරයක් ආරම්භ කරන ලදී. මේ වනවිට පුවත්පත් ප්ර කාශනය කිරීමේදී ඒ සඳහා මූල්‍ය ප්‍රශ්නද බලපාන ලදී. සමස්තයක් ලෙස 1980වන විට ක්ෂේත්‍රයේ ප්‍රකාශයට පත්වන අනෙකුත් පුවත්පත් මෙන්ම ස්වාදීන පුවත්පත්ද ලාභ ලැබීමට තරම් පාඨක සිත් දිනා නොගත් අතර ඒවා අතර කඩා වැටීමක් ඇති බව දක්නට ලැබුණි. යුරෝපීය කුඩා මාධ්‍ය කණ්ඩායම්වලට අතර කුඩා තරග ඇති විය. නමුත් මේ වන විට වෙනත් මාධ්‍ය සමාගම් රැසක් පුවත්පත් කෙරෙහි උනන්දුවක් දක්වන්නට විය. “ටෝනි ඔරලි” (ඔදබහ ධ‘ඍැසකකහ) මාධ්‍ය කණ්ඩායම සහ මිරර් සමූහ පුවත්පත් 1994දී විසින් සැලකිය යුතු සමාගම් කොටස් මිල දී ගත්හ.1995 මාර්තු මාසයේදී පුවත්පත් ප්‍රකාශනය හිමිකාරිත්වය මත නැවතත් කොටස්කර පිළියෙළ කරන ලදී.එය :ෂබාැචැබාැබඑ භැඅි ) ඵැාස්* (43%), ඵඨභ(43%),සහ ඡරසි් :ෑක ච්සි , 12%) ලෙස දක්වන ලදී.එම මාසය තුලදීම විටම් ස්මිත් පුවත්පතින් ඉවත් විය.
1998 මාර්තු මාසයේදී “ඕ’ රෙයිලි” (ධ‘ඍැසකකහ) පවුම් මිලියන 30 ක් සඳහා එම සමාගමේ තවත් 54% ක් මිලදී ගෙන, සහ සමාගමේ ණය වැඩ භාර ගන්නා ලදී. “ඇන්ඩෘ මාර්” ඔයැ ෂබාැචැබාැබඑි පුවත්පතෙහි සංස්කාරක ලෙස පත් කල අතර,රෝසි බෝයිකොට් “ඔයැ සබාැචැබා්බඑ දබිමබා්හ” පුවත්පතෙහි සංස්කාරක ලෙස පත් වූ අතර “බ්රෙන්ඩන් හොප්කින්ස්” මෙම පුවත්පත් ද්වයේ ප්‍රතධානත්වය ගෙන කටයුතු කරන ලදී. මාර් විසින් කෙටිකාලින විශ්මයජනක නිර්මාණයක් ලෙස නව ස්වරූපයන් හඳුන්වා දෙනු ලබනවා.නමුත් අර්ධ වශයෙන් සීමිත වශයෙන් ප්‍රවර්ධනය වූ අයවැය ප්‍රතිඵලයක් ලෙස ඔහු අසාර්ථක විය.මාර් ෂෝට ඔහුගේ වෙනස්කම් ඔහුගේ වෙළෙඳ වැරැද්දි පිළිබඳව තමා බවත් “පහ එර්ාැ” නම් කෘතියෙහි පෙන්වා දෙනවා.
“මාර්” 1998 මැයි මාසයයේ වර්ජනයෙන් පසුව “ඬේලි එක්ස්ප්රස්” පුවත්පතට සම්බන්ද වූ අතර පසුව බීබීසී දේශපාලන කර්තෘ බවට පත් වෙන ලදී. පසුව එහි සංස්කාරක ලෙස නම් කරන ලද්දේ “සීමොන් කෙල්නර්”(ීසපදබ ණැකබැර) නැමැත්තාය. මේ වන විට මෙම සංසරණය 200,000 අඩු අඩු මට්ටමකට වැටී තිබුණි.. “ඉන්ඩිපෙන්ඩන්ට්ස්” පුවත් සංසරණය වැඩි දියුණු කිරීමට දැඩි ලෙස කටයුතු කරන අතර, නව පුවත්පත් කිහිපයක් යලිත් නිර්මාණය වන්නට විය මෙහිදී පුවත්පත් සංසරණය වැඩි දියුණු කරනු ලැබුවත් එය 1989 දී ඇති කර තිබූ මට්ටමේ ප්රතවේශ හෝ ලාභ ලැබීමක්නම් පෙන්නුම් කලේ නැත .
රැකියා කප්පාදු කිරීම් හා මූල්යි පාලනය කිරීම් ආදිය නිසා මාධ්යපවේදීන්ගේ චිත්ත ධෛර්යය අඩු වීමත් , නිෂ්පාදන සම්මුතිකාමීත්වයත් ඇති විය . 1995දී“අයිවන් ෆෙලොන්ස්”, “ද සන්ඬේ ටයිම්ස්” හි ප්රයධාන චරිතයක් ලෙස දක්නට ලැබුණි.2002 දි “ෂබාැචැබාැබඑි භැඅි ) ඵැාස් ” හි ප්‍රධානියා ලෙස හොප්කින්ස් වෙනුවට ඔහු පත් කරනා ලදී. නමුත් ක්‍රමානුකූලව මෙම පුවත්පත වසරකට පවුම් මිලියන 5ක් පමණ අහිමි කර ගන්න ලදී.නමුත් 2006සිට ක්‍රම ක්‍රමයෙන් මෙම පුවත්පතේ බෙදාහැරීමේ ප්‍රමාණය වසර 9ක් තුල වර්ධනය වූ ආකාරයක් දක්නට ලැබෙයි.
2008 නොවැම්බර් මාසයේ දී තවදුරටත් කාර්ය මණ්ඩලය කප්පාදු කිරීම් දක්නට ලැබුණි.මේ පිළිබඳව නිෂ්පාදන පියවරක් ලෙස කෙන්සිංටන් මහ වීදිය තුළ ඇති “නොර්ත්ක්ලිෆ් හවුස්” නම් ප්‍රවෘති පත්තර මූලස්ථානය වෙත නිවේදනය කර ඇත. පුවත්පත් කණ්ඩායම් දෙකක් ‘කර්තෘ, කළමනාකරණය සහ වාණිජ මෙහෙයුම් සම්බන්දව වෙනම රැඳී ඇති නමුත් නමුත් ඔවුන් ආරක්ෂාව, තොරතුරු තාක්ෂණය,
සහ වැටුප් ඇතුළු සේවා ආදිය බෙදාගන්න ලදී. 2010 මාර්තු 25 දා “ෂබාැචැබාැබඑි භැඅි ) ඵසාැ්” රුසියාවේ කතිපයාධිකාරයා වූ “ඇලෙක්සැන්ඩර් ලබ්දෙව්” හට විකුණන ලදී.ඒ නාමික ගාස්තු හා ඉදිරි මාස 10 කට වැඩි පවුම් 9.25 ලෙස පුවත්පත් අලෙවි පිළිවෙළින් දිගු කාලීන ගිවිසුම් ලෙස ඇති කර ගන්න ලදී.2009 දී, “ඛැඉැාැඩ” ලන්ඩන්හි “ෑඇබසබට ීඒබා්රා” පාලිත කොටස් ප්‍රගමාණයක් මිලදී ගෙන ඇත. සති දෙකකට පසු, කර්තෘ ලෙස “රොජර් ඇල්ටන්” ක්‍රියාත්මක වන ලදී.
ආකෘතිය හා සැලසුම් නිර්මාණය
“ද ඉන්ඩිපෙන්ඩන්ට්” පුවත්පත මුලින් සුප්‍රකට මෝස්තර මාලාවක් තුළ එක් පැත්තක් පමණක් මුද්‍රණය කරන ලද පුවත්පතක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. අවසන් පිටපත සැලසුම් කරන ලද්දේ “කැරොල්”, “ඬේම්ප්සි”, සහ “තිර්කල්”යන ය විසිනි.ඒ “නිකුලස් ගාර්ඩන්”ගේ මෙහෙය වීම යටතේය. කුලපතිවරයා වූ “ඇලෙක්සැන්ඩර්” රේමන්ඞ් හා මයිකල් යන අය විසින් කරන ලද නිර්මාණ දැක අසතුටින් සිටි බැවින් ඉහත සඳහන් කරන ලද තිදෙනා විසින් එය නිර්මාණය කරන ලදී., චාන්සලර් වරයා එම ඩමි දැක මෙසේ පවසන ලදී
“මම සිතන ආකාරයට අපි වැදගත් පුවත්පතකට සම්බන්ද වී සිටින්නෙමු.”
මෙම පුවත්පතෙහි පළමු සංස්කරණය 1986-1994 ට පෙර ප්රයකාශයට පත් වූ අතර එහි නිර්මාණ සහ පින්තුර අර්හුලත් කොට සැලසුම් කරන ලද්දේ එවකට විධායක සංස්කාරකවරයාව සිටි “මයිකල් ක්රෝසියර්” (ඵසජය්ැක ක්‍රද‘සැර) විසිනි.
2003 සැප්තැම්බර් සිට මෙම පුවත්පතෙහි අන්තර්ගතය එක් පැත්තක් මුද්‍රණය කරන ලද්දක් ලෙසත් ටැබ්ලොයිඩ් ස්වරුපයක් ලෙසත් ඉදිරිපත් කරන ලදී. ලන්ඩනයේ මෙම පුවත්පත ආරම්භ කිරීමෙන් පසු සාමාන්‍යයෙන් එක්සත් රාජධානියේ පැවතී ටැබ්ලොයිඞ් සංවේදනාත්මක සම්බන්ධ සහ වාර්තා ශෛලියෙන් ඈත් කර ගැනීමට තුඩු දෙන ලදී. පසුව බටහිර එංගලන්තය සහ එක්සත් රාජධානියේ පුරා මෙම ස්වරූපය විහිද ගිය බව දක්නට ලැබෙයි. ඉන්ඉක්බිතිව රූපට් මර්ඩොක්ගේ ටයිම්ස් පුවත්පතත් තමන්ගේ ම ටැබ්ලොයිඩ් ස්වරූපයක් හඳුන්වා දෙන ලදී. මෙම වෙනස්කම් වලට පෙර,
“ ඔයැ ෂබාැචැබාැබඑි” මාර්තු වන විට දෛනික බෙදාහැරීම 217,500 ක් පමණ සංඛ්‍යාත්මකව දැක්විය හැකිය. බ්‍රිතාන්‍යයේ වෙනත් ඕනෑම ප්‍රධාන ජාතික දිනපතා පුවත්පත් අබිබවා 2004 වර්ෂයේදී පිටපත් (250,000ක්) පමණ එනම් 15%කින් පමණ ඉහල නැගීමක් දක්නට විය. 2004 මැයි14, “ ඔයැ  ර්‍ණෂබාැචැබාැබඑ” පුවත්පත ජනවාරි මාසයේ දී සෙනසුරාදා සංස්කරණය නිෂ්පාදනය නතර කරන ලදී. 2005 ඔක්තෝබර් මස 9 දා එහි අවසන් සමගාමී පුවත්පත ප්‍රකාශයට පත් කළ අතර ඒ සඳහා සංයුක්ත නිර්මාණ ස්වරුපයක් අනුගමනය කර ඇත.
2005 අප්රේල් 12 වන දා, “ද ඉන්ඩිපෙන්ඩන්ට්ස්” යුරෝපීය හැඟීමක් ඇතිකරවන සැකසුමක් සහිතව නිමවන පුවත්පතක් ලෙස ප්‍රකාශයට පත්වන ලදී.එය ප්‍රංශයේ “ඛසඉැර්එසදබ” පුවත්පතට යම්තාක් සමාන කමක් දක්වන්නක් ලෙස පෙන්වාදිය හැකිය. එහි සැකැස්ම ප්‍රතිනිර්මාණය කරන ලද්දේ “බාසිලෝනා බේස්ඞ්” නිර්මාණය ශබ්දාගාර විසිනි. මෙසේ සතියේ දිනවල පල කරන දෙවන කොටස ද්විත්ව පිටු සහිත විශේෂාංග ලිපි ඇතුලත් ප්‍රධාන පුවත් සහිත පිටුවල සාමාන්‍ය ස්වරූපය ගනු ලැබුවා. ඒ අතර ඉදිරිපස පිටුවද යම් යම් සංශෝධනයන්ට ලක් විය.එමෙන්ම අකුරුවල ස්වරුපයේද වෙනස්කම් ඇති කරන්නට විය.මීට අමතර නව දෙවන කොටසක් 2006 අප්‍රේල් 25 වන දින හඳුන්වා දෙන ලදී . එය
ඔයැ ඨම්රාස්බ’ි ඨ2 (ගාඩියන් ඨ2) සහ (ද ටයිම්ස්’ ටයිම්ස් 2)  ර්‍ණඔයැ ඔසපැි’ ඔසපැි2”,යන පුවත්පත්වල ඇති විශේෂාංග,වාර්තාකරණ හා ක්‍රීඩා විශේෂාංග වලට සමානව ගොඩ නැගුණු බව දැකිය හැකිය.
2007 ජූනි මස දී ඉන්ඩිපෙන්ඩන්ට් ඉරිදා සංග්‍රහය ක්‍රීඩා පුවත් , ව්‍යාපාරික පුවත් ඇතුළත් කර එහි ප්‍රවෘති අංශයෙහි අන්තර්ගතය වෙනස් ආකාරයකින් තහවුරු කර ඇති අතර සඟරා වල දක්නට ලැබුණු ජීවිතය හා බැඳුනු ලිපි සහ සංස්කෘතිය ආදී ලිපි කෙරෙහි අවධානය යොමු කරන ලදී. 2008 සැප්තැම්බර් 23, දින ප්රිධාන පුවත්පතක සම්පූර්ණ වර්ණ සහිතව වෙනස් ආකාරයකින් කරලියට පැමිණෙන ලදී.මීට ”අමතර” එක් එක් දිනවල විවිධ තේමා ඉලක්ක කර ගනිමින් “ෂබාැචැබාැබඑ ඛසfැ” නමින් අතිරේකයක්ද
