Sunday, July 30, 2017
ගිනියමට අතවනන - මැදියමකි හිතවත්කම
ලා රත් පැහැය අත් හැර
දවල හිරු හා හැප්පෙන
නිල්ල වැදි තුරු පත්වල
අතු රිකිලි ඇද සිඳ බිඳ
සෙවනැලි මකා කුමට ද
දුරින් හිඳගෙන ළඟින් බැලූවම
පත් මැවූ සිත්තම්වල
අවමාන ඇද පළුදු
හිරු වැදුණු එළි ලකුණු
පෙනෙණු ඇත නුඹට
පහර කෑ පුන් සඳ මත
ආවාට සිත්තම්වල
වගක් නැති පැහැයක් ගෙන
ඉසිනු ඇත තරු එදින ම
අඳුර අත්හළ දහවලක වුව
තුරුහිසින් බැස සෙවනැලි
රැුයක පැහැයට හැරුණු අන්දම
තවම කවුරුත් දන්නැතී
- තාරිකා තත්සරිණි -
ආයෙමත් එනවාද දුයිෂෙන්
අළු
පාට
හීනයක
විනිවිඳින මතකයන්
සඟවමි
ජීවිතේ
රස
ම
තැන්
විමසමි
අපැහැදිලි සිත්තමක්
පැහැදිලි ම
කඳුළකින් බොඳ
වුණි
නුඹ
විඳිමි…
දුර
හිඳිමි…
මතක
සැමරුම් දකිමි…
සැනසෙමි
නිල්ල
සුණු
කළ
තැනෙක
තැල්ලකට හීනයක්
කැඳවපූ
රැල්ල
ඇවිදින් හැපුණු
වැල්ල
මත
සටහනකි
ඉතිරි
වූ
බැන්ද
සෙනෙහස
තවම
බින්දකුත් අඩු
නැතිව
ඉතිරි
වූ
මෙල්ල
කළ
වස්සානේ
පුංචි
ගමනක්ය
මග
නැවතුණු
වින්ද
රිදුමක් වුණත්
කන්ද
තරමින්
නුඹය
ඉහිලුව
බැන්ද
වචනෙක
වුණත්
නැද්ද
දැනුනේ
විසල්
ප්රේමය
කැන්දගෙන යනු
බැරුව
සින්ද
මල්
බිම
හෙළා
වැළපුණ
මන්ද
දුයිෂෙන් සබඳ,
බින්ද
හදවත
මැදම
නැවතුම ?
- තාරිකා
තත්සරිණි
-
ෆූජියාමා පේ‍්‍රමයක් ළඟ සකුරා මල් ඇවිලෙන හැටී
වසාගෙන ගිනි දල්ල අහසට හිනා වෙන ගිනි කන්දක්
මකාගෙන දුක බලා උන්නම උඹ දකියි හිම කන්දක්
සකුරා මල් හිතවතිය තවමත් දුරය නුඹ ගවු ගණනක්
නැවත එන වග කියූ සුළඟත් මුසාවක් කියු ඇත්තක්
දුරින් ඉඳගෙන හොරෙන් බැලූවම හිම තුහින මහ වැස්සක්
ඇසින් ඇස දැක ඔහේ උන්නම උඹ දකියි එක පැත්තක්
හිතෙන් හිත බැඳ ළඟින් උන් දින හීනයත් මල් වත්තක්
සිතෙන් විඳගෙන විතෙන් පෙවුනම ජීවිතේ මහ තිත්තක්
දිනක් එන්නෙනම් හිමෙන් ගිනි
නිවනු හැකිවන දවසක්
නිවනු හැකිවන දවසක්
වසන් වෙන්නේ දිනක් ඉල්ලූ හිතවතියකගේ කඳුළක්
මමත් ඉන්නේ උදාවන තුරු
මළවුන්ට අවුරුද්දක්
මළවුන්ට අවුරුද්දක්
Tuesday, July 25, 2017
ලිංගයක් අහිමි සිංගයෙක්
සිවු දෙසින්
බෝ පත‍්‍ර සැලෙනා
කහ ගැහුණු
වැලි මළුවෙ සිටිනා
මුවහතක් නැති
කඩුව දරනා
වාරු නැති
සිංහයෙකි තෙදිනා
දිව ඇදී කේසර
සැලී ඇත
හති වැටී
සරතැස දැනී ඇත
පය ගසාපං පොළොවේ
Thursday, July 13, 2017
අමතක කරයි නම් ඔබ මාව- If you forget me by Pablo Neruda
අවැසි වේ
ඔබට දන්වන්න
යමක්
කෙසේද යත් ඔබ දනී
මම බලයි නම්
මගේ කවුලුවෙන්
රත් පැහැ මන්ද සරා කලෙහි
සුපැහැදිලි සඳු දෙස.
මම ස්පර්ෂ කරමි නම්
ගින්දර අභියස
අස්පෘෂ්ඨ භෂ්මාව
නැතිනම් දර කොටෙහි
රැළි ගැසුණු දේහය
පවතින හැම දෙයක් මෙන්
මා ඔබට ගෙන යන
සුගන්ධය, එළිය, ලෝහය
මා එනතුරු බලා සිටින ඔබේ දූපත් දෙසට
යාත්රාු කරන
පුංචි ඔරුවල තිබිණි
දැන් කදිමය
ටිකෙන් ටික ඔබ මට
පෙම් කිරීම නතර කරයි නම්
මමත් ඔබට පෙම් කරීම
හෙම්හිට නතර කරන්නම්
එකෙනෙහිම
මාව ඔබ
අමතක කරයි නම්
මාව නොසොයන්න
එවිටත් මම ඔබව අමතක කොට තිබේවි
ඔබ උමතුවෙන් මෙන් බොහෝ කල්
හිතයි නම්
ලියූ වදන් සුළඟ
මගේ ජීවිතය තුලින් හමා යයි
එවිට ඔබ තිරණය කරයි
මගේ මුල් ඇති හදෙහි
වෙරළේ දී මාව හැරයන්න
මතක් කරන්න
එදින
එපැය
මගේ අත් ඔසවාවි
මගේ මුල් පලායාවි
සොයාගෙන වෙන බිමක්
එනමුත්
හැම දිනකම
හැම පැයකම
ඔබව මට උරුමව ඇති බව
බද්ධ ක්‍රෝධ මිහිර ඇතිව
ඔබට හැඟේ නම්
හැම දිනකම මලක්
මාව සොයා
ඔබේ තොල් මත නගී නම්
අහා.. මට හිමි අහා... මගේ ප්‍රේමය
මා තුලැති ගිනි
යලි මෝදු වේවි
නිවන්නට හෝ අමතක කරන්නට
කිසිත් නැත මා තුල
මගේ ප්‍රේමය
ඔබේ ප්‍රේමය පෝෂණය කරයි පෙම්බරව
ඔබේ තුරුලෙහි රැඳේවි
ඔබ ජීවත්වන තුරාවට
මගේ ප්‍රේමය හැර නොයා
ඔබට දන්වන්න
යමක්
කෙසේද යත් ඔබ දනී
මම බලයි නම්
මගේ කවුලුවෙන්
රත් පැහැ මන්ද සරා කලෙහි
සුපැහැදිලි සඳු දෙස.