එකතු කරන්නට විය.2010 දී ඇලෙක්සැන්ඩර් ලේබ්දෙව් හා එව්ගිනි ලේබ්දෙව් විසින් මෙම පුවත්පත අත්පත්කරගත් පසු, අප්රේල් 20 දා සිට නැවත නිර්මාණය වී ආරම්භ කරන ලදී. නව ආකෘතිය යටතේ කුඩා සිරස්තල සහ නවතම විශේෂාංග ලිපි අඩංගු ”ඪසැඅිච්චැර”නම් කොටසකින් සමන්විත විය. 2010 ඔක්තෝබර් 26 සිට, ආරම්භ කරනලද මෙම පුවත්පතෙහි ස්වභාවයද වෙනස් විය.පෙරට වැඩ තරමක් ඝන කඩදාසියක් යොදා ගත අතර බොහෝ ඡායාරූප සහ පින්තූර ඇතුලත් කරමින් කළු සුදු වර්ණ පමණක් භාවිතයෙන් සිදු කරන ලදී.ඒ අනුව එහි මුල් කාලයේදී යොදා ගන්න ලද වර්ණ භාවිතය නවතා දමන ලදී.2011 ඔක්තෝබර් 11 දින,සිට “ඔයැ ෂබාැචැබාැබඑි” පුවත්පත දිළින්දන්ගේ පැහැය යන්න පදනම් කරගනිමින් රතු පැහැය ඇතුලත් කර නව පෙනුමක් සහිතව ඉදිරිපත් කරන ලදී. 2013 නොවැම්බර් දී මෙම නැවත කළු පැහැය සංයෝග කර වෙනස් කරන ලදී. එහි ද නව අකුරු හැඩභාවිත කල අතර මුළු පුවත්පත පුරාම එම වෙනස්කම් දකින්නට හැකි විය. ඉදිරි පස පිටුව
2003 වර්ෂයෙන් පසුව “ද ඉන්ඩිපෙන්ඩන්ට්ස්” පුවත්පත සාම්ප්‍රදායික පුවත්පත් කලාවෙන් මිදී එහි සිරස්තල හා ලිඛිත ප්‍රවෘති අන්තර්ගතයන් රූප, ග්රැෆික් තාක්ෂණය ආදිය භාවිත කරමින් ප්‍රචාරණය කල නිසා වඩාත් ප්‍රසිද්ධත්වයට පත් විය. විශේෂයෙන්ම එහි සිරස්තල ආදිය යොදාගත් ආකාරය කාගේත් අවදානය යොමු වීමට හේතු සාදකයක් විය.උදාහරණයක් ලෙස, 2005 දී කාශ්මීරයේ භූමිකම්පාවක් පැවති මොහොතේ එහි පාඨකයන්ගෙන් අරමුදල් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටිමු යනුවෙන් එහි මුල් පිටුවේ ලියන ලදී. ඛි්‍රතාන්‍ය රජයේ විද්‍යාඥයෙකු වූ ඬේවිඞ් කෙලී මරණයට පත් වූ විට එය වාර්තා කරන ලද්දේ එම පුවත්පතෙහි මුල් පිටුවේ සරලව ”අසසඑැ අ්ිය ?”ලෙස යෙදීමෙනි. 2003 දී පුවත්පතෙහි කර්තෘ, “සීමොන් කෙල්නර්” වසරේ හොඳම කර්තෘ ට හිමි සම්මානය ලැබුවේය.
“ක්රිස් බ්ලැක්හර්ට්ස්”ගේ කර්තෘත්වය යටතේ පෝස්ටර් ආකාරයේ ඉදිරිපිට පිටු සැලසුමක් දක්නට ලැබුණු අතර සාම්ප්රහදායික පුවත්පත්වලට පක්ෂව එය නිර්මාණය වී ඇත.
අන්තර්ජාලය සමඟ
2008 ජනවාරි 23 දින සිට “ඔයැ ෂබාැචැබාැබඑි” පුවත්පත අඅඅගසබාැචැබාැබඑගජදගමනග ලෙස නව මුහුණුවරකින් අන්තර්ජාලයෙන් බැලීමට හැකිවන ලෙස නව මුහුණුවරකින් යළි එළිදක්වන ලදී.මෙසේ ඇරඹූ මෙම වෙබ් අඩවිය සහ බ්ලොග් සේවාව, රූප සහ වීඩියෝ අන්තර්ගතයන් සහිතව ක්රිායාත්මක වන්නකි. හොඳ ප්‍රවේශයක් සහිතව නව මුහුණුවරකින් හඳුන්වා දුන් අතර කලා, ගෘහ නිර්මාණ ශිල්පය, විලාසිතා, වැනි රටකට හා සෞඛ්‍ය ඇතුළු විශේෂාංග ඇතුලත් කර මෙම අඩවි නිර්මාණය විය . මෙම පුවත්පත ඉන්ඩිපෙන්ඩන්ට් සංගීතමය ගුවන් විදුලි වැඩසටහන් පෙන්වන්න අතර, සංචාරක මාර්ගෝපදේශ, ඉන්ඩිපෙන්ඩන්ට් වීඩියෝ සංචාරක මාර්ගෝපදේශ ලෙස නව්‍යත්වයෙන් යුතු වැඩසටහන් දියත් කරන ලදී. 2009 සිට මෙම වෙබ් අඩවිය විසින් සපයන කෙටි වීඩියෝ නිවේදන පත්‍රිකා ආදිය “ අල් ජසීරා” ඉංග්‍රීසි මාධ්‍ය නාලිකාව මගින් විකාශය කරන ලදී.
2014 දී, මෙම වෙබ් අඩවියට සමානව සහෝදර වෙබ් අඩවියක් ලෙස ස100 ආරම්භ කරන ලද අතර ඍැාාසඑ හා ඹචඅදරඑයහ යන මාධ්‍ය වෙබ් අඩවි වලට ඒවා සමානකමක් දක්වන බවත් දක්නට ලැබෙයි.
දේශපාලන දැක්ම
මෙම පුවත්පත 1986 දී ස්ථාපනය කරන විට එහි ආදී කර්තෘවරුන් බ්‍රිතාන්‍ය දේශපාලන මධ්‍යස්ථානයේ වර්ණාවලිය දැක්වීමත්,දක්වන ලදී.එහි දේශපාලන ස්ථාවරබාවය මූලික වශයෙන් ද ටයිම්ස් හා ඬේලි ටෙලිග්රාප් පාඨකයන්ගෙන්ලබා ගන්නා බව කිටවෙයි. සිය ප්‍රතිවාදියා මෙන්ම මෙම පුවත්පත්ද තත්වාරක්ෂක තීරු ලිපි විශේෂාංග වලින් සමන්විත වෙයි. ද ගාඩියන් පුවත්පත සහ තරග කරමින් වමට නැඹුරුව මෙහි ලිපි පල වීමක් දක්නට ලැබුණි.. ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත ආර්ථික ගැටළු පිළිබඳ වත් වෙලඳපොල ගැති ආස්ථානයක් ගැනීම සඳහාත් වැඩි අවදානයක් යොමු කල ආකාරයක දක්නට ලැබුණි.2013 ජනවාරි 27 කතුවැකියක් දී ඉරිදා පුවත්පත තම මතවාදයන් ප්‍රසිද්දියේම ප්‍රලකාශයට පත් කරන ලදී. 2010 මහ මැතිවරණය තුල නිත්‍ය පාඨකයන්ට 44% ක්, ලිබරල් ඩිමොක්රටික් පක්ෂයට ඡන්දය දුන් අතර , 32% ක් කම්කරු ඡන්දය 14% කොන්සර්වේටිව් පක්ෂයටත් ඡන්දය දුන්හ. ඩිමොක්රටික් පක්ෂයට සහයෝගය දුන්තුල මූලධර්ම යන බව මෙම පුවත්පතෙහි ක්‍රියාකාරිත්වය සමඟ පැහැදිලි වෙයි.
2008 ලන්ඩන් නගර සභාවේ පුරපති ධූර මැතිවරණ දිනයේ ප්‍රකාශයට පත් කළ නායකයා, අපේක්ෂකයන් හා සසඳන එම පුවත්පත දේශපාලන චන්ද ආදිය පිළිබඳවත් තමන්ගේ දැක්ම කියා සිටින ආකාරයක් දක්නට ලැබෙයි.
මෙම පුවත්පත 2003 ඉරාකය ආක්ර මණයට එරෙහිව ප්‍රබල කතුවැකියක් ඉදිරිපත් කරන ලදී. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ත්රිස්තවාදයට එරෙහිව යුද්ධයට සම්බන්ධ එක්සත් ජනපද සහ එක්සත්
රාජධානියේ විදේශ ප්‍රතිපත්තිය අංශ සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රබල ආධාරකරුවකු වශයෙන් කටයුතු කරන්නට ඇත. මෙම පුවත්පතද පාරිසරික ගැටළු හේතුවෙන් ඊට එරෙහිව උද්ඝෝෂනය, සහ එක්සත් රාජධානියේ මහා ආගමන සීමා ප්‍රශ්න වලට එරෙහිව උද්ඝෝෂනය කර ඇත. 1997 දී, ඉරිදා ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත “ගංජා” ආදී මත්ද්‍රව්‍යවලට එරෙහිව උද්ඝෝෂනය දියත් කරන ලදී. මීට අමතරව, ස්වාධීන දේ ඉස්මතු කර ඇති අතර ,සුඩානයේ ඩාෆූර් කලාපයේ ආන්ඩුගැති හමුදා විසින් කරන ලද යුද අපරාධ පිළිබඳව අවධාරණය කරන ලදී.මෙම පුවත්පතට ‘ඪසැඅිච්චැර‘ නම් නවාංගය ඇතුලත් කිරීමත් සමඟ එහි ආකෘතිමය වෙනස් වීමක් ඇති විය. මෙහි බොහෝ දේශපාලන මතයන් විචාරාත්මක ලෙස ඉදිරිපත් කරන ආකාරය දක්නට ලැබෙයි.
ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතෙහි සිටි සංස්කාරකවරු
1986: විටම් ස්මිත්
1994: ඉයන් හර්ග්රාතව්ස්
1995: චාල්ස් විල්සන්
1996: ඇන්ඩෘ මාර් ෂෝට
1998: රෝසි බෝයිකොට්
1998: ඇන්ඩෘ මාර් ෂෝට හා රෝසි බෝයිකොට්
1998: සයිමන් කෙල්නේර්
2008: රොජර් ඇල්ටන්
2010: සයිමන් කෙල්නර්
2011: ක්රිස් බ්ලැක්හර්ට්ස්
2013: අමෝල් රාජන්
ඉරිදා ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතෙහි සිටි සංස්කාරකවරු
1990: ස්ටීවන් ග්ලෝවර්
1991: ඉයන් ජැක්
1995: පේතෘස් විල්බි
1996: රෝසි බෝයිකොට්
1998: කිම් ෆ්ලෙචර්
1999: ජැනට් වීදිය-පෝටර්
2002: ට්රිස්ටන් ඬේවිස්
2008: යොහන් මුල්ලින්
2013: ලීසා මක්වෙල්
ලේඛක හා තීරු ලිපි සංස්කාරකවරු
■ යස්මින් අලිබායි-බ්රවුන්
■ බෲස් ඇන්ඩර්සන්
■ පෝල් ආර්දෙන්
■ ආර්චී නීරස,
■ කූපර් බ්රවුන්
■ මයිකල් බ්රවුන්
■ සීමොන් කල්දෙර්
■ ඇලෙක්සා චුන්ග්
■ රොබ් කොවාන්
■ ස්ලෝන් ක්රෝස්ලි
■ ට්රේනසි එමින්
■ නයිජල් ෆර්ග්
■ මිච්
■ හෙලන් සිං දෝනි
■ රොබට් ෆිස්ක්
■ ක්රිස් ගුල්රෙක්
■ හොවාඞ් ජකොබ්සන්
■ ඇලෙක්ස් ජේම්ස්
■ පීටර් ජෙන්කින්ස්
■ ඕවන් ජෝන්ස් (ලේඛකයා)
■ ඇන්ඩෲ දැඩි
■ ඩොමිනික් ලෝසන්
■ ජෝන් ලිච්ෆිල්ඞ්
■ පිලිප් ලේවලින්
■ ඇන්ඩි මැක්ස්මිත්
■ ඩොනල්ඞ්
■ සෙරීනා මැක්සි
■ ට්රේනසි මක්ලෙඞ්
■ රොඞ්රි මාස්ඩන්
■ ජනවාරි මක්ග්ර්ක්
■ මතෙව් නෝමන්
■ දෙබොරා ඔර්
■ ක්රිස්ටිනා පැටර්සන්
■ පීටර් පොප්හම්
■ සයිමන් කියවන්න
■ ස්ටීව් රිචර්ඞ්ස්
■ ෂෙරිෆ් සාලේ
■ ඇලෙක්සි සය්ලේ
■ මාක් වානේ
■ කැතරින්
■ පෝල් වලේලි
■ බ්රයන් විනර්
■ ලයින් වෝකර්
■ ඇන්ද්රිවයස් විටම් ස්මිත්
■ ක්ලෝඩියා වින්ක්ලිමන්
ඉරිදා ඔයැ ෂබාැචැබාැබඑි පුවත්පතේ කර්තෘ මණ්ඩලය
■ ජැනට් ස්ට්රීඑට්
■ කේට් බසෙට්
■ පැට්රිැක් කොක්බර්න්
■ පීටර් කෝල්
■ රුපෙට් කොන්වෙල්
■ හමායනි එයාර්
■ ජෙනී ගිල්බට්
■ දොම් ජොලි
■ ටිම් මිනොග් සහ ඬේවිඞ් රන්දල්
■ කෝල් මෝර්ටන්
■ ඇනා පිකාර්ඞ්
■ සීමොන් මිල්රෝක්
■ ජෝන් රෙන්ටල්
■ ජෝන් ස්මිත්
■ පෝල් වැලි
■ ඇලන් වාට්කින්
ඡායාරූප
■ තිමෝති ඇලන්

ප්‍රාදේශීය ව්‍යවහාර
බස්නාහිර පළාතේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පට්ටියවල සහ කුංජාවත්ත ග්‍රාමසේවා වසම් දෙක විශේෂිතව



හැඳින්වීම

බස්නාහිර පළාතට අයත් වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පට්ටියවල සහ කුංජාවත්ත යන ග්‍රාම සේවා වසම් දෙකම මුතුරාජවෙල ග්‍රාමයට අයත් වන්නේය.මුතුරාජවෙල යනු බස්නාහිර පළාතේ ඇති ඉතා වටිනාම වගුරු බිම් සහිත තෙත් කලාපයකි.එනයින් කොළඹ නගරයේ පෙනහළු ලෙසද මෙම ප්‍රදේශය හඳුන්වයි.නමුත් ලංකාවේ ජන ගහණය වර්ධනය වීමත් සමගම මෙම පහත බිම්වලට පවා නොයෙක් දෙසින් ජනතාව පැමිණ වාසස්ථාන සදා ගැනීම දක්නට විය.මේ නිසා නන් දෙසින් පැමිණි සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර් යන සියලු ජනකොටස් එකට ජීවත්වන ග්‍රාමයක් ලෙස මෙය හැඳින්විය හැකිය.මේ නිසා සංස්කෘතිය මිශ්‍ර වී ඇති අතර භාෂාවද යම් යම් වෙනස් කම් වලට භාජනය වී ඇති අයුරු දක්නට වෙයි.අලුත් වචන වෙනත් භාෂාවකින් තවත් භාෂාවක්කට සම්ප්‍රේෂණය වී ඇත.එමෙන්ම ක්‍රිස්තු ධර්මය ද භාෂාවට යම් යම් බලපෑම් ඇති කර බව අධ්‍යනයේදී පැහැදිලි විය-වසම් දෙකටම අදාලව ඒම තොරතුරු මෙසේ දිග හරිමි.
මෙසේ තොරතුරු සොයා ගැනීමේදී තෝරාගත් අංශ කිහිපයක් ඔස්සේ පමණක් අවධානය යොමු කළෙමි.
එනම්,
1. විවාහය
2. දරු උපත
3. වැඩිවියට පැමිධෑම
4. මරණය සම්බන්ධ
5. ස්ත්‍රී පුරුෂ සබඳතා සම්බන්ධ වචන
6. පුද්ගල නාම
7. ක්‍රිස්තියානි ආගම සම්බන්ධ ව්‍යවහාර
8. එදිනෙදා යොදා ගන්න පද
9. විශ්මය දනවන පද පද සහ වෙනත් පද
10. රැකී රක්ෂා


විවාහයකදී


විවාහයේදී භාවිත කරන බොහෝ වචන මෙම ප්‍රදේශයන්හි වෙනස් වෙයි.එනම් සිංහල වචන වෙනුවට බොහෝ විට යොදා ගැනෙන්නේ ඉංග්‍රීසි වචනය.එය මාධ්‍ය සංස්කෘතියත් එක්ක සමාජ ගත වුවක් විය හැකිය.
බ්‍රෝකර් (ඉරදනැර ) -විවාහය සඳහා පාර්ශවයන් දෙක අතර සම්බන්ධතාවය ඇති කරන පුද්ගලයා.ඇතැම් විට මුදලට කටයුතු කරන පුද්ගලයෙකි.මොහු කපු මහත්තයා ලෙස හඳුන්වන්නේ කලාතුරකිනි.
ප්‍රපොසල් එකක්(චරදචදි්ක) -යෝජිත විවාහයක්(යෝජනාව)
එන්ගේජ් වෙනවා(ැබට්ටැපැබඑ) -විවාහ ගිවිස ගන්නවා.(විවාහ ගිවිස ගැනීම)
වෙඩිම -මංගල උත්සවය හැඳින්වීමට මෙය යොදා ගනියි.(ඇාාසබට)
බ්රයිඞ් (ඉරසාැ) -මනමාලිය
බ්‍රයිඞ් මේට්ස්(ඊරසාැි ප්එැ) - දෙවැනි මනමාලිය
ග්රූම් :ඨරදදප) -මනමාලයා
කේන්දරය යන පදය වෙනුවට “HOROSCOPE”.බුලත් හුරුළු දී මගුලට ආරාධනා කිරීම දැන් සිදු වන්නේ නැත.මේ නිසා යොදා ගන්න අරාධනා පත්‍රය "wedding card" ලෙසම ව්‍යවහාර කෙරෙයි. එමෙන්ම “wedding cake ” සහ “welcome drink”යන පද සාමාන්‍ය ජනතාව අතර ව්‍යවහාර කෙරෙයි.
going away -මනමාලයා සහ මනමාලියගේ පිටත් වීම මෙසේ හඳුන්වයි.
honey moon -මධුසමය
රැග් එක (rag) -මනාලිය මනාලයාගේ නිවසට කැඳවාගෙන එන විට මනාලියගේ සහ මනාලයාගේ පාර්ශවයේ මිතුරන් එකතු වී ඔවුන්ට කරනු ලබන විනෝදාත්මක ක්‍රියාවලියකි.එනම්,මනාලයා විසින් මනාලිය හෝ මනාලිය විසින් මනාලයා විල්බැරෝවක දමා තල්ලු කරගෙන ඒමට වැනි ක්‍රියාවන්ය.