මම ස්පර්ෂ කරමි නම්
ගින්දර අභියස
අස්පෘෂ්ඨ භෂ්මාව
නැතිනම් දර කොටෙහි
රැළි ගැසුණු දේහය
පවතින හැම දෙයක් මෙන්
මා ඔබට ගෙන යන
සුගන්ධය, එළිය, ලෝහය
මා එනතුරු බලා සිටින ඔබේ දූපත් දෙසට
යාත්රාු කරන
පුංචි ඔරුවල තිබිණි
දැන් කදිමය
ටිකෙන් ටික ඔබ මට
පෙම් කිරීම නතර කරයි නම්
මමත් ඔබට පෙම් කරීම
හෙම්හිට නතර කරන්නම්
එකෙනෙහිම
මාව ඔබ
අමතක කරයි නම්
මාව නොසොයන්න
එවිටත් මම ඔබව අමතක කොට තිබේවි
ඔබ උමතුවෙන් මෙන් බොහෝ කල්
හිතයි නම්
ලියූ වදන් සුළඟ
මගේ ජීවිතය තුලින් හමා යයි
එවිට ඔබ තිරණය කරයි
මගේ මුල් ඇති හදෙහි
වෙරළේ දී මාව හැරයන්න
මතක් කරන්න
එදින
එපැය
මගේ අත් ඔසවාවි
මගේ මුල් පලායාවි
සොයාගෙන වෙන බිමක්
එනමුත්
හැම දිනකම
හැම පැයකම
ඔබව මට උරුමව ඇති බව
බද්ධ ක්‍රෝධ මිහිර ඇතිව
ඔබට හැඟේ නම්
හැම දිනකම මලක්
මාව සොයා
ඔබේ තොල් මත නගී නම්
අහා.. මට හිමි අහා... මගේ ප්‍රේමය
මා තුලැති ගිනි
යලි මෝදු වේවි
නිවන්නට හෝ අමතක කරන්නට
කිසිත් නැත මා තුල
මගේ ප්‍රේමය
ඔබේ ප්‍රේමය පෝෂණය කරයි පෙම්බරව
ඔබේ තුරුලෙහි රැඳේවි
ඔබ ජීවත්වන තුරාවට
මගේ ප්‍රේමය හැර නොයා
Wednesday, July 12, 2017
නූතන කවිය (පරාක්‍රම කොඩිතුවක්‌කු)
සිංහල නව කවියේ වසන්තයක් උදා වී තිබියදී ගොඩගේ සම්මාන විනිශ්චයකරුවනට එය නියඟයක් ලෙස පෙනුණේ කෙසේද කියා තිඹිරියාගම බණ්‌ඩාර මහතා මෑතකදී ප්‍රශ්න කොට තිබිණ. අන් කිසිදු සාහිත්‍යාංගයකට වඩා ඉකුත් දශකයෙහි ලියලා මල් පිපීමක් හටගත්තේ කාව්‍ය සාහිත්‍යයෙහිය යන්න ප්‍රතික්‌ෂේප කළ නොහැකි ඇත්තකි. ඇතැම් ව්‍යාජ විචාරකයන් ඊට පිටුපා සිටීමද එබඳුම සත්‍යයකි. එබැවින් අපට නිගමනය කළ හැක්‌කේ නූතන කවිය විචාරයක් නැතිවම ලියලා යන රමණීය සාහිත්‍යාංගයක් කියාය.
ඉකුත් දශකයෙහි ලියෑවුණ කාව්‍ය බොහොමයක් තැන්පත්ව විමංසනයට හසුකර බැලීමේදී විස්‌සකට වැඩි ඒ මහඟු කාව්‍ය අතරින් රුවන් ත්‍රිකෝණයක් මට මැවී පෙනෙයි. ඒ අත් අකුරු මල්වඩම - නාරජ සහ වේ රජ හා පුරුෂෝත්තම යන කාව්‍යයන්ය. "අත් අකුරු මල්වඩම" ලියු අමිල තේනුවර හා "නා රජ සහ වේ රජ" ලියූ සුමින්ද කිත්සිරි අතිශය තාරුණ්‍යයෙහි කවි ඵලය නෙලූ නිමැවුම්කරුවෝ දෙදෙනෙකි. මේ කවීන් දෙපළගේ රචනා අද දවසේ ප්‍රකම්පනයෙනුත් වචනයේ අභිනව සංඝටනයෙනුත් අර්ථ රස පිරුණේ වෙයි. උදේනි සරච්චන්ද්‍ර 70 දශකයෙහි මොනිකා - බුද්ධි හා ගිය ගමනේ දී අපට හමුවූ කවියා ය. "සොල්දාදුවා සහ විජිතය" ඔහුගේ ප්‍රථම කාව්‍යයේ රශ්මිය එදා අප මුහුණට වැටුණා මතකය. මෑත භාගයේ දී "පුරඟන නැගණියෝ" ලියූ ඔහුගේ නවතම ප්‍රබන්ධය "පුරුෂෝත්තම" ය. මේ ලිවීම මගේ ඒ විඳීමයි. අමිල තේනුවර හා සුමින්ද කිත්සිරි ගැන වෙනම කතා කිරීමට අවශ්‍යය.