home coming -මනාලිය මනාලයාගේ නිවසට රැගෙන ඒම.
නමුත් මීට අමතරව පෝරුවේ චාරිත්‍ර කිරීමේදී භාවිත කරන්නාවූ සිංහල පද සමුදායක්ද වෙයි.
නැකත්පත -මනමාලයාගේ පාර්ශවය මංගල්‍ය පැවැත්වීමට නැකත් යොදාගෙන ගෙනත් දෙන පත්‍රිකාවයි
තැලිපිලි ඇන්දවීම -මඟුල් පෝරුවේදී මනමාලයා විසින් මනමාලියට ආබරණ පැළඳවීමයි.
කිරිකඩ හේලය පිදීම -මේ කිරිකඩ හේලය හෙවත් කච්චි හේලය හෙවත් කච්චි කිරිකඩ මනාලියගෙ මෑණියන්ට පෝරුවේ දී පිදීම ඉතා ගෞරවනීය ලෙස ඉටු කළ චාරිත්‍රයකි. සිය මනාලියට මනාලියගෙ මෑණියන් පෙවූ කිරිවල පව් අරවා ගන්නට මනාලයා විසින් කිරිකඩ හේලය පිදු බව කියැවේ. මෙයට ඇතැම් පළාත්වල කිරිකඩ කච්චිය හෝ ගෙටදෙන සේළය යැයි ද කියති. ඇතැම් පළාතක කච්චි කිරිකඩක් සමග ගිරයක් හා හුණු කිල්ලෝටයක් ද වේ.
හිරයක් ගන්නවා -විවාහයක් කර ගැනීම.
හිරේ යනවා -විවාහ වීම
උරමාලේ -විවාහ කරගත් මනමාලි./ බිරිඳ
ඡ්ටැ ඳ 5
දරු උපතකදී
බඩවෙලා -දරුවෙක් පිළිසිඳ ගැනීම
සරම ඇඳලා -දරුවෙක් කුස පිළිසිඳගෙන ඇත්නම් සරම ඇඳලා යනුවෙන් පවසනවා.මින් පැවසෙන්නේ පුරුෂයෙකු සමග සංවාසයේ යෙදී ඇති බව යන්න මෙහි යටි අර්ථයයි.
දොළදුක් -දරුවෙකු පිළිසිඳ ගත් පසු මවට ඇතැම් ආහාර ගැනීමට ඇතිවන ආශාව
දොළදුක් කාරී -දොළදුක සහිත කාන්තාව
කුළුඳුල් -මුල්ම දරුවා
තුන් කුළුඳුල් -මව සහ පියා තම තමන්ගේ පවුල්වල වැඩිමලුන්වන අතර ඔවුන්ගේ මුල්ම දරුවා
සීසර් -දරුවාගේ උපත සිදුවන්නේ සිසේරියන් සැත්කමකින්නම් ළමයා සීසර් ලෙස හඳුන්වනවා.
නෝමල් -ස්වභාවික දරු උපතක් සිදු වුනේනම් නෝමල් ලෙස හඳුන්වනවා
තැම්බුම් හොදි -දරුවා බිහි වී දින කිහිපයක් යන තෙක්ම මවට ලබා දෙන අහාරයකි.එය සැදීමට ගොරකා, කරපිංචා, සුදුළුණු, කොත්තමල්ලි, ගම්මිරිස් ආදිය යොදා ගනියි.
රන්කිරි කට ගානවා -මෙහිදී අලුත උපන් දරුවට ප්‍රථම වරට කිරි ලබා දීම සිදු වෙයි. එය බොහෝ විට නැකතකට අනුව කිරි මවක් කිසින් සිදු කරන්නකි.දොවාගත් මවු කිරි රත්තරන් කැබැල්ලක ගලවා එය බිලින්දගේ කටේ තබයි.
වඳ කාන්තාව -ළමුන් වැදීමට නොහැකි කාන්තවන්ය.
බාලගිරි දෝෂය -දරුවන් අඩන්නේ මෙම දෝෂය නිසා යයි විශ්වාසයක් පවතී.මේ නිසා කුඩා දරුවෙකු නිවසට ගෙන පසු ගෙයි උළුවස්සේ අඟුරු කැබැල්ලකින් “බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට” යනුවෙන් ලියනු ලබයි.මෙය දකින බාලගිරි නම් යක්ෂය හැමදාමත් ඇවිත් යලි හැරී යන බව පැවසෙයි.
ඡ්ටැ ඳ 6
වැඩිවියට පැමිධෑම
ගෙට වෙනවා/ජම්බු ගහෙන් වැටෙනවා/කොටහළු වෙනවා/දැනමුතු වෙනවා/ලොකු ළමයෙක් වෙනවා/ඉසට ටසරක කෙනෙක් වෙනවා.
යන පද සියල්ලෙන්ම හැඳින්වෙනවා.නමුත් කැවුම් කන්නේ කවද්ද” යනුවෙන් වැඩිහිටි කාන්තාවෝ දැරියන්ගෙන් අසනවා.ඉන් අර්ථවත් වන්නේද වැඩිවියට පැමිණෙන්නේ කවදද යන්නයි.
ගෙට කරනවා -වැඩිවියට පත් වූ පසු ඒ ළමයා නිවසේ කාමරයකට කර පිරිමින්ට නොපෙනෙන සේ තැබීම මෙලෙස හඳුන්වනවා.
දින මුර බැලීම -දියණිය නෑවීම සඳහා නැකත් යොදා ගැනීම.
තනිකන්දෝසය -වැඩි වියට පත් වූ දැරිවියන් වෙත් කළු කුමාරයා බැල්ම හෙලන බව කියවෙනවා.එබැවින් ඔවුන් තනි කිරීමට හොඳ නැත.එසේ කිරීමෙන් ඇතිවන තත්වය තනිකන්දෝෂය ලෙස හඳුන්වනවා.
රෙදි නැන්දා -වැඩි වියට පත් දියණියගේ රෙදි පෙරෙදි සේදීමටත් ඇයට දැනමුතුකම් දීමටත් පැමිණෙන පිටස්තර කාන්තාව.අතීතයේදී රදා කුලයට අයත් කාන්තාවන් මෙය සිදු කර ඇති අතර.අගේ සේවය වෙනුවෙන් දැරිවිය පැළඳ සිට රන් ආබරණ ගලවා දීම සිදු කර තිබෙනවා.
නාවනවා -නැකත් සහිත දිනයට දියණිය ගෙයින් පිටතට ගෙනත් මව විසින් නාවනවා.නැතහොත් රෙදි නැන්දා විසින් නාවනු ලබනවා.මේ සඳහා යොදා ගන්නා ජලය සඳහා බෙහෙත් එකතු කරනවා.
කිළි -කොටහළු වීම නිසා ඇතිවන අපිරිසිඳු බව
එළි බහිනවා -ගෙට වී සිටි දියණිය නෑවීමෙන් පසු එළියට බැසීම නැතහොත් සමාජයට මුහුණ දීම.
ඡ්ටැ ඳ 7
මරණය සම්බන්ධ වචන
ගොක්කොල පේනවා /සුදු මල් පේනවා /සුදු කොඩි පේනවා- මරණාසන්න බව හැඟවීමට මෙවැනි පද භාවිත කරයි.
අවමගුල් උත්සවය වෙනුවට “ත්‍මබැර්ක” යන ඉංග්‍රීසි පදය භාවිත කරයි.
ඉලවුව -අවමගුල් ගෙදර . “හත් ඉලවුවට හෙන ගහල වගෙයි”යන පිරුල අසා ඇත. ඒ අනුව ඉලවු හතක් යනු මළ ගෙවල් 7කි.මළ ගෙවල් 7කට හෙන වැදීම බොහෝ කම්පාවට පත්වන සිදුවීමකි.එවන් අයුරින් හැසිරෙන විට මෙම ප්‍රස්තාව පිරුල භාවිත කරන්නට ඇත.
මිනිය උස්සනවා -මිනිය නිවසින් අවසන් කටයුතු සඳහා රැගෙන යාම මෙසේ හඳුන්වයි.
ආදාහනය -මළ සිරුරට ගිනි දැල්වීම මගින් අවසන් කටයුතු සිදු කිරීම.
භූමිදානය -මළ සිරුර වල දැමීම මගින් අවසන් කටයුතු සිදු කිරීම.
මළ බත -මළ බත යන්න එකම ප්‍රදේශයේ වුවද පුද්ගලයින් විවිද ලෙස හඳුන්වනවා.මෙම ප්‍රදේශයෙහි එක් පාර්ශවයක් මළ බත ලෙස සලකන්නේ මිනිය ගෙන ගිය පසු මිනිය තිබු ස්ථානයේම තබා පිසින ලද බතටය.මෙය මෙම ප්‍රදේශයේ පුද්ගලයන් එකඳු ඇටයක්වත් ඉතිරි නොවන ලෙස මිනිවල කැපු පුද්ගලයන්ට ආහාර සඳහා බෙදා දෙනවා.නමුත් දකුණේ එනම් මාතර ප්‍රදේශයේ එම බත විසි කර දමනවා.
අනෙක් පිරිස මළ බත ලෙස හඳුන්වන්නේ සිරුර භූමිදානය කිරීම හෝ ආදාහනය කිරීමෙන් පසු එදිනම රාත්‍රියේ නිවසට පැමිණෙන පුද්ගලයන් හට ලබා දෙන ආහාර වෙලයි.මේ සඳහා වට්ටක්කා සහ කරවල පමණක් සුදානම් කිරීම විශේෂයි.
හත්දොහේ දානය :- මරණයෙන් දින හතක් ගත වූ පසු දෙනු ලබන දානයයි.
ඡ්ටැ ඳ 8
ස්ත්‍රි පුරුෂ සබඳතා සම්බන්ධ වචන
කොටු පනිනවා -ස්ත්‍රියක් සහ පුරුෂයෙක් ලින්ගනයේ යෙදීම හෝ සංසර්ගයේ යෙදීම මෙසේ හඳුන්වනවා.
පෙට්ටි කඩාගෙන -සිංහල ජන සමාජය තුල ස්ත්‍රියකගේ පිරිසිදු බාවය බැලීමට කන්‍යාබාවය යොදා ගන්නවා.නමුත් කන්‍යාබාවය අහිමි වීම මේ ආකාරයින් ව්‍යවහාර කරනවා.
ස්පෙයා වීල් එක -පුරුෂයෙකු තම බිරිඳට අමතරව වෙනත් ස්ත්‍රීන් ආශ්‍රයකරන්නේද එම ස්ත්‍රිය මෙනමින් හඳුන්වනවා.
ලයින් දානවා/ටෝක් කරනවා - තරුණයෙක් තරුණියක් සමග සබඳතාවක් පටන් ගැනීමට උත්සාහ
කිරීම මෙසේ හඳුන්වනවා.
සෙට් කරගෙන -තරුණයෙකු විසින් තරුණියක සම්බන්ධතාවයක් සඳහා පොළඹවා ගත් විට මෙසේ පවසයි.
දැලේ දාගන්නවා -තරුණියක් විසින් තරුණියෙකු සම්බන්ධතාවයක් සඳහා පොළඹවා ගත් විට මෙසේ පවසයි.
දපනේ වැටිලා -කාන්තාවකගේ ඇසුරක් ලබමින් සිටින පුරුෂයින්ට මෙසේ පවසයි.
ලව -ආදරය මෙසේ ව්‍යවහාර කෙරේ.
ඡ්ටැ ඳ 9
පුද්ගල නාම
ළමිස්සි -තරුණියන් මෙසේ හඳුන්වයි. “ළම” එනම් පපුව “ඉස්සී” යන අර්ථයෙන් එනම් පියයුරු වර්ධනය වූ යන අර්ථයෙන් මෙසේ භාවිත කරයි.
ගැටිස්සි -ගැට + ඉස්සී යන අර්ථයෙන් එනම් ළා බාල තරුණියන් හැඳින්වීමට මෙසේ පවසයි
ඉලන්දාරියා -ඉල්ලන්නේ + අන්+ දැරියෝ යන අර්ථය ඇතිව තරුණ පිරිමින් මෙසේ ආමන්ත්‍රණය කරයි.
ගැටවු -බාල පිරිමි ළමුන් සඳහා මෙසේ අමතයි.
ලොක්කම්මා -මවගේ මව හෝ පියාගේ මව ඇමතීමට මෙය භාවිත කරයි.නමුත් මෙසේ අමතන්නේ පොදු ව්‍යවහාරයේ ආච්චි නැතහොත් අත්තම්මා යන අයයි.විශේෂයෙන්ම ක්‍රිස්තියානි බැතිමතුන් පමණක් මෙම ව්‍යවහාර යොදා ගනියි.ඔවුන් ආච්චි හෝ අත්තම්මා යන පදය භාවිත කරන්නේ ලොක්කම්මගේ හෝ පියාගේ මවටයි
මහප්පා -මවගේ පියා හෝ පියාගේ පියා ඇමතීමට මෙය භාවිත කරයි.නමුත් මෙසේ අමතන්නේ පොදු ව්යවවහාරයේ සීයා නැතහොත් අත්තා යන අයයි.විශේෂයෙන්ම ක්‍රිස්තියානි බැතිමතුන් පමණක් මෙම ව්‍යවහාර යොදා ගනියි.ඔවුන් සීයා හෝ අත්තා යන පදය භාවිත කරන්නේ ලොක්කම්මගේ හෝ මහප්පාගේ පියාටයි.
පුච්චි -මවගේ නැගෙණිය “පුංච් අම්මා”ට මෙසේ අමතයි.
මඥ්ඥා සහ පඥඥා -ක්‍රිස්තියානි බැතිමතුන්ගේ මව හෝ පියා නැති වූ විට බාරකාර මව පියා ලෙස පල්ලියෙන්ම නම් කරන පුද්ගලයින් දෙදෙනායි.
චීත්තෙ -කාන්තාවන් සමගම නිතර වෙසෙන පිරිමින් මෙසේ හඳුන්වයි.
නයිටියා -කාන්තාවන් සේ හැසිරෙන නැතහොත් ඕපාදුප කියමින් යන පිරිමින් මෙසේ අමතයි.
පත්තරේ /රෝයිටරේ -ගමේ ඕපාදුප බෙදාහරින කාන්තාව හෝ පිරිමියා මෙසේ හඳුන්වයි.
මකබාස ් ් -වැඩක් හරියට නොකරන බාස්වරු
බොක්ක/ෆිට් එක / - ඉතා සමීපතම මිතුරන් ඇමතීමට යොදා ගනියි.
කාඩයා -පිළිවෙලකට නොසිටින නැතහොත් රස්තියාදුකාර පිරිමි ළමුන්ට මෙසේ අමතයි.
ඡ්ටැ ඳ 10
ඇඹලයා/පැණියා -කාන්තාවන්ට ලොල් වූ පිරිමි පුද්ගලයින් මෙසේ හඳුන්වයි.
වලත්තයා/අවලමා -බොහෝ විට කාන්තාවන් හට අසැබි වදන් පවසන පුද්ගලයින් මෙසේ හඳුන්වයි.
ගොනා / බඞ්ඩ/බඩුව -ඇතැම් විට රැකියාව සඳහා හෝ එසේ නොමැතිව බොහෝ පිරිමින් සමග ඇසුර පවත්වන කාන්තාවන් මෙසේ හඳුන්වයි.
මළ ඇණය/වාතය -කාට හෝ කරදරයක්වන පුද්ගලයා
බෙබ්බේ -බේබද්දා.එනම් නිතරම සුරා පානය නිසා මත වී සිටින පුද්ගලයා
රට කෝලම -අසාමාන්‍ය ලෙස ඇඳුම් ආයිත්තම් පළඳින කාන්තාව
කොන්දා -කොන්දොස්තර
ඒයි -බිරිඳ ස්වාමියා හඳුන්වන/අමතන පදයකි
ඕයි - ස්වාමියා බිරිඳ හඳුන්වන/අමතන පදයකි
කොන්ත නෝනා -ආඩම්බරකාර නැතහොත් ගෙදරදොර වැඩපල නොකරන ස්ත්‍රිය
ඇහිරෑවෝ -පුංචි ළමුන් නමුත් අයාලේ හැදෙන නැතහොත් මවු පියන් විසින් නොතකන ළමුන් මෙසේ හඳුන්වයි.කුඩා ළමුන් හැඳින්වීමට “ඇච්චෝ” යන පදය භාවිත කරනවා.
ගේම් කාරයා -පුද්ගලයින් රවටන පුද්ගලයා නැතහොත් කරදරයට පත් කිරීමට උගුල් අටවන තැනැත්තා.
අණ්ඩයා -කියන දේ නොඅසන පිරිමි ළමයා
පොන්සියා -නපුංසක පුද්ගලයින් හැඳින්වීමට
ඡ්ටැ ඳ 11
ක්‍රිස්තියානි ආගම සම්බන්ධ ව්‍යවහාර
වීදි යනවා -ක්‍රිස්තියානි ආගමේ කුමන හෝ උත්සවයකදී සුරුවම රැගෙන හෝ නොරැගෙන බැතිමතුන් මහා මග එක්වී යන ගමන මෙසේ හඳුන්වයි.
බෞතීස්ම කරනවා /ක්‍රිස්තියානි කරනවා-අලුත උපන් බිලිඳා තම ආගමට යොමු කර ගැනීමේ මුල් පියවර මෙසේ හඳුන්වයි.
ඔරිසම් කියනවා -ආගමික වතාවත් කිරීමේදී කියනු ලබන යාතිකා එනම් යාඥා කිරීම.
කොන්තය/ජපමාලය -මරිය තුමිය ළඟ ඇති ආබරණයකි.
දිව්‍ය පූජාව -පල්ලියේ පවත්වන පූජාව
මීසම -ගම යන්න හැඳින්වීමට යොදා ගනියි.
මීසම්පාලක -පල්ලියේ පියතුමා
පදවිය -මීසම් සමුහයක එකතුවක් එනම් ගම කිහිපයක එකතුවකින් සැදුම් ලද්දක්.
දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ - ජේසුස් වහන්සේ
පූපය -පිය තුමා විසින් බැතිමතුන්ට ලබා දෙන ආහාරයක්.
බෙන්සාරු බත් -පල්ලියේ යාතිකා මගින් පිරිසිදු වූ බත්
පාස්කූ -ජේසු මරණින් උත්තානය ලැබූ දවස
ගුරු අඟහරුවාදා - අලු බදාදට පෙර දින
අලු බදාදා -චතාරික කාලය ආරම්භ කරන දිනය
චතාරික කාලය -ජේසුස් වහන්සේගේ දුඛ ප්‍රාප්තිය සිහි කරන කාලය
ඡ්ටැ ඳ 12
එදිනෙදා යොදා ගන්න පද
ලෑල්ලට පාගනවා -වේගයෙන් රිය පදවනවා.
මදනෙ ගහනවා -කාන්තාවනට හිරිහැර කරමින් අසැබි අයුරින් හැසිරෙන විට මෙය පවසනවා
ජල්තරයක් -කරදරයක්
වලියක් -රණ්ඩු කර ගැනීමක්. ඇණ කොටා ගන්නවා යන්නෙන්ද හඳුන්වනවා.
නහුතෙට නගිනවා /ඌරු ජුවල්/යකා නගිනවා -අධික ලෙස කෝපයට පත් වීම.
උඩින් යනවා -ආඩම්බර කම නැතහොත් සමාජයේ අනෙකන් කෙරේ අවධානය යොමු නොකට හැසිරීම මෙසේ හඳුන්වයි.
අමර -මෙම “අමර” යන පදය බොහෝ විට තවත් පදයක් සමග යෙදෙන අයුරු දැක ගත හැකිය.ඇතැම් විට “මාර” යන අර්ථයම එහි ගැබ්වෙන අවස්ථාද වෙයි.
උදා:- අමර කෙළියක්- පුදුම වැඩක්
අමර කතාවක් -පුදුම කතාවක්
අමර කෑමක් - පුදුම කෑමක්
මෙහිදී “අමර කෑමක්” ලෙස හඳුන්වන්නේ ආහාර ගැනීමක් නොවේ.කුමන කාරණයක් නිසා හෝ කරදරයකට පත් වීමයි.එය “අමර නෑමක්” ලෙසත් ඇතැමුන් භාවිත කරති.
බජවුව -පිරිසක් එකතු වී ගීත ගයමින් විනෝද වීම
සෙට් එක /ගැන්සිය -බොහෝ විට පිරිමි සමුහයක් හෝ නිතර එකටම සිටින පුරුෂයින් මෙසේ හඳුන්වයි.
පට්ට -හොඳයි.නියමයි යන අර්ථය දැනවීමට යොදා ගනී.
උදා:- පට්ට කෑල්ල - ලස්සන තරුණිය
පට්ට සීන් එක - මාර වැඬේ /පුදුමාකාර දෙයක්
පට්ට ගොන් - ඉතා මෝඩ
පට්ට රහයි -හරිම රසයි
මේ අනුව පට්ට යන්න යහපත් ලෙස අගය කිරීමට යොදා ගන්නා පදයක් බව පැහැදිලිය.
ඡ්ටැ ඳ 13
ආතල් /සොමිය -විනෝදය ලැබීම යන අර්ථ ගෙන දෙයි.
පදිනවා -බොහෝ විට පිරිමියෙකු විසින් කාන්තාවක් සංසර්ගයේ යොදා ගැනීම මෙසේ හඳුන්වයි.
දෙන්න යනවා -ඕනෑම අවස්ථාවකදී කිසියම් පුද්ගලයෙක් අනවශ්‍ය ලෙස ඉදිරිපත් වීම හෝ කැපී පෙනෙන්නට උත්සාහ දරමින් කටයුතු කිරීමේදී මෙසේ පවසයි.
ගොට්ට අල්ලනවා -ආයතනයක හෝ සේවා ස්ථානයක ඉහලින් සිටින නිලධාරින් වෙත බොහෝ පක්ෂපාතී කමක් දක්වමින් ඉතා ලැදියාවෙන් කියන කියන කටයුත්ත ඉටි කිරීමේදී මෙසේ පවසයි.
බඩට ගහනවා -රැකියාව නැති කිරීම
හොක්කේ ගහගන්නවා -ළමුන් වඩාගනීමයි.නැතහොත් තුරුල් කරගෙන සිටීමද ඇතැමුන් මෙසේ පවසනවා.
චින් චුරු බත් උයනවා -කුඩා ළමුන් එකතු වී සෙල්ලම් ගෙවල් සාදාගෙන වැලි බත් නොව සහල් පොල් ආදිය යොදාගනිමින් ආහාර පිසීම මෙසේ හඳුන්වයි.
රෝන්දේ ගහනවා -රස්තියාදු වෙනවා
රොද බෙදනවා -ගැහැණු ළමුන් කොණ්ඩය දෙකට බෙදීම මෙසේ හඳුන්වයි.
කොටනවා -මෙම වචනය සඳහා අර්ථ ගණනාවක්ම ඇත.කොටනවා යන්නෙන් මන්නයෙන් කෙටීම නැතහොත් කැපීම යන්න අර්ථ ගැන්වෙයි.
එමෙන්ම,හෙමින් ගමන් කිරීම යන්න හඳුන්වනවා.
උදා:-බස් එක කොටනවා
ඇමක් දානවා -පුද්ගලයෙකු රැවටීමට කුමන හෝ දෙයක් සිදු කිරීමයි.
බොලේ බස්සනවා /ලණුව අම්බරනවා - බොරු කියා පුද්ගලයෙකු මුලාවේ දැමීම හෝ. තමන්ට අවැසි කාර්යක් කෙසේ හෝ කර ගැනීමට අවශ්යව විට පුද්ගලයෙකු ඒ සඳහා නම්ම ගැනීමට කරන හෝ කියන දේ.
ඡ්ටැ ඳ 14
ඇම ගිල්ලා/ඇන්දුනා -පුද්ගලයෙකු රැවටීමට ලක් වීම
මල් කඩනවා -පෙම්වතුන් දුරකථන මගින් කතා කිරීම.
මල් -මත්ද්‍රව්‍ය
වටේ යනවා -යම් කිසි කාරණයක් එක එල්ලේ නොකිය වටින් ගොඩින් කතා කිරීම මෙසේ පවසයි
හින්ට් ගහනවා -ඇනුම් පද කියනවා
මරිසි දානවා -බොරු පුරාජේරු පවසනවා
ඇලට් එකේ ඉන්නවා -කිසියම් කටයුත්තක් සම්බන්ධව වැඩි අවධානයකින් සිටීම මෙසේ හඳුන්වනවා.
ඇලට් එකක් දානවා -නිදා ගැනීම .
අඩියක් ගහනවා -මත් පැන් පානය කිරීම.
කරටි කැඩෙන්න ගහනවා -අධික ලෙස මත් පැන් පානය කිරීම.
කින්ඩි දානවා -ලජ්ජාවට පත් කරනවා.
චොර / චාටර් -වදගත්කමක් නොමැති වැඩ . තමාට නොගැලපෙන ක්රිො යා.
කෝප්ප හෝදනවා -අනුන් ගැන කතා කරමින් කාලය කාලය ගත කිරීම.
කඩයක් දානවා -පුද්ගලයින් දෙදෙනක් හෝ කිහිප දෙනෙකු එක් වී කතා කරමින් සිටීම. “කදයක්” ලෙසත් මෙහි ඇතැම් පිරිස් එය හඳුන්වනවා. “කදෛ” යන්නෙන් දමිළ භාෂාවෙන් හැඳින්වෙන්නේ කතාව යන්නයි.ඒ අනුව “කදෛ” යන්නෙන් බිඳී ආ වචනයක් ලෙස “කදයක් දානවා” හෝ “කඩයක් දානවා” යන්න අර්ථවත් වෙයි.
ගොන්න -ගොඩක්/බොහොමයක් යන අර්ථ දෙයි-
කණමත -නිදිමත
ඡ්ටැ ඳ 15
විශ්මය දනවන පද සහ වෙනත් පද
සන්තානම් මෑණියනේ
ඔහ් ජුසේ
ඔහ් ජොසේ
දෙවි ස්වාමි දරුවනේ
ජෝපමාලම් අම්මේ
ජෝපමාලම් මෑණියනේ
ඔහ් ජේසු
ඔහ් සන්තෝ
මෙම සියලුම පද ක්‍රිස්තියානි ජනතාව විසින් භාවිත කරන වචන වෙයි.ඇතැම් කාන්තාවන් කිඹුහුමක් යාමේදී පවා ඔහ් ජුසේ,ඔහ් ජේසු ආදී පද භාවිත කරන්නේ නිරායාසයෙනි.
හෙන ගහපං
මක බෑවියන්
හැඳි ගෑවියන්
අකුලෝලා පල
කෙලවියන්
තොලොංචිවියන්
පුද්ගල විරසක වීම්වලදී මෙවැන් වදන් භාවිත වෙයි- “තොලොංචිවියන්” යන පදය දමිළ භාෂාවෙන් බිඳී ආ පදයකි- දමිළ භාෂාවෙහි “තොලොංචි” යන්නෙන් අර්ථවත් වන්නේ අතුරුදහන් වීම යන්නයි
ඡ්ටැ ඳ 16
රැකී රක්ෂා සම්බන්ධ වදන් ධීවර බස
ධීවරයන් විසින් භාවිත කරනු ලබන ඔරු වර්ග පොදුවේ කාණ්ඩ හතකට බෙදා දැක්විය හැකිය.
1. ඔරු පිලාව / පිලා ඔරුව/ කුඩා ඔරුව - මෙය තනි පුද්ගලයකු විසින් පදවයි. රුවලක් හෝ කොල්ලෑවක් නොමැති මෙය ධීවර වරායක කටයුතු සඳහා භාවිතයට ගනී.
2. ඇනොරුව / අනොරුව - තනි පුද්ගලයකු විසින් පදවන මෙය ඇම සඳහා ඉඟුරන් අල්ලාගැනීමට භාවිතා කරයි.
3. පාරුව / වල්ලම / දැල් ඔරුව -මෙය කොල්ලෑවක් සහිත පළල් ඔරුවකි. මාදැල් වැනි උපකරණ මුහුදට ගෙනයාමට භාවිතාකරයි.
4. රුවල් ඔරුව - රුවල් සහිත මේ ඔරුව මසුන් ඇල්ලීම සඳහා මුහුදේ යාත්‍රා කරයි. සමහර ධීවරයන් අල්ලනු ලබන මසුන් අනුව බලඔරු සහ කුම්බලා ඔරු නමින් ව්‍යවහාර කරයි.
5. තෙප්පම - නොගැඹුරු මුහුදේ මසුන් මැරීමට යොදා ගන්නා මේ ඔරුවට රුවල් නොමැත.
6. යාත්‍රා ඔරු / නැව් ඔරු බඩු නැව් බහුලවීමට කලින් වෙළෙඳ ද්‍රව්‍යයම ඒ ඒ නගර සඳහා
ප්‍රවාහනයට භාවිතා විය.
7. බොහොට්ටු / බෝට්ටු – යාන්ත්‍රික ඔරු ධීවරයන් හඳුන්වන්නේ මේ නමිනි. ධීවරයන් රැල්ල හඳුන්වනු ලබන්නේ මාරියාව නමිනි. ඈත මුහුදේ පවා මාරියා ඇත. වෙරළට ළංවන්නට මාරියාවේ ප්‍රගමණය හා වේගය වැඩි ය. මුහුදු පන්නයේ දී ධීවරයෝ රහස් භාෂාවක් භාවිතා කරති. ගුප්ත කරුණු හා විශ්වාස හේතුවෙන් මේ වචන භාවිතා කරන නමුත් දැන් දැන් මේ වදන් ව්‍යවහාරයෙන් ඈත් වෙමින් පවතී. ඔවුන් විසින් මසුන් හැඳින්වීම සඳහා භාවිතා කරන රහස් වචන කීපයක් පහත දැක්වේ.
ජාකොල්ලෝ(කෙලවල්ලන්),කිරිබන්ඩා(සූඩයන්),තල්අතුකාරයා(තලපතා),හොඩකාරයා (කොප්පරා),වට්ටිකාරයා (මඩුවා),මේස කාරයා / වන්සක්කාරයා / පාංඩිකුමාරයා (තෝරා), සුරුට්ටුව/මදින්නා(මෝරා)
ඡ්ටැ ඳ 17
මීට අමතරව යෙදෙන පද
හඳට යනවා=රාත්‍රී මුහුදු යෑම
මයක්කම=දැල් එළීම
පන්න කරනවා=මසුන් මැරීම
රස්සාවට යනවා=මුහුදු යෑම
මුහුදු කඩවර=මුහුදට අරක්ගත් දෙවියන්
කොවුලා=මසුන් මරන්නා
හැන්නැදිරාල=ඔරැව අයිතිකාරු
මණ්ණඩිරාල=මා දැල් අයිතිකරු
කෝඩියා=නවකයා
ලෙල්ලම=මසුන් විකුණන ස්ථානය
ගොඩකරය=ගොඩබිම
වඩදිය=මුහුදු ජලය ඉහළ යෑම
රුවල් තරුව=තරු හතක පොකුර
බඩසුද්දා=මෝරා
ඇවුළුම් බිලිය=බිලී කටුව
ධීවර ජන වහරෙන් බස් වහරට එකතු වූ අපූරු ප්‍රස්තා පිරුළු බොහොමයක් ද වේ.
ඒවායින් කිහිපයක් පහත දැක්වේ.
■ සාධාරණ බතට අසාධාරණ හාල්මැස්සෙක් නැතිව බැරි බව
(කිසිවකු ප්‍රතික්ෂේප නොකොට කාගේත් සහයෝගය අවශ්‍යය බව)
■ ගොයියගේ බතට උඩින් කොවුලගේ මාළු කෑල්ල තියන්න ඕනෑලු
(එකිනෙකා අභිබවා නැඟී සිටීමට උත්සාහ කිරීම)
ඡ්ටැ ඳ 18
■ ඇනියෙන් ගියත් එකයි අවරෙන් ගියත් එකයි
(ජීවත්වීම හෝ නොවීම එක හා සමානව පිළිගැනීම)
■ කරා හාද කන් ඔරු ගොඩ වෙනකම් (වාසියේදී පමණක් හිතවත් කම් අනවශ්‍යය/ බව)
■ හී හාද්දී බලන්නේ නව පොළයි.රුවල් ඔරුවක් දුවනකොට දහ පොළක් බලන්න ඕනලු (වෘත්තීය, තත්ත්වය, ගෞරවයෙන් සැලකීම)
■ අතුරේ යන එකාගේ ගෑනියි මුහුදෙ යන මිනිහගෙ ගෑනියි දවසකට තුන්වරක් කණවැන්දුම් වෙනවලු. (නිරතුරු අන්තරාව පිළිබඳ බිය සැක ඇතිවීම)
■ ජාඩියට මූඩිය වගෙයි (මනා ගැළැපීම)
■ කෙවුල්ලු හැරදාපු ගමක් සේ (අපවිත්‍ර හා දුගඳ හමන අපුල ස්ථානය)
ඡ්ටැ ඳ 19