"පුරුෂෝත්තම" ප්‍රබන්ධයෙන් නික්‌මෙන්නේ දිගු ගමනකදී කවියාගේ ආධ්‍යාත්මය තුළ වැඩුණු සිතුමෙහි හා විඳුමෙහි ආලෝකයයි. කවියෙකුගේ දිවි සැරිසැරුම කෙතරම් පුදුමාකාර වන්නේද? සමාජය සමග වෙසෙන කවියාගේ පිටස්‌තරයාද ඔහුගේ සිතුම් ලොවෙහි බිහිවන ඇතුළාන්තයා යන දෙදෙනාගේ සහවාසය යෑයි ඔහුගේ කවිය නම්.
උදේනි සරච්චන්ද්‍රගේ කවියෙහි මා සුපැහැදිලිව දක්‌නා මුහුණුවරක් ඇත. ඒ මුහුණුවර අලුත්ය. අලුත් තරමටම පැරැණිය. අලුත් වන්නේ ඔහු වර්තමාන ජීවිතයාගේ හද බඳුනෙහි පත්ලටම අත් දමන නිසාය. පැරැණි වන්නේ ඔහු තම කාව්‍ය හස්‌තය ලෙලවමින් විහිදාලමින් ඒ ජීවන සාරයත්, සමාජ සාරයත් නෙළා ගන්නා සැටියෙන්ය. රීතිය හා බස විසින් කවියා පරිභාවිත කරන්නේ සම්ප්‍රදායානුගත එළිවැට සහිත හා රහිත මාත්‍රානුකූලව පිහිටවූ කාව්‍ය කෘතීන්ය. එමගින් ඔහු ජීවිත භූමිය අවලෝකනය කරන්නේ නවීන දෘෂ්ටියෙන් ආඪ්‍ය කවියකු ලෙසට ය.
සිය ගණනින් ලියෑවුණු ඒකාකාර මව්පිය වරුණ ගී කව් සියයට අනූවක් නීරස හෑලි බව අපි දනිමු. සිය මව්පියන් හා ගැටුම අද දවසේ ජීවත්වන සමාජ සත්වයකුගේ ජීව වේදනාවකි. නව ලෝකය හා දැනුම විසින් ඒ ගැටුම උපදවනු ලබයි. එහිදී කවියාට ඒ තථ්‍ය අප්‍රසන්න දිවි තතුව මඟ හළ නොහේ.
මෑණියන් සමග නිතියෙන
කෙස් වළලු පටලාගෙන
නිබඳව රණ්‌ඩු සරුවල් වන
ඔහු මටවිය පියාණන.
(පියා සිහිව)
මව්පියන් හා දරු සුතන් අතර පැවති පැවතිය යුතු ඒ පාරම්පරික ජීව බන්ධනය සංකීර්ණ සමාජ තලයෙහි ඉරිතලා ගොස් ජීවිතය පලුදු වෙයි. පවුල් සංස්‌ථාව පරමාදර්ශයක් නොවන තැන් කවියා දක්‌වන්නේ තම මව්පියන් අතර වූ ජීවිත කලහය ආවර්ජනය කරන යුවතියකගේ දෘශ්ටියෙන්ය.
පාසල් ගොසින් එන විට
හමුවෙයි ඔහු මගදි මට
තාත්තා දකින විට
සිහිව අම්මා, දුක දැනේ මට
දනව් වැස්‌සන්ගේ කඳුළු පිසලීමට කැපවී වැඩ කරන පරිපාලන නිලධාරිනියක වන ඇයට තම පියාගේ චරිතය සංතාප ගෙනේ.
ගැමි දන නඟා සිටුමට
කැපවී කරන සේවෙට
ගරු සරු අතක් මාහට
දුකින් මා හද පෙළෙයි හැමවිට...
බොරු රූපකාර්ථවලින් තොර මේ සරල රීතිය "ඉඳ ඉඳ එක වෙහෙර - විඳ විඳ දහම් මනහර" යන ගුත්තිලයේ එන සාම්ප්‍රදායික කවි සිරුර සිහිගන්වයි. දෙකේම ඇත්තේ එක්‌බඳු යටපත් වූ ශෝකයක කරුණා සීතල වනියක් නොවේද? වනි ගැන අල්පමාත්‍ර හැඟීමක් නැතිව සඳැස් නිසඳැස් ලියන තරුණ කවීන් සියක් දෙනාට මේ කවිවලින් උගත මනා දෑ බෙහෙවි. ඉහළ සමාජ තලයකට ගිය අර තරුණියගේ රහස්‍ය වේදනාව ඇගේ බුද්ධිමත් චරිතය නිසා වඩාත් අපට මුවහතින් දැනී යයිá
අමිල තේනුවරගේ "තාත්තා" පද්‍ය රචනය තුළද ඇත්තේ ඒ තියුණු දිවි දුකමය.
අමරණීය රිදුමක් පපු කැනැත්තේ
නුඹේ නමින් තියෙනව මගෙ තාත්තේ
කාසි බාගෙ ගේ දොර මට නොමැත්තේ
මේක තමයි නුඹ දුන් මගෙ ආත්මේ
දිළිඳු පුත්‍රයාට තාත්තා උරුම කළ දෙයක් නැත. ඔහු හිස් අතින්ය. ඔහු සතුව ඇත්තේ සිය පියාගේ අහිංසක ආත්මය විතරය. ජීවිත වියවුලකට පත්ව සිය දිවි තොර කරගත් සිල්වියා ප්ලැක් නම් (1963) එංගලන්තයේ විසු ඉංග්‍රීසි කිවිඳියගේ 'DADDY'යන කාව්‍ය ප්‍රබන්ධය නිරූපනය කරන්නේද දූදරු මාපිය ගැටුම්වල ඛේදවාචකයයි.
තාත්තේ මට නුඹව මරා දාන්නයි තිබුණෙ
මට ඊට වෙලාවක් නොදීලම නුඹ මැරුණෙ
උන් නුඹව වළලද්දි මට වයස දහයක්‌ය
වයස විස්‌සෙදීමයි මට මැරෙන්නට සිතුණෙ
ඇය ඒ කව අවසන් කරන්නේ.... තාත්තේ තාත්තේ පාහරයෙක්‌ය නුඹ යනුවෙනි.
මියගිය මිතුරාගේ දියණිය දෙස බලන අප කවියා තුළ ඇය ගැන පිය ස්‌නේහ ජනිත වන ආකාරය කවකින් කියෑවෙයි. පියා සමාජ තරුවකි. දියණියද එසේම බබළයි.
සියක් මිතුරන් මැද
ඔබ පියාණන් සිටියදී
ඉන්ද්‍ර‚ලයක් පරිදිව
ඔහු පෙනුණි මට නිබඳව
පියකරු දියණි පින්බර
විධායක තනතුරක් හොබවන
යනෙන කල හිණි මගේ ඉහළට
සතුටු වෙමි මම පියකු විලසින
උදේනි සරච්චන්ද්‍රගේ කව් ගැබෙහි සිටින චරිතයෝ, පිටස්‌තරයෝ දෙපා නොලද්දෝ නොවෙති. පාඨකයාගේ දිවි හසරට රැස් කැළුම් විහිදන වර්ණවත් ස්‌ත්‍රී පුරුෂයෝය. තම චරිතවලට වග නොකියන, චර්යා ධර්මයෙන් තොර කළකිරීමෙන් දිවි නසාගත් බොහෝ බටහිර ලේඛකයන්ගේ නාස්‌තික වාද කරගසා ගත් මෙරට ඇතැම් අනුකාරකයන්ද කෘතිය තුළ ලේඛකයා මියයන්නේය යන සංකල්ප අනුව සාහිත්‍ය විචාර ලියන්නට පටන් ගත්තේ නූතන සාහිත්‍යයේ ගමන් මඟ කුරෝලු කර දමමින්ය. එලොව මෙලොව දෙලොවට වැඩ නැති විකෘති සාහිත්‍යකට මඟ පාදමින්ය. උදේනි සරච්චන්ද්‍රයන්ගේ කාව්‍ය චරිතයා ජීවන සන්තුෂ්ටියෙන් යුතුය. සමාජ වගකීමෙන් යුතුය.
ගෙවමින් කන්තෝරුවේ උදය ද සවස
විස¹ නොයෙක පැන පොදු යහපත පිණිස
ගම්බිම් නඟා සිටුවෙමි විඳිමින් වෙහෙස
සිහිපත් කරමි හද පිරි සතුටින් මෙලෙස
අඳුර දුව විත් සෙමෙන් අසයි මගෙ කණට කර
හුදෙකලා පාළුවේ සිටින්නේ කෙලෙස ඔබ
ජීවිතයේ නිසි අරුත් දුටුව මිනිසකු විලස
කම්පා ප්‍රකම්පා නෙවන්නෙමි කිසි කලෙක
(හුදෙකලාව - යාම ඊම)
පෙරදිග මෙන්ම බටහිර සාහිත්‍යයේ ද විශිෂ්ට කෘති විමසා බලන්නෙකුට මෙම "චර්යා ධාර්මිකත්වය" ගැඹුරු තලයේ දී හමුවෙයි. ජීවිතය සමාජය පිළිබඳ පහන් සංවේගය දැනවීම නිර්මාණකරුවකුගේ උත්තම අභිලාෂයක් ලෙස ඉන්දීය සාහිත්‍ය විචාරවේදයෙහි දැක්‌වෙයි. උදේනි සරච්චන්ද්‍ර නිරූපනය කරන්නේ සුළුÊමිනිසා වෙනුවෙන් තිරසරව වැඩකළ රාජ්‍ය නිලධාරියකුගේ අවංක කථනයයි. ඔහු විඳින ආනන්ද මාත්‍රයයි.
1931 දී සර් තෝමස් ලෙස්‌ටර් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා මෙරට ආණ්‌ඩුකාරයකුව සිටියදි කෙන්ට්‌හි ලීඩ්ස් මන්දිරයේ ආකෘතිය අනුව හපුතලේ ඉදිකළ ඇඩිසන් මැඳුර කවියෙන් සිතුවම් කර ඇත්තේ පෞරාණිකත්වයේ විභූතිය මූර්තිමත් කරන කවියකු පරිද්දෙනි. මාක්‌ස්‌වාදී දෘෂ්ටියෙන් බලන්නකුට නම් ඔහු තුන්වන ලොව සූරාකෑ අධිරාජ්‍යවාදියෙකි. එහෙත් උසස් කවියකුගේ දැක්‌ම දේශපාලන දෘෂ්ටියට ඉහළින් ගමන් කරන්නකි. ඔහු තුන්වන හතරවන මානවලට පිවිසෙන්නෙකි. කවියා මේ මැදුර දකින්නේ ගිරි හිසෙක මීදුමින් වැසුණු අභිරම්‍ය ගුප්ත විමානයක් ලෙසින්ය.
එංගලන්තෙන් ගෙනා ඕක් ලී කඳන් හැම
දුම්රියෙන් රැගෙන විත් පාරතොට නොමැති වුව
සීතලෙන් මිදෙන්නට රෑ කල්හි ගත පෙළන
සුළං කපොළුව තුළින් කළා උණුසුම් උදුන
ආලේඛ චිත්‍රයෙකි මැදුර මහ සාලයෙහි
සිතුවමට නැගුණි සර් තෝමස් ලෙස්‌ටර්හු
හැඟුම්බර චිත්‍රයක් වීය කිසි දින නොදුටු
දෙනෙත් හරා බලයි අප යනෙන හැම විටදි
(විස්‌කමක අරුමය)
සර් අයිවො ජෙනිංග්ස් දිවි කැපකොට එදා මනෝහර පේරාදෙණි විශ්වවිද්‍යාලය ගොඩනැඟුවා සේ එංගලන්තයේ අනුරුවක් අනුව මෙහි මෙම පරමාකර්ශනීය මැදුරක් තැනූ ඉංග්‍රීsසි ජාතිකයා දෙස කවියා බලන්නේ බටහිර මහාර්ඝ ගෘහ නිර්මාණ ප්‍රඥව උදෙසා ස්‌තෝත්‍රයක් ගයන ගායකයකුගේ විලාසයෙන්ය. මේ කව හා සමතැන් ගන්නා මේ වර්ගයේ අනෙක් කව් පබැඳුම වන්නේ නන්දන වීරසිංහ කවියා රචනා කොට ඇති "බ්‍රොaහියර්Êදසුන" නම් සුන්දර රචනාව පමණි.
"පන්තියේ මිතුරා" පද්‍ය නිර්මාණයද උදේනි සරච්චන්ද්‍රගේ සමාජාවේක්‍ෂාවට යටින් දිවෙන ගැඹුරු මානවීය වාදය පළ කරන්නකි. උස් අසුනකට පත්ව සිටින පරිපාලන නිලධාරියාගේ ලිපිකරුවා ඔහු හා බාල වියෙහි සිට එකට ඉගෙන ගත් මිත්‍රයාය.