ටැම්පිට විහාර සම්ප්‍රදාය


සෑම විහාරයක්ම මෙන්ම ටැම්පිට විහාර ද අයත් වන්නේ එම ජනප්‍රිය කලාවට ය.
ටැම්පිට යන වචනයෙන් ම අරුත් ගැන්වෙන පරිදි ටැම් හෙත් කුළුණුමත ඉදිකළ විහාර ගෙවල් මින් අදහස් වේ. බොහෝ විට සිදුවන පරිදි මෙම කුළුණු ගල් ටැම් විය. කලාතුරකින් ගඩොලින් තැනූ කුළුණු මත ඉදිඅකළ විහාර ද හමු වේ. මෙම විහාර සම්ප්‍රදාය මහනුවර රාජධානි සමයේ දී එනම් 17 වැනි සියවසේ ආරම්භව 19 වැනි සියවසේ අවසාන භාගය දක්වාම පැවති ගොඩනැගිලි විශේෂයකි. 20 වැනි සියවසේ ආර්භයෙන් පසුව ටැම්පිට විහාර තැනීම පිළිබඳව සාධක අපට හමු නොවේ. එහෙත් පසුකාලීන අලුත්වැඩියාවන් නිසා 17 වැනි සියවසේ ඉදිකළ ටැම්පිට විහාර ඒ තත්ත්වයෙන් ම අද හමු නොවේ.
අද දැක ගත හැකි වඩාත් පැරැණි ටැම්පිට ප්‍රතිමා මන්දිරය වශයෙන් ලිඛිිත සාධක ඇත්තේ මහනුවර මැදවල ටැම්පිට විහාරයටයි. මැදචල තඹ සන්නසට අනුව 14 වැනි සියවසේ දී දෙමහල් විහාරයක් ව පැවති එය ටැම්පිට විහාරයක් ලෙසට පරිවර්තනය කර නැවත ඉදිකරවා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1781) රජුගේ අනුග්‍රහයෙන් ක්‍රි.ව. 1755 දී ය. අපගේ අධ්‍යයනයේ දී 19 වැනි සියවසේ තැනූ බවට සාධක ඇති ටැම්පිට විහාර කිහියක් ම හමුවිය. මාකෙහෙල්වල අභයරාජ විහාරය 1855 දී තනා ඇති අතර ගම්පහ යටවත්ත ටැම්පිට විහාරය තනා ඇත්තේ ක්‍රි.ව. 1861 දී . කෑගල්ල මිනුවන්ගමුව ටැම්පිට විහාරය නිම කරවා ඇත්තේ 1886 මැයි 2 දා බවට සාධක පවතී. මේ අනුව අවසාන ටැම්පිට විහාරය මිනුවන්ගමුව විහාරය බව පෙනේ.
ටැම්පිට විහාර, ඒවා නිර්ාණය කොට ඇති අවධියට අයත් දේශීය ගෘහ නිර්මාණ ශිල්පය, කැටයම් සහ මූර්ති කලායව මෙන්ම බිතසිතුවම් ද ආරක්‍ෂා වී පවතින කුඩා කලාගාර ලෙස හැඳින්විය හැකි බව ආචාර්ය එස්. යූ. දැරණියගල පවසයි.
බෞද්ධ විහාරයක ප්‍රධාන අංග වූයේ දාගැබ, බෝධි වෘක්‍ෂය, උපෝසථඝරය සහ පතිමා මන්ද්ිරයයි. අනුරාධපුර සහ පොළොන්නරු යුගවල ඉතා දියුණු ප්‍රතිමා මන්දිරය සැලසුම් දක්නට ලැබේ. පොළොන්නරුවේ තිවංක පිළිම ගෙව, ථූපාරාම පිළිම ගෙය ආදී නෂ්ටාවශේෂ ඒ බව හෙළි කරයි.
ප්‍රතිමා මන්දිරය තැනීමේ අරමුණු බෞද්ධ ප්‍රතිමාවලට වන්දනාමාන කිරීම ය. ඒ නිසා මෙම ගොඩනැගිලිවල ප්‍රමුඛතම අංගය බුද්ධ ප්‍රතිමාය. මේවා ගඩොල් සහ කලුගල් භාවිතයෙන් ඉදිකළ විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි විය. පිළිම වහන්සේ පැදකුණු කරමින් වන්දනා කිරීම සඳහා ප්‍රදක්‍ෂිණාපථයක් ද විය. (පුරාවිද්‍යාව වී. ඩී. ස්. ගුණවර්ධන 54 පිට) එවැනි විශාල ගොඩනැගිලි තැනීම රාජ්‍ය අනුග්‍රහයෙන් කළ යුතු කාර්යයක් විය. මේ නිසා පොළොන්නරු යුගයෙන් පසු රාජධානි සමයන්හිදී විශාල ගොඩනැගිලි ඉදිවීම සීමා විය. විදේශීය ආක්‍රමණ වැනි වියවුල් ඒ සඳහා හේතුපාදක විය. මහනුවර යුගය උාවන්නේ යුරෝපීය ආක්‍රමණ ඉහළ යමින් පැවති වකවානුවක ය. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණවලින් මහනුවර රාජධානිය වෙහෙසට පත්ව තිබුණි. මේ නිසා විශාල ප්‍රතිමා මන්දිර තැනීමට රජවරුන්ට ඉස්පාසුවක් නොවීය. ඒ හේතුවෙන් කුඩා ප්‍රතිමාන්දිරය රටේ විවිධ ප්‍රදේශවල ඉදිකිරීම සිදුවිය. මේ සඳහා රජු
අනුග්‍රහය දැක් වූ අතර, එයට අමතරව ප්‍රාදේශීය ප්‍රභූවරුන් සහ දායක දායිකාවන්ගේ සහයෝගය ද ලැබිණි.
මහනුවර යුගයේ ඉදි වූ විහාර පහත සඳහන් පරිදි වර්ග කර දැක්විය හැකි ය.
(අ) සාමාන්‍ය ප්‍රතිමා මන්දිර (භූමිය මත ඉදිකළ)
(ආ) ලෙන් විහාර
(ඇ) ටැම්පිට විහාර
මේ අතරින් ටැම්පිට විහාර මෙකල ඉතා ජප්‍රිය වූ ගොඩනැගිලි විශේෂයක් බව පැහැදිලි වේ. විශේෂයෙන් රටේ තෙත් කලාපයට අයත් ප්‍රදේශවල එය වඩා.ත් ප්‍රචලිතව පැවතිනි. වයඹ, සබරගමු , මධ්‍යම බස්නාහිර පළාත්වල ටැම්පිට විහාරවල ඉහළ ඝනත්වයක් දැකගත හැකි ය. මේ අතරින් වැඩිම ටැම්පිට විහාර සංඛ්‍යාවක් වාර්තා වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයෙනි. දෙවැනි තැන වයඹ පළාතයට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයට හිමි වේ. උතුර සහ නැගෙනහිර පළාත්වලින් මෙම ගොඩනැගිලි විශේෂය වාර්තා වී නැත.
අදටත් ජීවමන ස්වරූපයෙන් වැඳුම් පිදුම් ලබන ටැම්පිට විහාර උඩරට කලා සම්ප්‍රදාය සුරැකි කලාගාර වශයෙන් හැදින්විය හැකිය. විශේෂයෙන් කුඩා ඉඩකඩක් භාවිතයෙන් බදූුහිමියන් කෙරෙහි භක්තිය දැනවීමට කලාකරුවාට තිබූ හැකියාව මින් පැහැදිලි වේ.
දිස්ත්‍රික්කය ටැම්පිට විහාර සංඛ්‍යාව
අනුරාධපුර 5
කළුතර 1
කෑගල්ල 48
කුරුණෑගල 28
මහනුවර 15
මාතලේ 11
ගම්පහ 10
රත්නපුර 8
ගාල්ල 2
මාතර 4
හම්බන්තොට 2
නුවරඑළිය 3
ප්‍රභවය
මෙම ගොඩනැගිලි විශේෂයෙහි ප්‍රභවය පිළිබඳව සැලකීමේ දී මත කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර, එයින් වඩාත් පිළිගැනීමට ලක්ව ඇත්තේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුරගේ මතයයි. ඔහු ටැම්පිට විහාර සංරක්‍ෂණය කිරීමට ද පුරෝගාමී වූ
පුද්ගලයෙකි. මැදවල, දොරබාවිල , අම්බුලුගල වැනි මැට්පිට විහාර සංක්‍ෂණය කළේ ඔහුගේ උනන්දුව මතය. මුලින්ම දෙමහල්ව තිබූ විහාර ගෙවල් පසුව ටැම්පිට විහාර බවට පරිවර්තනය වූ බව හු සඳහන් කරයි. මහනුවර මැදවල විහාරය සහ මාවනැල්ල අම්බුලුගල විහාරය ඒ සඳහා උදාහරණය ලෙස ඔහු ඉදිරිපත් කරයි. (ටැම්පිට පිළිම ගේ 2 චාල්ස් ගොඩකුඹුර, කලා සඟරාව 1963 මාර්තු 1 පිට)
අනුරාධපුර යුගයේ දී මහල් ගෙවල් ඉදිකළ බවට සාධක දක්නට නොලැබුණ ද පොළොන්නරු යුගයේ දී එවැනිම පිළිම ගෙවල් ඉදිකළ බවට සාධ 1 වැනි විජයබාහු රජුගේ (ක්‍රි.ව. 1055-1110) අටදාගේ ගොඩනැගිල්ල සහ කීර්ති නිශ්ශංකමල්ල රජුගේ (ක්‍රි.ව. 1187 - 1196) හැටදාගේ ගොඩනඟිල්ලෙන් තහවුරු වේ.මෙවැනි පිළිම ගෙවල පහළ මාලය පිළිම වහන්සේලා තැන්පත් කර තිබුණ අතර, ඉහළ මාලයේ ධාතූන් වහන්සේලා තැන්පත් කර තිබුණි. දළදා මාලිගාවල ඉතිහාසය දෙස බලන විට ඒ සඳහා යොදා ගන්නේ මහල් ගොඩනැගිල්ලකි. මහනුවර දළදා මාලිගාව ද දෙමහල් ගොඩනැගිල්ලකි. පොලොන්නරුවේ දළදා ගේ වශයෙන් හඳුනාගෙන ඇති අටදාගේ සහ හැටදාගේ මහල් ගොඩනැගිලි බව එහි ඉහළ මාලයට පිවිසීමට ඇති පියගැටවලින් පැැදිලි වේ. දඹදෙණියේ දළදා මැදුර ද තුන් මහල් පහයක් බව මහාවංශය සඳහන් කරයි. (මහාවංශය 82 පරි 6-9 පද්‍ය ) 6 වැනි පරාක්‍රමබාහු රජු ඉදිකළ කෝට්ටේ දළදා මැදුර ද තෙමහල් පහයක් විය. ( මහාවංශය 91 පරි 17 පද්‍යද) අවසාන දළදා මැදුර වූ මහනුවර දළදා මාලිගය දෙමහල් ගොඩනැගිල්ලකි. මෙලෙස එවකට ජනප්‍රියව පැවති ඉතා පූජනීය ගොඩනැගිලි වූ දළදා මැදුරුවල බලපෑම ද ටැම්පිට විහාර සඳහා බලපාන්නට ඇත.
වර්ෂාධික නිවර්තන කාලපීය රටවල වේයන් ආදී කෘමින්ගෙන් දැව ගොඩනැගිලි ආරක්‍ෂා කර ගැනීම සඳහා ගල්කණු මත ගොඩනැගිලි ඉදිකිරීමේ සිරිතක් පවතී. ලංකාවේ වී අටු ගල්කණු මත ඉදිකරන්නේ එම ධාන්‍ය වේයන්ගෙන් සහ තෙතමනයෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා ය. එවැනි විශාල ධාන්‍ය අටු ගඩලාදෙණි විහාරයේ සහ ඇම්බැක්කේ දේවාලයේ දී දැකගත ැකි ය. නිවාස ඉදිරිපිට තැනූ කුඩා වී අටු සඳහා ද ගල් යොදා ගැනිණි. ටැම්පිට විහාර ගෙවල් ඉදිකිරීමට පෙරගල් ටැම් මත ගල් ගෙඩි ත හරහට බාල්ක දමා අම්බලම් වැනි ගොඩනැගිලි ඉදිකිරීම පැවතිණි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පනාවිටිය අම්බලම ඉදිකර තිබෙන්නේ අඩි 1 ක් පමණ උස ගල්කණු යොදා ඒ මත මහත බාල්ක යෙදීමෙනි. මහනුවර හේවාහැට ගොඩමුණේ අම්බලම ඉදිකර තිබෙන්නේ පස් පුරවා සැලසූ පදනමක් මත ගල්කුට්ටි යොදා බාල්ක ඇතිරීමෙනි. නාරම්මල කරගහගෙදර අම්බලම මෙන්ම ගම්පහ ඇවරියවල අම්බලම ද මෙයට සමාන ගොඩනැගිලි වේ. ඉන්දියාවේ ඕරිස්සා ප්‍රාන්තයේ ද මෙවැනි ගොඩනැගිලි පැතිරි ඇත.ගල්ගෙඩි මත තිබූ වී අටු පසුකාලීනව උස් ගල්කණු මත හරහට දැව බාල්ක යොදා සාදන ලදී. මෙසේ ධාන්‍ය ආරක්‍ෂා කරගැනීමේ අරමුණු සඵල වූ අතට ටැම්පිට ප්‍රතිමා ගෘහ සඳහා මෙම පරිණාමය ද බලපාන්නට ඇති බව ගොඩකුඹුර ඇතුළු විද්වත්තූ පවසති. මෙලෙස ටැම්පිට ගොඩනැගිලි ඉදිකිරීම බුරුමය, තායිලන්තය, කාම්බෝජය , වියටනාමය , චීනය , ජපානය වැනි පෙරදිග
රටවල දක්නට ලැබෙන ගොඩනැගිලි සම්ප්‍රදායකි. මෙලෙස තනන ලද පැරණි කුඩා අටු හෝ බිහි යට ඉඩ වැස්සට නොතෙමෙන අතර, අව්වෙන් ද ආරක්‍ෂා වේ. උස්ටැම් මත කරන ලද අටුවලට යටින් ඇති ඉඩකඩ මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගැනීම සිදුවිය. ගොඩකුඹුරේ සඳහන් කරන අයුරෙන් අපේ පැරණි ගම්වල වැසියන්ගේ ප්‍රයෝජනයට අමතර කාමර නොතිබූ නිසා අමුත්තන් පැමිණි විට අටුව යට නවාතැන් ගැනීමට ඉඩ දුනි.
කුඩා විහාර මන්දිරයකට ගාම්භීර පෙණුමක් ලබාදීමට ද මෙලෙස උස් ගල්කණු මත ඉදිකන්නට ඇති බවට තවත් අදහකි. ( සෙංකඩගල පුරාණය පියතිස්ස සේනානායක 126 පිට )
මේ අනුව ටැම්පිට විහාර ඉදිකිරීමට බලපෑ හේතු කිපයක් හඳුනාගත හැකි ය.
(අ) මහල් දළදා මැදුරවල බලපෑම.
(ආ) තෙතමනයෙන් සහ වේයන්ගෙන් ප්‍රතිමා සහ සිතූවම් ආරක්‍ෂා කරගැනීම.
(ඇ) කුඩා විහාර මන්දිරවලට ගාම්භීර පෙනුමක් ලබාදීම.
ටැම්පිට විහාර අතරින් බහුතරයක් එතරම් උස් කණු මත ඉදිකළ ඒවා නොවේ. ඒවා අඩි 1-2 ක් පමණ උස් කණු මත ඉදිකරන ලද ඒවා ය. පොළොව මට්ටමෙන් අඩි 7-8 ක් උස් ටැම්පිට විහාර කලාතුරකින් දක්නට ලැබුණි. අම්බුලුගල , බිංගිරිය , මාහල්ලොලුව , දොරබාවිල , දියසුන්තන වැනි විහාර උස්ටැම්මත ඉදිකළ ඒවා වන අතර, මැදවල, දැතව, මී පිටිය, ලෙව්කේ, කෝඳුරුවාපොල , මැටිකොටමුල්ල, නක්කාවත්ත ඇතුළු විහාර රැසක් උසින් අඩු ටැම්මත ඉදිකර ඇත.