එකත්පස්‌ව ලිපි ගොනුවක් අතැතිව
"සර්" කියා මා අමතන බැතියෙන
"ගුණේ" නොවෙද මේ මාගේ සුමිතුරු
බාල වියේ එක පංතියෙ සිසු වූ
එහෙත් නිලධාරියාට ඔහු තාමත් තමාගේ සුහදයාමය.
පැන විසඳන නුවණින් පිරිපුන් ඔබ
කිම ලිපිකරු වී අද මා අබියස
එකකු නිලධාරියකු වන්නත්, ඒ හා දක්‌ෂයකු ලිපිකරුවකු වන්නත් සමාජ ක්‍රමය පමණක් නොව පෞද්ගලික මෙන්ම තර්කය ඉක්‌මවූ තවත් කාරණාද හේතු විය හැකිය. එහෙත් සිය මිතුරා සතු බුද්ධි ශක්‌තිය නිලධාරියා අගයයි.
මිතුදම් සුරැකි පවතිනු නිසැකව
බිතු සිතු රූ මෙන් පිටුපා නොගොසින
මොනිකා රුවන් පතිරණ "දිසාපති කාමරයේ දී" දුටුවේ බොරු මානයෙන් සිත වණයක් කරගත් එකෙකි. උදේනි සරච්චන්ද්‍ර කවියා පිළිබිඹු කරන්නේ එකම අත්දැකුමක වෙනස් මානයකි. මෙය උසස් කවීන් දෙදෙනකු සතු අනන්‍යතාවයේ මෙන්ම දෘශ්ටිමය විවිධත්වයේ පොහොසත්කමයි.
නූතනයාගේ සංකීර්ණ ජීවිත අඩවිය අවලෝකනය කිරීමේ න්‍යාය පත්‍රයක් වත්මන් සමාජය විසින් සෑම නූතන කවියකු අතම තබනු ලබයි. අද ලියන කවියකුගේ පැවැත්ම තීරණය වන්නේ එම සාධකය අනුවය. විශිෂ්ටතර සාහිත්‍යධරයකු වන ගුණදාස අමරසේකරගේ ගද්‍ය සාහිත්‍යය ලද සමාජ පැවැත්ම කවියේදී ඔහු කෙරෙන් අද ගිලිහී යන්නේ ඔහු විසින් සාවද්‍ය තර්කනයකින් එම සමාජාර්ථය පිටුදක්‌නා ලද නිසා බව අද මැදහත් රසිකයාට වටහාගත හැකියි.
"කවිය හද බසකි. එය හද අමතන්නක් මිස අනෙක් සාහිත්‍යාංගයක් මෙන් බුද්ධිය අමතන්නක් නොවේ. කවිය සමාජ යථාර්ථයෙන් දුරස්‌ථ ශුද්ධ සාහිත්‍යාංගයකි..." යනුවෙන් ඒ මහතා ගොඩනැඟීමට තැත් දැරූ විචාර සංකල්පනය කාව්‍ය ඉතිහාසය විසින්ම බැහැර කරනු ලබන්නක් වීය. කවිය හද බසක් පමණක් නොව "හද මනැස් බසක්" බවත්, කවිය තුළ දාර්ශනික භාවාත්මක ක්‍රියාන්විතයක් මෙන්ම සමාජ මෙහෙයුමක් ඇති බවත් වත්මන් දෙස් විදෙස් කාව්‍ය සාහිත්‍යයෙන් දෘශ්‍යමාන වේ. මෑතකදී ඉකුත් සියවසේ ඉංග්‍රීසි කවි දහසකින් සමන්විත බටහිර මහා කාව්‍ය ස ංග්‍රහයක් පළ කෙරුණේ "සියවස කැණීම" (SCANING THE CENTURY) යන ග්‍රන්ථ නාමයෙනි. දැනුම් කම්පන ජාලයක් තුළ නිවස නූතනයා ගේ ජීවිතය භාවේන්ද්‍රිය මෙන්ම බුද්ධීන්ද්‍රිය ද සමග්‍ර වු ක්‍රියාවලියකි. එබැවින් කවියාට සමාජ සංස්‌පර්ශයෙන් වියෝ විය නොහේ.
"බුද්ධිය හා භාවය, තර්කය හා හැඟීම් මනා ලෙස සංකලණය වී තිබීම" උදේනි සරච්චන්ද්‍රගේ කවියේ විශිෂ්ටත්වය ලෙස විමල් දිසානායක සඳහන් කරයි.
"බුද්ධිය හා හදවත අෙන්‍යාන්‍ය පරිපෝෂකයන් ලෙස එක්‌වූ විටය උසස් කාව්‍ය නිර්මාණය වන්නේ හදවත විනිවිද දැකීමට බුද්ධියත්, බුද්ධිය විනිවිද දැකීමට හදවතත් සමත් වන අයුරින් කාව්‍ය රචනා කිරීමට උදේනි සරච්චන්ද්‍රයන් දරා ඇති ප්‍රයත්නය සාර්ථකව තිබේ. (විමල් දිසානායක)
"පුත්‍ර ස්‌නේහය" මෙම හද මනැස් ආමන්ත්‍රණයට මහඟු නිදසුනකි. සයිබර් අවකාශයෙහි සැරිසරණ බුද්ධිමත් ජීවියා සිය උපන් ගෙදරට එන්නේ ඔත්පලව සිටින අම්මා දැකීමටය. ඒ සඳහා ඇත්තේ මඳ අවකාශයකි.
අහස් දුර ගෙවාගෙන පැමිණි කල මව්බිමට
නාදවෙයි ටෙලිපෝන් සෙල්ටෙල් ද පේපර් ද
රේඩියෝ පුවත්පත් නොයෙක වාහිනි සමග
සංලාප සංවාද හමුවලට දින ගන්ට
එහෙත් නවීන පුත්‍රයාගේ ආධ්‍යාත්මය අහෝසි වී නැත.
සිහිවේය මෑණියන් කියා දුන් "සකස්‌කඩ"
"ප්‍රත්‍යශතකය" තවත් හඬ නගා කියත හැක
තාක්‌ෂණය බිහිකළ ලෝකය මිනිස් ආත්ම වඩ වඩා හමුකරවයිද? වියෝ කරවයිද? පිළිතුරු නැති පැනයකි.
දුරු රටක වසන මුත් නේක සම්පත් ඇතිව
දුකඳුරක දී ගිලී ඇත සොවිනි හද නිරතුරුව
මෑණියනි හැඳින්නෙමි පුතු සෙනේ හද පිරුණ
ඔබ අසල වැතිර හිඳ සිහි කරමි පෙර දවස
මෙය අතීත කාමයක් නොවේ. පෞරාණික ජීවන සොඳුර නූතන දෘශ්ටියකින් දැක ගැනීමත්, ඒ නිරූපන කාර්යය උදෙසා සාම්ප්‍රදායික කවි බස හා ආකෘතීන් එහි සීමාවලට ඉහළින් ධව්නි පූර්ණව නිපදවා ගැනීමත් උදේනි සරච්චන්ද්‍රයන් ජයග්‍රහණය කළ නූතන අභියෝගයන්ය. ඔහු බස හා දෙවැනි අරගලයකට යන කවියෙක්‌ද නොවේ. ඒ සියල්ලටම වඩා උදාර නිර්මාණකරුවකුගේ මැදිහත්වීම පැහැදිලිව පසක් කරගත හැකිය. ඒ කුමක්‌ද?
විශිෂ්ට නිර්මාණකරුවා පළමුකොට තම කලාවටද, දෙවනුව තම ජන සමාජයටද කැප වූවෙකි. .
Sunday, July 9, 2017
සමහර මතකයන් සමග 'සමහර කමටහන්'...(පාඨයකාගේ පිටුව: ලක්ශාන්ත අතුකෝරල )
ලක්ශාන්ත අතුකෝරල : සමහර මතකයන් සමග 'සමහර කමටහන්' කියැවීමක්
ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලයේ 1996 කලා අංශයෙන් බිහි වූ මෙරට විශිෂ්ට කලාකරුවන් දෙදෙනෙක් සිටිති. ඒ, සංජීවී සෙනෙවිරත්න සහ ලක්ශාන්ත අතුකෝරල
ය. සංජීවී, දියසායම් සිතුවම් කලාවෙහි ස්වකීය සුලකුණ සනිටුහන් කළ තරුණ
සිත්තරෙකි. ලක්ශාන්ත, සිංහල කවිය තුළ ස්වකීය සුලකුණ සනිටුහන් කළ රාජ්‍ය
සම්මානලාභී තරුණ කවියෙකි.
ලක්ශාන්ත බණ්ඩාරනායක විද්‍යාලයේ උගනින
අවධියේ පටන් ම සාහිත්‍ය නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ තැනක සිටියේ ය.
පාඨශාලාන්තර සාහිත්‍ය නිර්මාණ තරගවලින් ජය ලැබූවන් අතර පළමු තැන නිතර ම
වෙන් ව තිබුණේ ලක්ශාන්තට ය. විද්‍යාලයීය නිර්මාණ පර්ෂදයේ බිත්ති
පුවත්පතෙහි ඔහුගේ කාව්‍ය නිර්මාණ නිතර පළ වී තිබූ වග මතක ය. ඒවාහි
නිර්මාණාත්මක ගුණය සමවයස් ශිෂ්‍ය මට්ටම ඉක්මවා තිබිණි.
බණ්ඩාරනායක විද්‍යාලයෙන් 1993 වසරේදී
'සිල්ප දෙනුමැයි' නමින් ත්‍රෙෙමාසික සඟරාවක් පළ කිරීම අැරඹිණි. එහි මංගල
කලාපයෙහි ''සැඳෑ විල්තෙර'' මැයෙන් ලක්ශාන්තගේ කවි පංතියක් පළවී තිබිණි.
මේ ඒ අතරින් කවි දෙකකි.
''පිණි කැට විසුළ තණ පත් වැලි ගොඩැලි වල
නිරතුරු වදී මඳ පවනෙහි සුමට දළ
දිය මතුපිටට පැන අාකාසයෙහි නිල
තම පැහැයෙන්ම සරසයි මේ සුනිල විල
සුදු මීදුවක් වන් කැටි වුණ කැරළි වළා
වැව සහ අවට නරඹයි පැත්තකට වෙලා
තුරුවැල් - ඉදුණු ගෙඩි හෙමිහිට බිමට හලා
වට පිට සුළං එලවයි, අතුපතර සළා''
ලක්ශාන්ත අ.පො.ස. (උ/පෙළ) සඳහා
තෝරාගත්තේ ගණිත විෂය ධාරාවයි. නමුත් මාස දෙකකට පමණ පසුව ලක්ශාන්ත ගණිත
අංශයට 'අායුබෝවන්' කියා කලා අංශයට පැමිණියේ ය. තමන්ගේ භූමිකාව ගොඩනඟා
ගත හැකි ක්ෂේත්‍රය කුමක් ද යන්න ඔහු නිවැරදි ව හඳුනාගෙන තිබිණි. එ්
තෝරාගැනීමෙහි තාර්කික ප්‍රතිඵලය වූයේ ඔහු 1996 වසරේ උ/පෙළ විභාගයේදී
කලා අංශයෙන් A4ක් ලබා ගැනීම ය. ඉන්පසු ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නීති
පීඨයට අැතුළත් විණි.
මේ සටහන් කළේ හරියටම අවුරුදු 20කට එහා අතීතයකි.
අ.පො.ස. (උ.පෙළ) අවධියෙන් පසු ගෙවුණු
විසි වසරක කාලය තුළ මට ලක්ශාන්ත මුණ නො ගැසිණ. එහෙත් පුවත්පත් කවි පිටුවල
ද, කාව්‍ය සංග්‍රහයන්වල ද ඔහු හමු විණ. මේ දිනවල ඔහු මට නැවත හමු වී
අැත්තේ ඔහුගේ අලුත් කාව්‍ය සංග්‍රහය වන ''සමහර කමටහන්'' කෘතියෙනි.
කවීහු
සාමාන්‍යයෙහි වන අසාමාන්‍යය දකින්නෝ වෙති. එය වහා හඳුනාගන්නෝ වෙති.