ඇතැම් තැන්වල පහත මාලයේ ගල්කණු මැදිවන සේ කොට බිත්තියක් බැඳ ඒ මත ව්‍යාඝ්‍ර රූප අඹා ඇත. බුදු මුත්තාව රජමහා විහාරය එයට උදාහරණය සපයයි. ( සෙංකඩගල පුරාණය පියතිස්ස සේනානායක 125 පිට) තවත් ටැම්පිට විහාර මැදිවන සේ පසු කාලීනව ධර්මශාලා ඉදිකර තිබිණි. මාවනැල්ලේ කිරියාතැන්න සමහිඟුල මල්වතු විහාරවල එම ස්වභාවය දැකිය හැක.
දෙමහල් විහාරවලට පත් ටැම්පිට විහාරවල බිම්මහල විවිද ආගමික කටයුතු සඳහා භාවිතා කෙරේ. නාවින්න සහ දියසුන්නත ටැම්පි විහාර වල බිම්මහල පෝයගේ වශයෙන් ද දොරගමුව බිංගිරිය ටැම්පිට විහාරවල බිම්මහල ධර්මශාලා ලෙස ද යොදාගෙන ඇත. දඹදෙණිය විජයසුන්දරාරාමයේ සහ ධන්තුf්ර විහාරවල බිම්මහල තවත් ප්‍රතිමා ගර්භයක් ලෙස යොදාගෙන ඇත. උස් ටැම්පිට විහාරවලට පිවිසිය යුතු වූයේ, දැව තරප්පු පෙළකිනි.
බිහල්පොල, කෝඳුරුපොල , කොළමගම , කලෝටුවාව , වැනි ස්ථානවල ටැම්පිට විහාර ඉදිකර තිබෙන්නේ ගල් පර්වතය මතය. එයින් පෙනෙන්නේ වේයන්ගෙන් යන කරදර නොමැති පර්වත මත පවා ටැම්පිට විහාර පිටුවා ඇති බවය.
ටැම්පිට විහාර ඉදිකිරීම
ටැම්පිට විහාර ඉදිකරන ලද්දේ පොළොව සමතලා කොට පදනමක් ඉදිකර නොමැතිව ගල්ටැම් සිටුවීමෙන් පසුව ය. මේ සඳහා යොදාගත් ගල් ටැම් ඒ කාර්යයටම සකසා ගත් ඒවා නොවීමට ඉඩ තිබේ. නටබුන් වූ පැරණි ගොඩනැගිලිවල ගල්ටැම් ද ඒවා යොදාගෙන ඇති බවට සාධක හමු වී ඇත. කුරුනෑගල දිස්ත්‍රික්කයේ දොරඹාවිල ටැම්පිට විහාරයට යොදාගත් ගල්කණු අතර 10 වන සියවසට අයත් අත්තානි කණු දෙකක් ද ඇත. (්රජයසඑැජඑමරු දf ීරස ඛ්බන් ක්‍ග ෑග ඨදා්නමපඉමර් 1976 15 ඡ* මෙම ටැම් ඔප මට්ටම් කිරීම බොහෝවිට සිදුව නැත. එහෙත් දන්තුරේ මැට්පිට විහාරය අලංකාර කැටයමෙන් යුත් ටැම් යොදාගෙන තිබේ. මෙම ටැම් බොහෝ විට අඟල් 9-9 ප්‍රමාණයෙන් කළුගල් කුළුණු මත ඉදිකිරිනි. අඟල් 9 -12 ප්‍රමාණයේ ටැම් ද භාවිතා කර තිබේ.
ගල් කණු මත දිගට හා හරහට දැව බාල්ක යොදා එම සැකිල්ල මත ඝනකම් ලෑලි අතුරා සකස්කර ගත් වේදිකාවක වරිච්චි බිත්ති බැදගැනේ. මෙම ලෑලි අඟල් 2-3 ක් පමණ ඝනකම විය. බොහෝ විට විහාර ඉදිකිරීමට ශක්තිමත් දැවයක් වූ නා භාවිතා කළ බව පැවසේ. ඊට අමතරව මිල්ල , කැටකෑල , ආදී දැව භාවිතා කෙරිනි. ( සබරගමුව වංශකථාව 2 වෙළුම 503 පිට) ලෑලි තට්ටුවේ සිව්කොන කිතුල්කණු සිටුවා උණ ලී බඩ ලී පුවක් රීප්ප ආදිය ගෙන තද වැල්වලින් බිත්ති රාමුව සකසා ගැනේ. ඊට පසු මැටිවලින් පුරවා දෙමැට්ට ගසා දෙපැත්තට පෙනෙන ලී පටි වසා ගනී. ඊට පසු බිත්තියෙහි ඇති පලුදු මැකී සමතලා වන සේ කපරාරු කර ගැනේ. සමහර විට වරිච්චි බිත්තියට ලෑලි යොදා එයට මැටි ගසා ගත් අවස්ථා ද හමු වේ. රඹුක්කන වල්ගම ටැම්පිට විහාරය එවැන්නකි.
මකුළු මැටි හෝ හුණු බදාම ආලේපයෙන් බිත්ති සුදුකර ගැනේ. අනතුරුව ඔප දමා බිතුසිතුවම් අඳිනු ලැබේ. බිත්තිවලට සහ පිටත දැව කණුවලට ද බර යෙදෙන සේ පියස්ස සකස් කෙf්ර. පියස්ස සඳහා යොදාගත්තේ මහනුවර යුගයේ ජනප්‍රිය වූ පෙති උළු ය.
සකස් කරන ලද ගල්කණු නිසි සේ බිම සිටුවා දැව බාල්ක එකී ගල්කණු මත තැබිණි. ඊට පසු තට්ටුව සෑදීමට හරස් බාල්ක යොදා ඒවා සවිමත් කෙරිි. මෙම ගොඩනැගිල්ල බාල්ක හරස් බාල්ක හා පේකඩ සහිතව දිවිය. එහි කැටයම් කරන ලද කුළුණු සහ උළුවහු ද කැටයමින් යුත් ගොනැස් පරාල ද විය. පියස්සේ වඩිම්බුව යකඩ ඇණවලින් තද කොට තිබේ. එහි උළු සෙවිලි
කර මුදුනෙහි කොත් පළඅලංකාර කර තිබේ. (ගම්පහ දිස්ත්‍රික්කය සමාජ සංස්කෘතික සමීක්‍ෂා 244 සිට)
උස් නොවූ ටැම්පිට විාරවලට ඇතුළුවීම සඳහා ඉදිරිපසින් දැව තරප්පු මෙන්ම කලුගල් හෝ ගඩොල් භාවිතයෙන් ඉදිකළ පියගැට ද යොදාගෙන තිබේ. පළලින් අඩු මෙම තරප්පු හෝ පියගැටවල එක් වරකට ගමන් කළ හැක්කේ එක් අයකුට පමණි. දෙමහල් ටැම්පිට විහාරවල උඩුමහලට ගමන් කිරීමට ඇති තරප්පුව උඩුමහලේ බාල්කයට සවි වී ඇති අතර ඒ ඔස්සේ ප්‍රතිමා මන්දිරයේ ඉදිරිපස ආලින්දයට පිවිිය හැකි ය. මෙම තරප්පුව උඩුමහලේ
ලෑලි පොළොවට සම්බන්ධ වන ස්ථානය අවශ්‍ය පරිදි වසා දැමිය හැකි අයුරින් අගුලු දමා දොරකින් වසා දැමීමට පුළුවන.
බිංගිරිය දඹදෙණිය වැනි විහාරවල මේ දොරවල් අදටත් දැකගත හැකි වේ. කුඩා ප්‍රමාණයේ ටැම්පිට විහාරවල ඇතුළුවීමට සහ පිටවීමට ඇත්තේ තනි දොරක් පමණි. තරමක් විශාල ටැම්පිට විහාරවල දොරවල් දෙකක් දැකගත හැකි ය. ලංකාවේ විශාලම ටැම්පිට විහාරය බිංගිරියේ දොරටු 3 කි. තනිදොර සහිත ප්‍රතිමා මන්දිරවල ඇතුළු අඳුරු ස්වරූපයෙන් යුක්ත නිසා පහන් ආලෝකයක් නොමැතිව ිතු සිතුවම් පැහිදිලිව නොපෙනේ.
දෙමහල් තත්ත්වයට පත් ප්‍රතිමා ගෘහවල පිටතින් දෙවන ට්ටමේ පියස්සක් ඉදිකොට දෙමහල් ස්වරූපය බාහිරව පෙන්නුම් කර තිබේ. ඉන් ගොඩනැගිල්ලට අලංකාරයක් ද එක්ව ඇත. අම්බුලුගල බිංගිරිය දංතුරේ දියසුන්නත වැනි විහාරවල මේ ලක්‍ෂණය කැපී පෙනේ. කුඩාම ටැම්පිට විහාරවල හැරෙන්නට අනෙක් සම විහාරයකම ප්‍රතිමා ගෘහය වටා යන සේ ප්‍රදක්‍ෂිණා පථයක් ඉදිකර තිබේ. ප්‍රදක්‍ෂිණා පථය වටා ඇති දැව කණු මැදි වන සේ දැව බීරළු වැටක් කෙටි බිත්තියකින් හෝ සමහර අවස්ථාවලදී සම්පූර්ණ බිත්තියක් ද දැකගත හැකි ය. පිළිම ගේ වටා පැදකුණු කරමින් වන්දනා කිරීමට බැතිමතාට ඉඩ සලසා දීම ප්‍රදක්‍ෂිණා පථයක් අරමුණ විය. පොළොවෙහි ඉදිකළ විහාරස්ථානවල ද මෙම ප්‍රදක්‍ෂිණා පථය දැක ගත හැකි ය. එය හැඳින්වූයේ මෙපිටමාලය වශයෙනි. පූජනීය වස්තුවකට වන්දනා කරන විට ඒ වටා ගමන් කිරීමේ සිරිතක් බොදුණුවන් අතර පවතී. එය ප්‍රදක්‍ෂිණා කිරීම හෝ පැදකුණු කිරීම නම් වේ. පැදකුණු කරන විට වන්දනාකරුවා දකුණු අත පූජනීය වස්තුව දෙසට තිබෙන අයුරින් ගන් කළ යුතු වේ. දකුණු අත වම් අතට වඩා උතුම් කොට සැලකීම පැරැණි සිංහල සිරිතකි. (සිරි දළදා මාලිගාව ජේ. බී. දිසානායක 7 පිට)
මෙම විහාරවල පියස්ස පෙති උළු සෙවිලි කිරීමට යෝග්‍ය ආනතියකින් යුක්ත විය. එය පල හතරක පියස්සකි. සම සතරැස් හෝ දිගටි විය. සමහර පියසි ආනති දෙකක් සහිතව නිර්මාණය කොට වඩාත් දැකුම්කළු බවක් ලබා දී ඇත. පියස්සේ මුදුනට මැටි කොත් එකක් හෝ දෙකක් සවි කෙf්ර- පියස්ස වටා යන සේ බෝ පත් ආකාරයේ මැටි වඩිම්බු උලු සවි කෙරිණි. මෙම උළු කැටවල සිංහල සිංහ මෝස්තර සහ හංසයන් හෝ මොනරුන් ද උන්නත ආකාරයට දක්ා තිබේ. වඩිම්බු උළු යෙදමෙන් අලංකාරය මෙන්ම පරාලවල අග නොතෙමී ආරක්‍ෂා වීම සිදු වේ. ටැම්පිට විහාරවල පියස්සට යෙදූ පරාල කෙළවර සිට අඩි 2-21/2 ක් පමණ දිගට කැටම් කර අලංකාර කර තිබේ. මෙලෙස කැටයම් කළ පරාල එකිනෙක වද්දා පියස්ස සවිමත් කිරීම සඳහා පරාලවල අඟල් 3/4 ප්‍රමාණයේ සිදුරු සාදා එම සිදුරු හරහා එකිනෙක පරාල හරහා යන සේ හතරැස් ලී කූරු සවිකර තිබේ. ගෝනැස් යනු පරාලයටම ව්‍යවහාර කරන හැඳින්වීමක් වූවත් පසුකාලීනව එය පරාල කෙළවරට යොදන කැටයමට පමණක් යෙදේ. ගෝනාගේ ඇස ආකායට මෙය ඇති නිසා ගොනැස් නම් වේ. (ටැම්පිට විහාර ඇම්.ඩී. ලාල්චන්ද්‍ර පුරාවිද්‍යා 7 කලාපය 1993 10 පිට)
සමහර ටැම්පිට විහාර ඉදිරියෙන් ගඩොල් කුළුණු මත පියස්සක් යොදා මණ්ඩපයක් තනා තිබේ. එය ටැම්පිට විහාරයට පැමිණෙන බැතිමතුන්ට එක්රැස් වීමට හේවිසි මණ්ඩලයක් ලෙස ද යොදා ගෙන ඇත. සාමාන්‍යයෙන් ටැම්පිට විහාරයක එක් වරකට උපරිම වශයෙන් 10-15 දෙනෙකුට වඩා වැඳුම් පිඳුම් කළ නොහැක. දැව තට්ටුවට දරාගත හැකි බර මෙන් ම විහාරයේ කුඩා බව ද එයට හේතු වේ.
ටැම්පිට විහාරවල වර්තමාන තත්ත්වය
අද වන විට මෙම අගනා ජාතික උරුමය වැනසී යන ස්මාරක විශේෂයක් වට පත්ව ඇත. එයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ගොඩනැගිලි අබලන් වීමයි. පෙති උළු හෝ සිංහල උළු යෙදූ පියස්ස පහසුවෙන් දිරාපත් වන අතර එවිට වර්ෂා ජලය කාන්දු වීම නිසා බිත්තිවලට සහ බිතුසිතුවම් ප්‍රතිමා ආදියට හානි පැමිණේ. උළුකැටවල මුල්ම තෙමීමක දී එයට පිළියම් නොයෙදීම නිසා ටික කලක් යන විට වහළ දිරාපත් වේ. පැරැණි පරාල නිසා දිරාපත්වීම ඉක්මන් ය. බොහෝ විහාර මන්දිර පුරාවිද්‍යා ස්මාරක නිසා විහාරාධිපති හිමිවරුන්ට පිළියම් යෙදිය නොහැක. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැන්වුව ද ඉක්මන් ප්‍රතිචාරයක් නොලැබෙන බව විහාරාධිපති හිමිවරු පැවසූහ. රඹුක්කන කිරියාතැන්න විහාරයේ පුරාවිද්‍යා සංරක්‍ණය සඳහා වසර 1 1/2 කට පෙර ඉදිකළ තහඩු පියස්ස ද මේ වන විට දිරාපත්ව ඇත.
පහන්දැලි හා හඳුන්කූරු පත්තු කිරීම නිසා බොහෝ බිතුසිතුවම් අඳුරු පැහැයට හැරී ඇත. ඒ අතරින් සමහරක් පුරාවිද්‍යා දෙපාර්තf්න්තුව සංරක්‍ෂණය කර තිබේ. එමෙන් ම සමහර ස්ථානවල ටැම්පිට ස්වරූපය වෙනස් වන පරිදි විහාරාධිපතිහිමිවරු විසින් ගොඩනැගිලි අලුත්වැඩියා කර ඇත. කලුගල් ටැම් වසා ගඩොල් බිත්ති බැඳ තිබේ. ගරා වැටෙමින් පවතින විහාර නවීකරණය කිරීමට හිමිවරු පෙළඹෙන්නේ ඒවායේ විනාශය වැළැක්වීමට වුවත් නිසි සංරක්‍ෂණ ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම නිසා පුරාවිද්‍යාත්ක අගය වැනසී යයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ මංගලගම සහ හිඟුල ද ගම්පහ දිස්ත්‍රික්කයේ අනුරාගොඩ වැනි විහාර ද එයට නිදසුන් වේ.
පැරැණි බිතුසිතුවම් කෘතීම තීන්ත ආලේපයෙන් අදක්‍ෂ සිත්තරුවන් ලවා අලුත්වැඩියාව නිසා බොහෝ බිතුසිතුවම් විකෘති වී නොවටිනා තත්වයට පත්ව ඇත. සමහර විහාරවල පැරැණි බිතුසිතුවම් වෙනුවට අලුතින්ම සිත්තම් සහ මූර්ති නිමාකර තිබේ. ඒ නිසා සිදුව ඇති හානිය ඉතා විශාල ය.
එහෙත් මේ විනාශයන්ගෙන් මිදුණු අගනා ටැම්පිට විහාර රැසක් මහනුවර , කෑගල්ල, කුරුණෑගල , මාතලේ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම පවතී. ඒවා කැපවීමෙන් ආරක්‍ෂා කරන විහාරාධිපති හිමිවරුන්ට සහ ඒවායේ සංරක්‍ෂණය කටයුතු කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අපගේ ප්‍රණාමය හිමිවිය යුතු ය.