ඉනිදු නො නැවතී එය කවියක් ලෙස ප්‍රතිනිර්මාණය කොට සහෘද සමාජය වෙත
පිරිනමන්නෝ වෙති. බොහෝ වුන්ට නෙත නො ගැටෙන, නෙත ගැටුන ද එහි වන ඉසියුම්
විශේෂතා නො දැනෙන, එහෙයින් ම එය සාමාන්‍යය සේ සලකා තමන්ගේ සුපුරුදු සංසාර
ගමන යන පෘථග්ජනයින් අතර ලක්ශාන්ත අපට හමුවන්නේ
නැත. ඒ වෙනුවට සාමාන්‍යය තුළ වන අසාමාන්‍ය විශේෂය, අන්වීක්ෂ අැසකට පෙනෙන
ඉසියුම් ගුණය වහා හඳුනාගන්නා ලක්ශාන්ත, අපගේ සංසාරික ගමන මොහොතකට
නවතාගෙන අප එතෙක් නො දුටු, ඔහු පමණක් ම දුටු ඒ විශේෂතාව සමග 'සුන්දර
රස්තියාදුවක' යෙදෙන්ට අපට අඬගසයි. ඊට පිටුපා යා නො හේ. 'මල් ලැදි තැනට මල්
පූජා වේද මලේ' යනු එබඳු ඉසියුම් ගුණය හඳුනාගත් කවියකි. ඒ කවියේ අවසාන
පද මෙසේ ය.
''හොරෙන් හිනැහී බලන
මලක් දෙමලක් තිබෙයි
මළ ගෙයක දෙණ අසල
දකිමි මම හඬා වැටෙනා මලක්
සුබ පැතුම් මල් පැසක''
ලක්ශාන්තගේ කවිවල හමුවන ළතෙත් බව ඔහුට
වඩාත් අනන්‍ය ගුණයකි. දැවැන්ත යකඩ ගොඩක් දෙස පවා සංවේදී, හෘදයාංගම
අැසකින් බලන්නට ලක්ශාන්තගේ කවි අැස තියුණු ය; දයාර්ද්‍ර ය. ''වෙහෙසෙන
එන්ජින් හදවත් දුටුවද සැහැල්ලු කුරුල්ලනේ'' යන මැයෙන් වන කවියෙහි එකී ගුණය
නො මඳ ව දක්නා ලැබේ.
''දැවැන්ත දුම්රිය අැදගෙන
සද්දන්ත යානාව ඔසවගෙන
පෙරට පෙරට යන විට
මහන්සි අැති එන්ජින‍්වලට
නොනැවතී ගැහෙන හදවත්වලට
මීදුම් රේන්දෙක පැටලි පැටලී
වලා හිම කැදලි තුළ කිමිදී
සැමදාම යන ගමන
සිසිල තැවරෙන - හිරිගඬු කිති විසිරෙන
සෞන්දර්යයකැයි කියාවි
දුරින් සිට බලන ඔබ
එහෙත් අැතුළත
කළු කුඩු පොඩිවෙයි
ග්‍රීස් තාවර අැඹරෙයි
දුම් වැවෙයි - තෙල් ගඳ උනයි
විවේක කුටියෙන් මෑත්ව
බලන්න අැවිදින්
සදාකල් හඬයි එන්ජින්
අපා දුක් විඳියි හදවත්
පුළුන් අහුරු බඳු බටිත්තන්ට මෙන්
චෙරි ගෙඩියක හොට ගසා
පිනි බිඳිකින් තෙමෙන්නට
ඉස්පාසුවක් නොමැත
දුම්රිය හදට - යානා හිතට
එහෙත් කෙළිලොල් බටිත්තන් දන්නවද
උද්‍යානයේ මල් අතර
එහෙට මෙහෙට ඉගිල්ලෙන
පුළුන් කුරුල්ලන් දන්නවද
බර අැදගෙන - බර ඔසවගෙන
යළි යළිත් ඒ යාන්ත්‍රික හදවත්
දුවන බව බාෙහෝ දුර''
ලක්ශාන්තගේ
කාව්‍ය නිර්මාණයන්හි හමු වන්නේ මෙරට පැරණි හා තරුණ කවීන්ගේ කවි මඟට
වෙනස් කාව්‍ය ව්‍යවහාරයක් යැයි මට සිතේ. එසේ ම ලක්ශාන්ත ගමන් කරන්නේ
කවියේ දුෂ්කර හා අපූර්ව දුර්ග මාර්ග ඔස්සේ බව සඳහන් කළ යුතු ම ය. තරුණ
කවීන් බොහෝ විට මඟහැර යන 'සඳැස් කවිය' නමැති දුර්ග මාර්ගය තුළ ලක්ශාන්ත
පියවර නඟන්නේ, අප පෙර නො දුටු විරූ දර්ශන අප අභිමුව මවාලමිනි. ඒ දුර්ග,
දුෂ්කර මඟෙහි ඔහු පාන පෙළහර එක රැයක ප්‍රාතිහාර්යයක් නො වේ. පාසල්
අවධියේ
සිට ම ඔහු අනුදත්, විශේෂයෙන් ම ඔහු ඒ ඉපැරණි අවධියෙහි ලියූ 'කවිකතා' මේ
අනාගත දුෂ්කර දුර්ග තරණයෙහිලා ඔහුට අවැසි පූර්ව අභ්‍යාසය හා පුහුණුව ලබා
දෙන්නට අැතැයි සිතමි. ''මළානික බිං කළුවරක් සහ ජීවිතාශා බැබළුමක්'' නමැති
කවිය, ඔහුගේ සඳැස් දුර්ග තරණය තුළ තදින් මසිතේ අැනුණු කවියකි.
''සිඳෙන ගඟක මෙරු තටුවක පර මලක
අනිත්‍යයේ සලකුණු දකින මොහොතක
හැපුණිද සිත ගොසින් සෝ සිතුවිලි තෙරක
පාළු මනෝ දූවක - දුරු ඉසව්වක
මාන - ඊර්ෂ්‍යා - මද රැඳි මනස පිට
පැතුම් පිපෙයි දිවි කල් තුන හතරකට
අප හා හෙමින් අැවිදින් යන්නට නොසිට
කාලයෙ ජවධි තුරඟා දිව යයි පෙරට
සුදු ගුඩු නිහඬ දුක වැකි මළ ගෙවල්වල
සව් කොළ කැබලි - සැරසිලි වැනිය පණ නල
දෙණ ළඟ තබන පළඳන ඉසින මල් වැල
පැතුම් රැසය මිය යන විටම අත් හළ
සොවින් මිදුණ ලේ ඕජා මධු ඔඩම
හැලී ගියා දෙන් මේ සාදය තුළම
පල් දිවි දියේ - ගැඹරේ පැහෙන අතරම
නව ජල ඕඝ වස්සානෙක සරමි මම
දුඹුරු ඉපල් කටුසර වදුලෙන් දුරුව
මලක් හැලේ නම් පොළාෙවට යුහු යුහුව
සුළඟේ අැලී කෙළෙසී යන්න පළමුව
මම එය තබමි පුදසුන් පෙළට නුදුරුව
අතැර තිමිර දුම ඉහිරෙන රජ දහන
මිදී රාත්‍රියෙ අඬු අතරින් පැමිණ
සොයමි ඉරක පහනෙළි උණුසුම් සරණ
බදා ගනිමි කිටි කිටියේ උදෑසන''
වර්තමාන තරුණ කවීන්ගේ කවි තුළ සේකර,
රත්න ශ්‍රී, රණවීර යන කවීන්ගේ සෙවණැලි පදාස අපට බොහෝවිට හමුවෙයි. නමුත්
ලක්ශාන්තගේ කවි තුළ ඔහු ම මිස අන් කිසිදු කවියකු හමු නො වේ. (පාසල්
අවධියේ මිතුරන් අතරදී ඔහු 'අපේ කාලයේ සේකර' යනුවෙන් හැඳින්වුණු බව මතක
ය.) එය ඔහුගේ ලකුණ ය ; ඔහුගේ අනන්‍යතාවය ය. ඔහුගේ '' යාළුවන් උපදින තුරු
පසු බසින් පුංචි මාළුවෝ'' නමැති කවියෙහි වන මෙම පැතුම තුළ කියැවෙන
බොහෝ දේ තිබේ.
''මේ අසිරි පතුළෙන්
අසල්වැසි ගුල් සහසින්
පිටව පැටවුන් නුඹ වන්
රෑනක් හැදුණු දවසට
යා හැක එක්ව සටනට''
ලක්ශාන්තගේ 'සමහර කමටහන්' හි කවි මාතෘකා ද
'කවි' වැනි අපූර්ව ස්වභාවයකින් යුතු ය. එය සිංහල කවියට නවමු 'මාතෘකා
අාකෘතියක්' හඳුන්වාදීමකි. මේ බලන්න.
''සුමිතුරේ ඔබ දහවලේ වැහි පොදක් සේ''
''කඳු මුදුනේ අකුරු වැස්ස රෝද තුනේ වන්දනාව''
''කඩා වැටුණු කළු අහසේ ශේෂ තරු කැටේ''
''සිහිවටන සිහිනයේ හඹා එන සිහිනි හඬ''
එබඳු අපූරු කවි මාතෘකා කිහිපයකි. මෙබඳු පද
ගැලපුම් හුදු වචන බාස්ලාට කළ හැකි සරල කාර්යයක් නො වේ. එහි අැත්තේ
භාෂාවේ නිර්මාණාත්මක ගුණය පිළිබඳ අනවරත හෑදෑරීමක අස්වනු ය. භාෂාව තම
නිර්මාණ අභිලාෂය උදෙසා යටත් කරගැනීමට සිදු කරන අනවරත අරගලයක ජයග්‍රහණයන් ය.
විටෙක මාතෘකාව පමණක් වුව කවියක් ලෙස විඳින්නට සිතෙන තරමට ඒවා අපූර්ව ය.
අැතැම් කවීන්ගේ කවි කියවන විට සහෘදයකු
ලෙස මා හට දැනී අැති දෙයක් නම්, ඒ සමහර කවි කෙටි වූවානම් අගෙයි කියා ය.
නමුත් ලක්ශාන්තගේ කවි කියවද්දී සහෘදයකු ලෙස මා හට දැනී අැත්තේ සමහර කවි
තව දිගු වූවානම් අගෙයි කියා ය. ඒ ඔහුගේ කවි තුළ හමුවන අපූර්ව අත්දැකීම්
විවරණ, භාෂා රටා සහ සුසංයෝග වෙතින් දැනෙන 'රහට හිතන ගතිය' නිසා ය.
පාඨකයාගේ පිටුවෙන් හමු වූ වටිනා ලියමනකි
- Prabath Chinthaka Meeg
Wednesday, July 5, 2017
Saturday, July 1, 2017
කෝකියා
තරු වඩින හින්දා ම
පොළොවට ම බර වුණා
තරු නිතර වඩින සඳ
දෙව් ලොවක සිරි ගෙනා
රති විරති පස ඉඳුර
සැනසුමෙන් සැනසෙනා
බලධාරි අවන්හල
මොනරුන් ට හිනැහුණා
පැනි රසට මිරිස් කන
තනි කමට පිරිස් එන
කකා කී කතා මැද
උසස් කුස් පුරවනා
තරු නොමැති කතාවක
චරිත අමතක වුණා
දැලි නොදුටු ගිනි අසල
සුදු වතින් සැරසුණා
යනෙන සඳ තරු අසල
රස නහර පිනවනා
ඇසුවේද කවුරුවත්
කෝකියා කෝ කියා ???
-තාරිකා තත්සරිණි -
Subscribe to:
Posts (Atom)
පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ
චණ්ඩතම හිරු මකන විමනේ මණ්ඩපය ගිනි ගත්ත සයනේ කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ බන්ධනය වැදි රජක සරණේ ගනු කඩුව ඇන මරනු සැණෙකින පංච ශීලය රකින වැද...
-
සිංහල නව කවියේ වසන්තයක් උදා වී තිබියදී ගොඩගේ සම්මාන විනිශ්චයකරුවනට එය නියඟයක් ලෙස පෙනුණේ කෙසේද කියා තිඹිරියාගම බණ්‌ඩාර මහතා මෑ...
-
නිර්මාණාත්මක සන්නිවේදනය - 02 සිංහල ගීතයේ සන්නිවේදන ලක්ෂණ මිනිසා සතු මූලික අවශ්‍යතා රාශියකි. ආහාර , නිවාස ,...
-
චිත්‍රපට වර්ගීකරණය ( Genre / ශෝනර ) යථාර්ථය යනු අසම්පූර්ණ විශ්වයකි. යථාර්ථයේ ඇති සංඝටක අතර ඇත්තේ කවරාකාර සම්බන්ධයක් ද , ව...