Thursday, January 14, 2016

    සඳ නිවුණු කෝපයට
    තරු පුපුරන රාත්‍රියම අහිමි විය.....
    බඹරු වැඩියේ රොනට
    තහනම් ගහේ ඵල
    නෙලන්නට......
    නොහැඟුණා නොවෙයි
    හිරු නුඹත් අහිමිවන බව
    මේ කුමුදු මලට....
    විඩා බර නෙත් පියන් හිඳින්නට දෙනු මැන..
    තවත් රාත්‍රියක් වෙනුවෙන්
    පිපෙන්නට ඇත මට
    පරවෙන්නට මොහොතකට පෙර......

Wednesday, January 13, 2016

සඳේ සොමි ගුණ මකා හිරු කැන්
එබෙයි නිලඹර සළු ඉරා
තවත් අඳුරුයි ක්‍ෂිතිජ මායිම
තවම ඇයිදෝ හිරු පමා
දෙනෙත් විල් තෙර වසා පැතිරෙන නෙත් දියෙන්
මා වත දොවා
බලා ඉන්නෙමි එනතුරා නුඹ
අලුත් දිනකර වී උදා

සිතා උන්නෙමි නුඹ නිසාවෙන්
මුළු ලොවක් මට හිමි කියා
නමුත් හිමි සඳ නැතා'ලෝකය
නොපෑයූ හිරු නුඹ නිසා
සිතින් විඳිනෙමි හදේ ගිනි දැල්
ලොවට රහසෙම නෙත් පියා
මතක අමතක කරනු බෑ තව
අපේ දුව සුරතල් නිසා......

Tuesday, January 12, 2016



                                                                                                        









උණුසුම් සුසුම්
හෙළුවත්  ළය පුරා නුඹ
අහිතක් තිබුණේ නෑ
කවදත් මගේ ළඟ
විඳ තිබු නිසා ගිනි කඳක්  මෙහදවත
නුඹේ ලෙයට පෙම් කලේ මම
දිවා රැය....
දරාගත නොහැකි විය
මා  වෛර  කල
අවියෙහි බරත් නුඹ දෑතින්
දැරූ වග ...
සිතුනා යන්න මොහොතක්වත් නොරදාම... 
මවු පිය සොවින් තැවෙමින් ඇති ඉසවුවක...
                                                                                 


අතීතය අමතක කරන් ගොළු හදවතක් අමතයි හෙමින්..
වෙරළු මල් ඔච්චම් කරනවා සරසවියේ මහ ගස් මැදින්...
සුගත් ධම්මිට රහස් කොඳුරයි කාටවත් නොඇසෙන සරින්...
වෙරළු මල් ඵල වුනත් කෙලෙසක ගෙනත් දෙන්නද මා ඉතින්...
 
 

Monday, January 11, 2016

සාතන්ට නත්තලක්....


ඉරි තැලුණු  පොළොව මත
වැතිර  සරතැස නිවන්නට
අවසර යදියි ......
තුනු පහස ලබා නුඹේ
මරණය අයදී වලාහක දෙවිඳුගෙන්
රවී ගිනියම්ව.......
වර්ෂා නුඹ නොමැති සොවින්...



විසල් අහස යට
මංමාවත් සොයන්නට   
සුහුඹුල්
ගකි නව
 
විමසුම  

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...